දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ආනන්දි සෂිහරන් නව දේශපාලන පක්ෂයක් පිහිටුවා ගනී
Homeප්‍රවෘත්ති

ආනන්දි සෂිහරන් නව දේශපාලන පක්ෂයක් පිහිටුවා ගනී

PropellerAds

උතුරු පළාත් සභාවේ වනිතා කටයුතු හා පුනරුත්ථාපන කටයුතු පිළිබද ඇමතිනී ආනන්දි සෂිහරන් මහත්මිය ඊයේ (16) නව දේශපාලන පක්ෂයක් පිහිටුවා ගෙන තිබේ. ...

ශ‍්‍රීලනිප නායකයා ජනපති හෝ අගමැති නොවුනොත් පක්‍ෂයට මොකද වෙන්නේ.. ගෝඨාභය සමග සාකච්චා කරනවා - තිලංග සුමතිපාල
ගෝඨාභය ඇමරිකා පුරවැසියෙන් නොවන බව ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සහතික කරයි
අද-හෙට දේශපාලන පෙරළියක්.. පක්‍ෂ නායකයන් කැළඹෙති !


උතුරු පළාත් සභාවේ වනිතා කටයුතු හා පුනරුත්ථාපන කටයුතු පිළිබද ඇමතිනී ආනන්දි සෂිහරන් මහත්මිය ඊයේ (16) නව දේශපාලන පක්ෂයක් පිහිටුවා ගෙන තිබේ.

මේ සම්බන්ධයෙන් මාධ්‍යයට ප්‍රකාශයක් කළ ඇමතිවරිය පවසා ඇත්තේ තම පක්ෂය  ''දෙමළ ඊළාම් ස්වයං රාජ්‍ය සංවිධානය'' වශයෙන් නම් කොට ඇති බවයි.

පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ළගදීම ඉදිරිපත් කරණ බවත් මීළගට උතුරු පළාත් සභා මැතිවරණය සදහා තමන් තරග වදින්නේ මේ පක්ෂයෙන් බවත්  අමාත්‍යවරිය සදහන් කළාය.

ආනන්දි සෂිහරන් අමාත්‍යවරිය 15 දා යාපනයේදී උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා සමග  උත්සවයකට  සහභාගී වූ අවස්ථාවේදී  තමන් දෙමළ ජනතා සභාව නව දේශපාලන පක්ෂයක් බවට පරිවර්තනය කොට වෙනස් අන්දමක දේශපාලන ගමනක් යන බව  සී.වී.විග්නේස්වරන් ප්‍රධාන අමාත්‍යවරයා වීස්න් ආනන්දි සෂිහරන් ඇමතිවරියට පවසා තිබේ.

තමන්ගේ මේ දේශපාලන ගමනට එක්වන මෙන්  ප්‍රධාන අමාත්‍යවරයා ආනන්දි සෂිහරන් මහත්මියගෙන් ඉල්ලීමක් කළ අවස්ථාවේදී ඇය ප්‍රකාශ කොට තිබුණේ තමන්ද වෙනත් දේශපාලන  අරමුණක් කරා ගමන් කිරීමට තීරණය කොට ඇති බවයි.

ආනන්දි සෂිහරන්  මහත්මිය  ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂය නියෝජනය කාර්මින් දෙමළ ජාතික සන්ධානය හරහා උතුරු පළාත් සභා මැතිවරණයට තරග කළ නමුත් මීට වසරකට පමණ ඉහතදී මාවෙයි සේනාධිරාජා මහතාගේ ප්‍රධානත්වයෙන් යුතුව පැවති ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂයේ මධ්‍යම කාරක සභාවේදී ආනන්දි සෂිහරන් මහත්මිය ඇතුළු තුන් දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට තීරණය කොට තිබුණි.

ඒ පිළිබදව තොරතුරු දැනගත් අවස්ථාවේදී  දෙමළ ජාතික සන්ධානයේ නායක  ආර්.සම්බන්ධන් විපක්ෂනායකවරයා මැදිහත්වී පක්ෂයේ සාමාජිකත්වය අහෝසි කළ බව දැක්වෙන ලිපි ඒ පිරිසට ලබා දීම නතර කරවන ලදී.

ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂයේ මධ්‍යම කාරක  සභාව ඊට පසුව අවස්ථා කීපයක්ම රැස් වූවත් ආනන්දි සෂිහරන් මහත්මිය සම්බන්ධයෙන් ගන්නා ලද තීරණය වෙනස් කිරීමකට ලක් නොවුණි.

කෙසේ වෙතත් මේ සිද්ධීන් වලින් පසුව මාවෙයි සේනාධිරාජා මහතා හා ආනන්දි සෂිදරන් මහත්මිය අතර විශාල විරසකයක් පැවතුණි.

ඇය වීස්න් නව දේශපාලන පක්ෂයක් පිහිටුවා ගන්නා ලද්දේ මේ විරසකය නිසාම බව උතුරේ දෙමළ දේශපාලනඥයෝ කියා සිටිති.

එමෙන්ම නව දේශපාලන පක්ෂයක් පිහිටුවා ගැනීම සම්බන්ධයෙන් උතුරේ දෙමළ දේශපාලනඥයෝ රැසක්ම ආනන්දි සෂිහරන් මහත්මියට සුබ පතා තිබුණි.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29290,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ආනන්දි සෂිහරන් නව දේශපාලන පක්ෂයක් පිහිටුවා ගනී
ආනන්දි සෂිහරන් නව දේශපාලන පක්ෂයක් පිහිටුවා ගනී
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgTkOInD4naUsZlUWaCIrYC9rJz-pec3bMRM__9DVBxtgFrlEz6p2HLA_8S4v7wuqILLP4SM5w332dIMgcTfGfZzVkEbBPOdC8Fo4oa7LcuTSyJyjdwSiyqQAFqaFfXpKwBlrBK8GeOj8w/s640/P%253BLKJKGNM.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgTkOInD4naUsZlUWaCIrYC9rJz-pec3bMRM__9DVBxtgFrlEz6p2HLA_8S4v7wuqILLP4SM5w332dIMgcTfGfZzVkEbBPOdC8Fo4oa7LcuTSyJyjdwSiyqQAFqaFfXpKwBlrBK8GeOj8w/s72-c/P%253BLKJKGNM.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/10/blog-post_734.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/10/blog-post_734.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy