සිංහල,දෙමළ, මුස්ලිම් සියලු දෙනාට බිය සැක නොමැතිව ජීවත්වීමට නම් ගත යුතු එකම ක්‍රියාමාර්ගය වන්නේ පොදුජණ පෙරමුණේ ජනාධිපතිධුර අපෙක්ෂක ගෝඨාභය රා...
ඔහු මේ බව සඳහන් කළේ බදුල්ල ප්‍රදේශයේ පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමින්ය.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා මේ බව පැවසීය.
“ගිය සුමානේ ගෝඨාභය මහත්තයා මඩකලපුවට ගිය වෙලාවේ. ඉතිහාසයේ කවදාවත් නැතුව දෙමළ මුනිස්සු විසිපන්දහසකට වැඩි ප්‍රමාණයක් ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ රැස්වීමට ආවා. ඉතිහාසයේ කවදාද අපි දැකලා තියෙන්නේ එජාප විරෝධි රැස්වීමක දෙමළ ජනතාව මේ තරම් එක් රැස්වෙනවා. අන්තවාදීගේ ත්‍රස්ත ප්‍රහාරයෙන් මිය ගිය අයගෙන් සියයට 58ක් මිය ගියේ දෙමළ කතෝලික මිනිස්සු. මඩකලපුවේ දෙමළ කතෝලිකයිට අද ප්‍රශ්නයක්. කොළඹ ජීවත්වෙන දෙමළ කතෝලිකයාට ප්‍රශ්නයක් අද. ඒ අයගේ ජීවිත අනතුරේ. ඒ අයගේ ජීවිතවල වන්දි ගෙනන්න කවුරුත් නෑ. ඒ අය මරපු මිනීමරුවන් සම්බන්දයෙන් තීන්දු ගන්නවා වෙනුවට ඒ අය කරේ. ගම්වල ඉන්න අහිංසක මුස්ලිම් මිනිස්සුන්ට අර අන්තවාදී ලේබලය ගහලා. සියලුම මුස්ලිම් මිනිස්සු අන්තවාදීන් කරලා. ඒ වැඩේට හවුල් වුණ හකීම්ට සහ රිෂාඩ් බදියුදීන් විතරක් තමන්ගේ අමතිකම් දෙක බේරා ගත්තා. අහිංසක මුස්ලිම් මිනිස්සු එක්ක අපි නිකරුනේ තරහා වුණා. මුස්ලිම් මනුසයාත් ඉන්නෙ අපිව මේ තත්ත්වයට පත් කරේ කාලකන්නි එජාප ආණ්ඩුව“
COMMENTS