හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු සැකකරුවන් තිදෙනා නිදොස් කොට නිදහස් කිරීමට කුරුණෑගල මහාධිකරණය නියෝග කර ...
හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු සැකකරුවන් තිදෙනා නිදොස් කොට නිදහස් කිරීමට කුරුණෑගල මහාධිකරණය නියෝග කර තිබේ.
අදාළ නඩුව අද (17) කැදවූ අවස්ථාවේ මහාධිකරණය මෙම නියෝගය ලබා දුන් බව වාර්තා වේ.
2008 සතොස ආයතනයේ සිදුවූ බව කියන මූල්‍ය වංචාවකට අදාලව ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු විත්තකරුවන් තිදෙනෙකුට කුරුණෑගල මහාධිකරණය හමුවේ නඩු පවරා තිබු අතර ඔවුන් මාසයකට අධික කාලයක් රක්ෂිත බන්ධනාගාර ගතව සිටියේය.
අදාළ නඩුව අද කැදවූ අවස්ථාවේ පැමිණිලි පාර්ශවයේ දුර්වල හා පරස්පර සාක්ෂි හේතුවෙන් විත්තිකරුවන් එම චෝදනාවෙන් නිදොස් කොට නිදහස් කිරීමට කුරුණෑගල මහාධිකරණය නියම කළ බව විත්ති පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ප්‍රේමනාත් සී දොලවත්ත මහතා පැවසීය.
COMMENTS