ටී.එන්.එල්. රූපවාහිනිය විසින් එජාප ජනාධිපති අපේක්‍ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ පාර්ශවය ඉලක්ක කරමින් එල්ල කරන ලද චෝදනා සම්බන්ධයෙන් එම පාර්ශවය ද...
අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහෝදරයා වන ශාන් වික්‍රමසිංහ මහතාට අයත් එම රූපවාහිනී නාලිකාව තමන්ට වාසිදායක ලෙස හසුරුවා ගැනීමට අගමැතිවරයා සමත් විය යුතු බව ඔවුන්ගේ මතය වී තිබේ.
මේ සම්බන්ධයෙන් ඉතා ඉක්මනින් එම නාලිකාවේ ප්‍රධානීන් හා අගමැතිවරයා සමග සාකච්ඡා කිරීමට සජිත් පිලේ ප‍්‍රබලයන් අදහස් කර සිටී.
ටීඑන්රඑල් නාලිකාව මෑතකදී සිය ප්‍රවෘත්ති විකාශය අතරතුර කියා සිටියේ ගෝඨාභය රාජපක්ෂ මහතා රට බේරාගත් වීරෝදාර රණවකාමියෙකු බවත් කලගුණ දත් ජනතාව ඔහුට සලකනු ඇති බවත් සජිත් ප්‍රේමදාස මහතාගේ කඳවුර නියෝජනය කරන්නේ රාජ්‍ය නොවන සංවිධාන වල මුදලට ගිජු වූ පිරිසක් බවත්ය.

COMMENTS