දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
රටේ ප්‍රධාන ඉදිකිරීම් විදේශිකයන්ට පවරා අත සෝදා ගත් යුගය අවසන් කරනවා - පාඨලී චම්පික රණවක
Homeප්‍රවෘත්ති

රටේ ප්‍රධාන ඉදිකිරීම් විදේශිකයන්ට පවරා අත සෝදා ගත් යුගය අවසන් කරනවා - පාඨලී චම්පික රණවක

PropellerAds

ඉ දිකිරීම් ක්‍ෂෙත්‍රයේ සියලුම ඉදිකිරීම් ඇතුලු අනෙකුත් ක්‍ෂෙත්‍ර සඳහා විධිමත් භාවයකින් යුතුව හැම කෙනාටම වැලි ලබාගැනීමේ ක්‍රමවේදයක් අපි ආරම්භ...

මැණිකේලා වර්ජනයට එක් නොවෙයි
සා.පෙළ විභාග අපේක්ෂකයන්ට විශේෂ නිවේදනයක්
ශ්‍රීලනිපයට නව දිස්ත්‍රික් සංවිධායකවරු පස් දෙනෙක්
දිකිරීම් ක්‍ෂෙත්‍රයේ සියලුම ඉදිකිරීම් ඇතුලු අනෙකුත් ක්‍ෂෙත්‍ර සඳහා විධිමත් භාවයකින් යුතුව හැම කෙනාටම වැලි ලබාගැනීමේ ක්‍රමවේදයක් අපි ආරම්භ කර තිබෙනවා. ඒ නිසා එයින් උපරිම ප්‍රයෝජන ගන්නා ලෙස අපි පාරිභෝගිකයින්ගෙන් ඉල්ලා සිටිනවා.

මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මෙම අදහස් පළකර සිටියේ, ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ රෙඩෙකෝ ආයතනය මගින් රුපියල් මිලියන 300 ක
වියදමින් කෙරවලපිටිය ප්‍රදේශයේ ඉදිකරන ලද ඇසුරුම්කළ මුහුදුවැලි වෙළෙඳපොලට නිකුත් කිරීමේ මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වෙමින්.

එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා, මා පරිසර අමාත්‍යවරයාව සිටියදී විශේෂයෙන්ම පරිසර අමාත්‍යාංශයට විශාල ලෙස ගැටලු පැන නැගිලා තිබුණා දැදුරු ඔයේ, මී ඔයේ, මහවැලි ගඟේ වැලි කැණීම් නිසා. භයානක පාරිසරික ගැටලු. ඒ අවස්ථාවේදී නඩුවක් පවා  තිබුණා. අපි මේ ගැටලුවට විසඳුමක් ලෙස පරිසර නව රෙගුලාසි හඳුන්වා දුන්නා. එම කාලයේ පතල් කැනීම් කාර්යංශයට මම නියෝග කලා මුහුදෙන් වැලිගොඩ දැමීම සඳහා රජය මැදිහත්වන ක්‍රමවේදයක් බලන ලෙස. ඒ වගේම පුද්ගලික අංශය විසින් ගංඟාවල සිදු කරන මෙම ක්‍රියාවලිය පාලනය කරන්න ශ්‍රේෂ්ඨාධිකරණයේ අවසරය ඇතිව ආරම්භ කළා පතල් කැනීම් කාර්යංශය මගින් මහවැලි ගඟේ වැලි ව්‍යාපාරය. ඉතාම සුලුවෙන් පටන් ගත් එම ව්‍යාපාරය අද මනම්පිටිය වැලි නමින් ප්‍රධානම වැලි ගෙන එන ක්‍රියාවලිය ආරම්භ උනේ ඒ අයුරින්. සමෘද්ධිලාභීන්ට පමණයි වැලි ගොඩදැමීම භාර කළේ. ඒ සෑම කෙනාම අතර ධනය ගලාගොස් විශාල වෙනසක් එම කලාපයේ ඇතිවී තිබුණා. එමගින් කොළඹ වැලි තරඟය පාලනය කරන්න අපට හැකිවුණා.

