ගෝඨාභය රාජපක්ෂ මහතා මේ වන විටත් පරාජය භාර ගෙන ඇති බව ශ්‍රී ලංකා නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ලේකම් නීතිඥ රජික කොඩිතුවක්කු මහතා සඳහන් කළ...
රාජික කොඩිතුවක්කු මහතා මේ බව කියාසිටියේ අද (09) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදීය.
එළඹෙන 18 වැනිදා අළුයම ලොස් ඇන්ජලීස් බලා පිටත්ව යාමට ගෝඨාභය රාජපක්ෂ මහතා ගුවන් ටිකට් පතත් සූදානම් කරගෙන සිටින බවයි ඔහු පැවසුවේ.
ඒ අනුව මේ වන විටත් ගෝඨාභය රාජපක්ෂ මහතා පරාජය භාර ගෙන ඇති හෙයින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරක්ෂා කරගැනීම සඳහා ඔවුන් සමඟ එක පෙළට සිටින ජාතිවාදී බලවේග සියල්ල පරාජය කළ යුතු බව කොඩිතුවක්කු මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
COMMENTS