ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් අලව්වේ දී පැවති ජන රැලියේදී තමනට හූ කිව්වේ බීමතින් එවන ලද පිරිසක් බව ශ‍්‍රීලනිප පාර්ලිමේන්තු මන්ත...
තමන්ට පමණක් නොව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාටද එම හූ කියූ බවත් අවසානයේ ඔහුද අතරමඟ නැවැත්වූ බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.
එසේ කටයුතු කරනු ලද්දේ විස්සක 20ක් පමණ සුළු පිරිසක් බවත් ඔවුන් සැලසුම් සහගතව අරක්කු පොවා එතැනට ගෙන්වා තබා තිබූ බවත් එම පිරිස ජන හමුව අවසන් ආරම්භයේ සිට අවසානය දක්වාම කෑගැසු බවත් තමන් කතා කරද්දී ද එම කෑගැසීම පවත්වාගෙන ගිය බවත් මන්ත්‍රීවරයා කියා සිටියේය.
මෙම කටයුත්ත පසුපස සිටින්නේ ඊළඟට පාර්ලිමේන්තුවට ඒමට බලාපොරොත්තුවෙන් සිටින අය සහ පළාත් සභා යාමට බලාපොරොත්තුවෙන් සිටින අය බවද ඔහු පැවසුවේය.
මන්ත්‍රීවරයා මෙම අදහස් පල කරන ලද්දේ හෙට්ටිපොලදී පැවති ජන හමුවක් අමතමිනි.
COMMENTS