මේ මුහුදු වැලි පිළිබඳව පුද්ගලික අංශයෙන් නොයෙක් ඉල්ලීම් සිදු කළා, දැනටමත් ගංඟාවැලි මේ වන විට පාවිච්චියට ගැනීම අමාරු නිසා. ඒ සඳහා පුද්ගලික අංශයට වසරකට දෙකකට කලින් අවස්ථාව ලබාදුන්නා වැලි සෝදලා වෙළෙඳපොලට ගෙනයන්න. අවසානයේ අපි මෙය සංස්ථාව මගින්ම මැදිහත්ව සිදු කරන්න තීරණය කළා. මිලියන 300 කට වැඩි ආයෝජනයක් සිදුකර මේ රටේ තිබෙන විශාලතම අභ්‍යන්තර ගොඩනැගිල්ලක් නිර්මාණය කර මේ වැඩකටයුත්ත ආරම්භ කිරීමට ඉඩම් සංවර්ධන සංස්ථාවේ රෙඩෙකෝ ආයතනයට හැකියාව ලැබුණා. ඉඩම් සංවර්ධන සංස්ථාව ගැන පවසනවා නම් 2016 සිට 2019 දක්වා සංස්ථාවේ ආදායම තුන් ගුණයකින් වැඩිකරගෙන තිබෙන එකම රජයේ ආයතනය ඉඩම් සංවර්ධන සංස්ථාවයි. අනෙකුත් රාජ්‍ය ආයතනවලට එහෙම හැකියාවක් ලැබිලා නැහැ. ඒ වගේම රජය සතු රටේ ඉංජිනේරුමය ආයතන රජයේ භාණ්ඩාගාරයට බරක් වෙන තැනට පිරිහිලා යනවිට, භාණ්ඩාගාරයට බරක් නොවී මෙම කටයුතු සිදුකිරීමට හැකිවීම ගැන අපි සතුටු වෙනවා.

අපගේ ඊළඟ ඉලක්කය මේ මුහුදුවැලි ගොඩගැනීම සඳහා ඇති ඩේ‍රජර් යන්ත්‍ර පිළිබඳව තිබෙන්නේ විදේශික ඒකාධිකාරයක්. සමහරුන්ට ඕනේ එම ඒකාධිකාරය දිගටම ගෙනයන්න. මේවා ආණ්ඩුවට කරන්න පුලුවන්ද කියන සැකය ආණ්ඩුවේ අයගේ මෙන්ම භාණ්ඩාගාරයේ අයගේත් තිබෙනවා. අපි ලබා තිබෙන ජයග්‍රහණ ඒ අයට තේරුම් ගන්වන්න හරි අමාරුයි.

මේ රටේ කැලි කසළ ගැටලුව විසඳාගත නොහැකිව තිබෙන විට, එමගින් ජන ජීවිත විනාශ වන තත්වයට පත්ව තිබෙන විට ඒවාට වගකිව යුතු නගර සභා පළාත් සභා ඒවා මගහැර තිබෙන විට ඉදිරිපත් වෙලා ඒ කටයුතු විසඳන්න ඉඩම් සංවර්ධන සංස්ථාව ඉදිරිපත් උනා. කෙරවලපිටියේ තාවකාලික කසළ මධ්‍යස්ථානයක් ඇති කළා. අද අරුවක්කාලු ප්‍රදේශයේ ඉංජිනේරුමය බිම් පිරවුමක් ඉතිහාසයේ ප්‍රථම වතාවට ඇතිකර තිබෙනවා. ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා ලබන මාර්තු මාසයේ සිට දුම්රිය මගින් එම කැලි කසළ ප්‍රවාහනය කරන්න. දැනට පත්ව තිබෙන හදිසි තත්වය සහ උසාවි නියෝග නිසා එම කසළ රථවාහන මගින් ප්‍රවාහනය කරනු ලබනවා. නමුත් ලබන මාර්තු මාසයේ සිට දුම්රිය මගින් ප්‍රවාහනය කිරීමට හැකියා ලැබෙයි. ඒ වගේම එහි අනාගත පරිපාලනය අපි ඉඩම් සංවර්ධන සංස්ථාව ප්‍රමුඛ එම ඉංජිනේරුමය ආයතනවලට භාර දීමට නියමිතයි.

අනෙක් පැත්තෙන් අප බලාපොරොත්තු වෙනවා ඉදිරි කාලයේදී කොල්ලුපිටියේ සිට දෙහිවල දක්වා ගොඩනැගෙන සමුද්‍ර නගරයේ ගොඩකිරීම් පිළිබඳ කාරණයේදී ඉඩම් සංවර්ධන සංස්ථාව ප්‍රධාන දායකයා ලෙස ඉදිරිපත් කරන්න. රටේ සියලුම දේවල් විදේශිකයින්ට පවරලා අත සොදාගෙන සිටින යුගය වෙනුවට රටතුළ ඉංජිනේරුමය කාර්යයන් ගොඩනගන්න අපි කැපවෙලා තිබෙනවා. ඒ වගේම විධිමත් භාවයකින් තොරව එම කටයුතු අපි ඉදිරියට ගෙනිහින් තිබෙනවා. ඒ නිසා තමයි 2017 වර්ෂයේ පැවැත්වූ විගණන වාර්තා අනුව අපේ අමාත්‍යාංශය අංක එකේ අමාත්‍යාංශය බවට පත් වුණා. එම තත්වය අදටත් වෙනස් වෙලා නැහැ. අපි ව්‍යාපෘති කරමින් අලුත් ව්‍යාපෘති හඳුනාගනිමින්, අභියෝග භාර ගනිමින්, අභියෝග ජයගනිමින් ඉදිරියට යන්න.

