1 6 වැනිදා පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති ධූරයට පත්වුවහොත් ඔහුගේ නව අගමැතිවරයා ලෙස චම්පික රණවක මහතා පත් කිරීමට තීර...
16 වැනිදා පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති ධූරයට පත්වුවහොත් ඔහුගේ නව අගමැතිවරයා ලෙස චම්පික රණවක මහතා පත් කිරීමට තීරණය කර තිබෙන බව එක්සත් ජාතික පක්ෂයට හිතවාදී වෙබ් අඩවි කීපයක් වාර්තා කර ඇත.
ඊට පෙර එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ගැනීම සඳහා චම්පික රණවක මහතා කටයුතු කරනු ඇති බවද එම වාර්තාවන්හි සඳහන් වෙයි.
මේ අතර ඇමැති සජිත් ප්‍රේමදාස මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් ඊයේ දිනයේ කියා සිටියේ තම ආණ්ඩුවේ අගමැති ධුරය ලබා දෙන්නේ පාර්ලිමේන්තුවේ බහුතරයක් ලබාගන්නා පුද්ගලයාට බවයි.
කෙසේ වෙතත් මීට පෙර වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේ සජිත් ප්‍රේමදාස මහතා යටතේ ද තමා අගමැති ධූරය දරන බවයි.

COMMENTS