වසර 2020 දක්වා කාලය තුළ සංවර්ධන ආධාර ලෙස ශ්‍රී ලංකාවට යුරෝ කෝටි 21ක මුදලක් ලබාදීමට යුරෝපා සංගමය තීරණය කර තිබේ. 2007 වසරේ සිට 2013 වසර දක්...
වසර 2020 දක්වා කාලය තුළ සංවර්ධන ආධාර ලෙස ශ්‍රී ලංකාවට යුරෝ කෝටි 21ක මුදලක් ලබාදීමට යුරෝපා සංගමය තීරණය කර තිබේ.
2007 වසරේ සිට 2013 වසර දක්වා ලබාදුන් ආධාර මුදල් හා සැසදීමේදී මෙය දෙගුණයක වැඩිවීමක් බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කරයි.
තිරසාර සාමයක් ඇති කිරීම, අභ්‍යන්තර අවතැන්වූවන් යළි පදිංචි කිරීම සහ දුප්පත්කමින් පීඩිත ප්‍රදේශ සංවර්ධනය කිරීම උදෙසා මෙම ආධාර ලබාදීමට යුරෝපා සංගමය තීරණය කර තිබේ.
එමෙන්ම පසුගිය මාස 21 ක කාලය තුළ ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය සම්බන්ධයෙන් ද යුරෝපා සංගමයේ ප්‍රසාදය හිමිවී ඇති බව අග්‍රාමාත්‍ය කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරයි.
බ්‍රසල්ස් නුවරට ගොස් සිටින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ යුරෝපා කොමිසමේ උප සභාපතිනි ෆෙඩෙරිකා මොගෙරිනි මහත්මිය අතර ඊයේ (18) හමුවක් පැවැතුවුණු අතර එහිදී මෙලෙස ශ්‍රී ලංකාවේ සංවර්ධනය සඳහා ආධාර ලබාදීමට ඇය කැමැත්ත පළ කර තිබේ.
වීඩියෝව පහතින්.
COMMENTS