චීනයේ ක්‍රියාත්මක වන වී - චැට් සමාජ ජාලය හරහා දකුණු ආසියානු කලාපයේ රටවල තරුණියන් ජාවාරම් කළ පුද්ගලයෙකු කටුනායක ගුවන්තොටුපල ආගමන විගමන දෙපාර...
28 හැවිරිදි මොහු පෙරේදා සවස 2.45ට පමණ අබුඩාබි නුවර සිට පැමිණි ඊ වයි 264 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපලට පැමිණ තිබුණා.
පසුව, අදාළ පුද්ගලයා පිළිබඳව ඇති වූ සැකය මත ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරින් විසින් ඔහු පිළිබඳ විමර්ශන කටයුතු ආරම්භ කර ඇති අතර, එහිදී ඔහුගේ ජංගම දුරකථනයේ තිබූ දත්තවලට අනුව අදාළ තොරතුරු අනාවරණ වූ බවයි විගමන දෙපාර්තමේන්තු නිලධාරින් සඳහන් කළේ.
මොහු කාන්තාවක් ලෙස පෙනී සිටිමින් කලක සිට වී - චැට් සමාජ ජාලය ඔස්සේ දකුණු ආසියාතික රටවල තරුණියන් චීනයේ රැකියා අවස්ථා ලබාදෙන බව පවසමින් රවටා චීනයට රැගෙන ගොස් මිනිස් ජාවාරමේ නිරතවන බවට අනාවරණ වී තිබෙනවා.
ඔහු ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ ද වී - චැට් නමැති සමාජ ජාලය ඔස්සේ හඳුනා ගත් මෙරට තරුණියන් පිරිසක් චීනයට රැගෙන යාමටයි.
මේ අතර, සමාජ මාධ්‍ය ඔස්සේ ගෘහ සේවිකාවන් අලෙවි කළ හාම් පුතුන් සොයා කුවේට බලධාරීන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවද ඊයේ විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා.
COMMENTS