මෙම සමුළුව ඊයේ සන්ධ්‍යාවේ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී ආරම්භ විය. හම්බන්තොට වරාය බදුදීමේදී එ් සඳහා යුදමය පදනම...
මෙම සමුළුව ඊයේ සන්ධ්‍යාවේ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී ආරම්භ විය.
හම්බන්තොට වරාය බදුදීමේදී එ් සඳහා යුදමය පදනමක් ඇති බවට විවිධ පාර්ශ්වයන්ගෙන් චෝදනා එල්ල වුවද එම චෝදනාවලට කිසිදු පදනමක් නොමැති බව අවධාරණය කරන බවයි අගමැතිවරයා පවසන්නේ. වරාය ,ගුවන් තොටුපල වැනි අතිශය වැදගත් ස්ථාන සඳහා ඇතුළු විය හැක්කේ ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාවලට පමණක් බවත් එවැනි ස්ථාන භාවිතා කිරීමට විදෙස් රටවල හමුදා කණ්ඩායම් සඳහා කිසිවිටෙකත් අවස්ථාව ලබා නොදෙන බව ද අගමැතිවරයා පවසයි.
සමුළුවේද තවදුරටත් අදහස් දැක්වූ අගමැතිවරයා,
'ශ්‍රී ලංකාව ඉන්දියානු සාගරයේ ආර්ථික කේන්ද්‍රස්ථානය බවට පත්කිරීම අපේ අරමුණයි. ඒ සඳහා අපේ රටේ පිහිටීම අතිශය වැදගත්. භාණ්ඩ සහ සේවා සඳහා දකුණු ආසියාවේ තරගකාරී වෙළඳපලක් බවට ශ්‍රී ලංකාව පත්කිරීම සඳහා කටයුතු කරනවා.'
'මේ සඳහා කලාපයේ සියලු රටවල් සමග සහයෝගයෙන් කටයුතු කිරීම වැදගත්. මේ වනවිට ඉන්දියාව සහ පකිස්තානය සමග නිදහස් වෙළඳ ගිවිසුම්වලට එළඹ තිබෙනවා. මීට අමතරව සිංගප්පූරුව සමග ගිවිසුම්ගත වීම සඳහා කටයුතු කරමින් සිටිනවා. අපට අවශ්‍යයි බෙංගාල බොක්ක ආශ්‍රිත සියලු රටවල් සමග නිදහස් වෙළඳ ගිවිසුම් හරහා වෙළඳ සබඳතා ඇතිකර ගැනීමට.'
'අනාගතයේදී ආසියානු කලාපය ලොව විශාලතම ආර්ථික කලාපය බවට පත්වෙනවා. එය ඉතා ඉක්මනින් ඇමරිකානු සහ යුරෝපා ආර්ථිකය ඉක්මවා යනු ඇත. ආර්ථික ආධිපත්‍යය, තාක්ෂණය, මිලිටරි බලය හරහා ආසියානු කලාපය බලවත් වනු ඇත.'
ආශිකා බ්‍රාහ්මණ
COMMENTS