එ ළඹෙන ජනාධිපතිවරණයේදී අපක්ෂපාතීව සිටීම ගැන බැසිල් රාජපක්ෂ මහතා අද (13) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ස්තූතිය පුද කළේය. ඔහු මේ බව පැව...
එළඹෙන ජනාධිපතිවරණයේදී අපක්ෂපාතීව සිටීම ගැන බැසිල් රාජපක්ෂ මහතා අද (13) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ස්තූතිය පුද කළේය.
ඔහු මේ බව පැවසුවේ අද (13) කිංග්ස්බරි හෝටලයේ පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විශේෂ මාධ්‍ය සාකච්ඡාවකදීය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමහර සාමාජිකයින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට සහාය දැක්වීමට තීරණය කර ඇතත්, 16 වනදා පැවැත්වෙන ජනාධිපතිවරණයේදී අපක්ෂපාතීව සිටීමට ජනාධිපතිවරයා තීරණය කර ඇති බව ඔහු තවදුරටත් පවසා සිටිනවා.
ජනාධිපතිවරණ සමයේදී රජයේ සේවකයින් අපක්ෂපාතී හා සාධාරණ ලෙස කටයුතු කරනු ඇතැයි තමන් අපේක්ෂා කරන අතර එළඹෙන ජනාධිපතිවරණයට සහාය දැක්වීම පිළිබඳව බැසිල් රාජපක්ෂ මැතිවරණ කොමිසමට ස්තූතිය පුද කළේය.
තවද, එළඹෙන ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට සහයෝගය ලබා දෙන බවට පොරොන්දු වූ සියලුම දේශපාලන පක්ෂවලට ඔහු ස්තූතිය පුද කළේය.
එළඹෙන ජනාධිපතිවරණයට අදාළව ඔවුන් ඊ-කැන්වස් භාවිතා කර ඇති අතර ඊයේ (12) අවසන් වූ ‘නිදහසේ හුස්ම’ වැඩසටහන යටතේ පැල 31,000 ක් සිටුවා ඇති බවත් මේ වන විට ජාතික රැලි 37 ක් සහ මැතිවරණ රැලි 160 ක් පවත්වා ඇති බවත් අද (13) තිස්සමහාරාම, කොළඹ, කැස්බෑව සහ හෝමගම ඇතුළු ප්‍රදේශ කිහිපයක ජාතික රැලි පහක් පැවැත්වෙන බවත් ඔහු වැඩිදුරටත් පවසනවා.

COMMENTS