මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ලබන 12 වනදා සිට 21 වැනිදා දක්වා පැවැත්වේ. විභාග දෙපාර්තමේන්තුව පවසන්නේ පෙ.ව. 8.30 ට ආරම...
මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ලබන 12 වනදා සිට 21 වැනිදා දක්වා පැවැත්වේ.
විභාග දෙපාර්තමේන්තුව පවසන්නේ පෙ.ව. 8.30 ට ආරම්භ වන විභාගය සඳහා අයදුම්කරුවන් පෙ.ව. 8.00ට පෙර අදාළ විභාග මධ්‍යස්ථාන වෙත පැමිණිය යුතු බවයි.
එසේ පැමිණෙන විට විභාග ප්‍රවේශ පත්‍රය සමඟ ජාතික හැඳුනුම්පත හෝ වලංගු විදේශ ගමන් බලපත්‍රය රැගෙන ඒම අනිවාර්යය වේ.
විභාගයට පෙනී සිටීමේදී අයදුම්කරුවන් විසින් ස්මාර්ට් අත්ඔරලෝසු, ජංගම දුරකතන, විද්‍යුත් උපකරණ මගින් විභාග වංචාවන් සිදුකරන්නේ ද යන්න පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරන ලෙසට ශාලාධිපතිවරුන් වෙත දැනුම් දී ඇති බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
එවැනි වංචා සිදු කරන අයදුම්කරුවන්ගේ ප්‍රතිඵල අත්හිටුවන අතර විභාග දෙපාර්තමේන්තුව විසින් පවත්වනු ලබන සියලුම විභාග සඳහා පෙනී සිටීම වසර 5කට තහනම් කෙරෙන බව සඳහන්ය.
විභාගය පැවැත්වෙන අවස්ථාවේදී බාහිර පාර්ශවයන්ගෙන් අයදුම්කරුවන්ට කිසියම් බාධාවක් සිදුවන්නේ නම් ඒ පිළිබඳ වහාම විභාග දෙපාර්තමේන්තුවට සහ පොලිස් මූලස්ථානයට දැනුම් දෙන ලෙස ද විභාග දෙපාර්තමේන්තුව විසින් ශාලාධිපතිවරුන් වෙත උපදෙස් ලබාදී තිබේ.
මීට අමතරව විභාග ශාලාව තුළ කිසියම් අක්‍රමිකතාවක් සිදුවන්නේ නම් ඒ පිළිබද විභාග අපේක්ෂකයින්ට මෙන්ම මව්පියන්ට ද විභාග දෙපාර්තමේන්තුවේ 1911 දරණ ක්ෂණික ඇමතුම් අංකයට දැනුම් දීමේ හැකියාව පවතින එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසීය.
COMMENTS