ඉ දිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය පළ කිරීම වෙනුවෙන් මැතිවරණ දිනයට පෙර ලක්ෂයකට අධික විදෙස්ගත ශ්‍රමිකයන් පිරි...
ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය පළ කිරීම වෙනුවෙන් මැතිවරණ දිනයට පෙර ලක්ෂයකට අධික විදෙස්ගත ශ්‍රමිකයන් පිරිසක් මෙරටට පැමිණීමට නියමිත බව “මවුබිම වෙනුවෙන් විදෙස්ගත අපි” සංවිධානයේ නියෝජිතයෝ පවසති.
කොළඹ පදනම් ආයතනයේ ඊයේ (5දා) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් බි්‍රතාන්‍ය, ඇමෙරිකාව, කැනඩාව, ඉතාලිය, පෝලන්තය, කොරියාව, ජපානය සහ මැදපෙරදිග රාජ්‍යයන්හි සේවයේ නියුතුව සිටි මෙරටට පැමිණි විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් පිරිසක් මේ බව සඳහන් කරති.
අදාළ සංවිධානයේ නියෝජිතයන් කිහිප දෙනෙක් අදහස් දක්වමින් ගතවූ වසර පහක කාලය තුළ ක්ෂේත්‍ර රැසක් ඔස්සේ ශ්‍රී ලංකාව අර්බුදකාරී තත්ත්වයකට පත්ව ඇති බව සඳහන් කළහ.
ඒ අනුව වත්මන් ආණ්ඩුව රටේ ජාතික ආරක්ෂාවට මුල් තැන නොදීම හේතුවෙන් පාස්කු ඉරුදින අන්තවාදී ත්‍රස්ත ප්‍රහාරයේ විනාශකාරී අත්දැකීමට මූණදීම, ඩයස්පෝරාවේ සහ බටහිර බලවතුන්ගේ අනුදැනුම මත රට බෙදන ව්‍යවස්ථා මර උගුල් වෙනුවෙන් සහයෝගය දැක්වීම, 2014 වර්ෂයේ 7.2%ක්ව පැවැති ආර්ථික වර්ධන වේගය 1.6%කට පල්ලම් බැස්සවීම, සංවර්ධනය අතින් වැඩ බිමක්ව තිබූ රට මුඩු බිමක් බවට පත් කිරීම, රටට අහිතකර විනාශකාරී විදේශ ගිවිසුම්වලට එළැඹීම, රාජ්‍ය සම්පත් දිගින් දිගටම විකිණීම, දූෂණ වංචා නතර කරන බවට ප්‍රතිඥාදී බලයට පැමිණ මහ බැංකු බැඳුම්කර වංචාව සිදු කිරීම, භික්ෂුන් වහන්සේලා සහ ආගමික නායකයන්ගේ අවවාද අනුශාසනා නොසලකා හරිමින් කටයුතු කිරීම වැනි චෝදනා රැසක් ඔවුන් විසින් ඉදිරිපත් කරන ලදී.
රටේ ජනතාව ගැන නොසිතා අත්තනෝමතිකව කටයුතු කරන වත්මන් ආණ්ඩුව පලවා හැර රටේ ඉදිරිය පිළිබඳව සාර්ථක දැක්මක් ඇති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුතු රජයක් ඉදිරි ජනාධිපතිවරණයෙන් පසුව පිහිටුවීමට අවශ්‍ය සංවිධාන කටයුතු සිදුකරන බව ඔවුහු වැඩිදුරටත් සඳහන් කළහ.
රුවන්ත නිතුල්ගස්පිටිය

COMMENTS