ර ටක නායකයකු සෑම විටම ජනතා හඬට සවන්දීම වගේම මිනිස් ජීවිතවලට ඉහළ අගයක් දෙමින් කටයුතු කරන අතරේ මනුෂ්‍යත්වයට හා මානව හිතවාදයට ප්‍රමුඛත්වය ලබාද...
රටක නායකයකු සෑම විටම ජනතා හඬට සවන්දීම වගේම මිනිස් ජීවිතවලට ඉහළ අගයක් දෙමින් කටයුතු කරන අතරේ මනුෂ්‍යත්වයට හා මානව හිතවාදයට ප්‍රමුඛත්වය ලබාදී කටයුතු කළ යුතු බවත් එය තම ප්‍රතිපත්තිය බැවින් දැනට ලබාදී ඇති මාධ්‍ය නිදහස ප්‍රමාණවත් නොවන බවට තමන් තුළ ඇති විශ්වාසය නිසා ලබන 16දාට පසුව දැනට ඇති මානයෙන් ඔබ්බට විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය නිදහස පුළුල් මට්ටමින් ලබාදීමට කටයුතු කරන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කරයි.
පවත්නා මාධ්‍ය නිදහසට යම් අගයක් වටිනාකමක් දෙනවාද, එසේ නැත්නම් එක් පුද්ගලයකුට එය පවරා දී කර්තෘවරුන්ට බලපෑම් කර ප්‍රවෘත්ති සිරස්තල මන්දිරවලින් නිකුත් කිරීමට කටයුතු කරනවාද යන්න අද මාධ්‍ය නිදහස අත්විඳින මාධ්‍යවේදීන් ප්‍රඥාවෙන් යුතුව සලකා බලා ගතයුතු තීරණයක් බවද අමාත්‍යවරයා අවධාරණය කරයි. බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේදී ඊයේ (12දා) පැවැති ප්‍රජාතන්ත්‍රවාදී මාධ්‍ය වෘත්තිකයන්ගේ සමුළුව අමතමින් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා මෙම අදහස් පළ කළේය.
මාධ්‍යවේදීන් විශාල පිරිසක් සහභාගි වූ මෙම සමුළුව අමතමින් සජිත් ප්‍රේමදාස මහතා මෙසේද ප්‍රකාශ කළේය. ‘රටක ජනමාධ්‍ය මා දකින්නේ එම රටේ ප්‍රජාතන්ත්‍රවාදය සුරකින සිවුවැනි කුලුන ලෙසයි. ව්‍යවස්ථාදායකය, විධායකය, අධිකරණය හැරුණු විට ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂිත කරන්නේ ස්වාධීන, නිදහස් මාධ්‍ය වන සිවුවැනි ප්‍රවාහයයි. මෙවර ජනාධිපතිවරණයත් සමඟ නිර්මාණය වන්නේ කොයි වගේ මාධ්‍ය නිදහසක් දැයි අප අවධානය කළ යුතුයි. පසුගිය රාජ්‍ය පාලනය තුළ මේ රටේ මාධ්‍ය නිදහස හැසිරවූ ආකාරය අප අමතක නොකළ යුතුයි. මාධ්‍යවේදීන් පැහැරගෙන යෑම, අතුරුදන් කිරීම, මහමඟ ඝාතනය කිරීම මාධ්‍යායතන ගිනි තැබීම වැනි හිංසා පීඩා අපට ලෙහෙසියෙන් අමතක කළ හැකි සිදුවීම් නෙවෙයි.
එදා ආණ්ඩුව මාධ්‍යවේදීන්ට හිරිහැර කළත් අද මාධ්‍යවේදීන් ආණ්ඩුවට හිරිහැර කළත්, රටේ පාලන තන්ත්‍රයට එරෙහිව අදහස් ඉදිරිපත් කළත් ඔබ දිනාගත් නිදහස තවදුරටත් රැකගන්නවාද එසේ නොමැති නම් හිංසා පීඩා සමඟ ජීවිත අහිමි කළ යුගයකට ආපසු යනවා දැයි ඔබම තීරණය කළ යුතුයි. අද රාජ්‍ය සේවය මාධ්‍ය කියන විට තැති ගැන්මකට ලක්වෙන තැනකයි තිබෙන්නේ. එයද ඔබ රැකගත යුතු වෙනවා. ඒ නිසා ලැබී ඇති මේ මාධ්‍ය නිදහස තව තවත් පුළුල් කරගන්නවාද නැත්නම් එය අමු අමුවේ පාවලා දෙනවාද යන තීරණය සතුව ඇත්තේ ඔබ අතේයි.
මාධ්‍යවේදීන් සඳහා ජාත්‍යන්තර මට්ටමේ සංවර්ධන කේන්ද්‍රයක් අරඹා මෙරට මාධ්‍යවේදීන්ට මෙන්ම විදේශ මාධ්‍යවේදීන්ටද තම අත්දැකීම් හුවමාරු කරගැනීමට අවස්ථාව සලසාදී ගුණාත්මක මාධ්‍ය කලාවක් බිහි කිරීමට තමන් ප්‍රමුඛත්වය ලබාදෙන බවද කී සජිත් ප්‍රේමදාස මහතා තමන් රැගත් හෙලිකොප්ටරය කුරුණෑගල ක්‍රීඩාංගණයට ගොඩබෑමට නොහැකිවීමේ සිද්ධිය මාධ්‍යවල අවධානයට යොමු නොවීම ගැන තමන් චෝදනා නොකළද, හැම පාර්ශ්වයකටම සාධාරණ ලෙස හර බැර දෙකම ඉදිරිපත් කිරීමෙන් ප්‍රශස්ත මට්ටමේ මාධ්‍ය කලාවක් බිහි කිරීමට හැකි බවද පෙන්වා දුන්නේය.
උපතිස්ස පෙරේරා

COMMENTS