විශේෂයෙන්ම විවිධ දේශපාලන ප්‍රතිවාදීන් නොයෙක් නොයෙක් තැන්වල නොයෙක් දේ කළත් මේ සංස්ථාවේ එක සතයක්වත් අපි අවභාවිතයේ යොදවා නැහැ. මේ සංස්ථාවේ මුදල් මිලියන සිය ගණන් තමන්ගේ පුද්ගලික කාරණා වෙනුවෙන් අවභාවිතයේ යොදවා ගත් යුගයක් තිබුණා. නමුත් අද මේ සංස්ථාවේ හැම සතයක්ම මෙරට දෙකෝටියක් වූ ජනතාවගේ සුබසෙත සඳහා පමණක් නෙමෙයි ඉදිරි කාලයේදී මේ රටේ ඉදිකිරීම් ක්‍ෂෙත්‍රයේ වැලි අවශ්‍යතාවය මූල්‍යමය පැත්තෙන් පමණක් නෙමෙයි භෞතික පැත්තෙනුත් සපුරාලන්න අලුත් තත්වයක් මෙතනින් ගොඩනැගෙනවා.  ඉදිකිරීම් ක්‍ෂෙත්‍රයේ සියලුම ඉදිකිරීම් ඇතුලු අනෙකුත් ක්‍ෂෙත්‍ර සඳහා විදිමත් භාවයකින් යුතුව හැම කෙනාටම වැලි ලබාගැනීමේ ක්‍රමවේදයක් අපි ආරම්භ කර තිබෙනවා. ඒ නිසා එයින් උපරිම ප්‍රයෝජන ගන්නා ලෙස අපි පාරිභෝගිකයින්ගෙන් ඉල්ලා සිටිනවා. ඉදිකිරීම් ක්‍ෂෙත්‍රයේ සියලුම දෙනාගෙන් සහ සියලු ආයතනවලින් අප ඉල්ලා සිටිනවා අපේ වැලි මිළදී ගන්නා ලෙස ඒ ගැන සහතිකයක් සහ ප්‍රමිතියකින් යුතුව වැලි වෙළෙඳපොලට මුදා හරිනවා.

මෙම ව්‍යාපෘතිය යතාර්ථයක් බවට පත් කරන්නට කැපවූ සියලුම දෙනාට අපේ ස්තූතිය පිරිනමන අතරේ ඉදිරි කාලයේදී ඉඩම් සංවර්ධන සංස්ථාව මේ රටේ ඉංජිනේරුමය කාර්යයන් විශේෂයෙන්ම අපගේ ජල කලමනාකරණය සහ ඊට ආශ්‍රිත ව්‍යාපෘතිවලින් නියැලෙමින් සිටි ඉඩම් සංවර්ධන සංස්ථාව ඉන් ඔබ්බට ගිහින් මේ රටේ ඉංජිනේරුමය වශයෙන් බලගතුම වැදගත්ම ආයතනය බවට පරිවර්තනය වේවා යැයි පැවසුවා.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29287,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: රටේ ප්‍රධාන ඉදිකිරීම් විදේශිකයන්ට පවරා අත සෝදා ගත් යුගය අවසන් කරනවා - පාඨලී චම්පික රණවක
රටේ ප්‍රධාන ඉදිකිරීම් විදේශිකයන්ට පවරා අත සෝදා ගත් යුගය අවසන් කරනවා - පාඨලී චම්පික රණවක
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgU0Oq5ZkrMWhaE32SPgigv3fCivBjsnx0B70VqrD77Xy3XmkYcst_Ug4eTmcqWw-cyirGgkBGVQMmCcQ8JIB5A_EMvGfApwfFZ-MSSRKqheT-_E-rdKPxgf0pGU2TjVkCUGJ9paowJ4SsI/s320/fb-680x340.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgU0Oq5ZkrMWhaE32SPgigv3fCivBjsnx0B70VqrD77Xy3XmkYcst_Ug4eTmcqWw-cyirGgkBGVQMmCcQ8JIB5A_EMvGfApwfFZ-MSSRKqheT-_E-rdKPxgf0pGU2TjVkCUGJ9paowJ4SsI/s72-c/fb-680x340.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/11/blog-post_417.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/11/blog-post_417.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy