දකුණු පළාතේ පාතාල ක්‍රියාකාරකම්වලට සම්බන්ධ වූ පුද්ගලයින් මේ වනවිට වෙනත් ප්‍රදේශවලට පලායමින් සිටින බවට ආරක්ෂක අංශවලට තොරතුරු ලැබී ඇත. පොලි...
දකුණු පළාතේ පාතාල ක්‍රියාකාරකම්වලට සම්බන්ධ වූ පුද්ගලයින් මේ වනවිට වෙනත් ප්‍රදේශවලට පලායමින් සිටින බවට ආරක්ෂක අංශවලට තොරතුරු ලැබී ඇත.
පොලිස් විශේෂ කාර්ය බලකායේ උසස් නිලධාරියෙකු පවසා ඇත්තේ පළාත තුළ සිදු කරන විශේෂ මෙහෙයුම් හේතුවෙන් මෙලෙස පාතාල සාමාජිකයන් පලායමින් සිටින බවයි.
බස්නාහිර සහ දකුණු පළාත තුළ පාතාල ක්‍රියාකාරකම් මේ වනවිටත් පාලනය කිරීමට හැකියාව ලැබී ඇති බවද එම උසස් නිලධාරියා ප්‍රකාශ කළේය.
මේ අතර දකුණු පළාත ඇතුලු දිවයිනේ ප්‍රදේශ රැසක ක්‍රියාත්මක වන පාතාල ක්‍රියාකාරකම් මැඩ පැවත්වීම සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය ඊයේ සිට විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබුණි.
ඒ අනුව ගාල්ල, මාතර, ඇල්පිටිය සහ තංගල්ල යන පොලිස් කොට්ඨාශවල මෙම මෙහෙයුම ක්‍රියාත්මකය.
පසුගිය දින කිහිපය තුල පාතාල කල්ලි අතර ඇති වන ගැටුම් සහ පාතාල ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් සිද්ධීන් රැසක් වාර්තා විය.
මාතර නගරයේ පිහිටි රන් ආභරණ වෙළද සැලක් කොල්ලකෑම සහ අකුරැස්ස - විල්පිට ප්‍රදේශයේදී පාතාල කල්ලි සාමාජිකයින් සහ පොලිස් විශේෂ කාර්ය බලකාය අතර ඇති වු වෙඩි හුවමාරුවකින් පාතාල කල්ලි සාමාජිකයකු මියයාම එහි ආසන්තම සිද්ධීන් වේ.
දකුණු පළාත ඇතුලූ දිවයිනේ ප්‍රදේශ රැසක ක්‍රියාත්මක වන පාතාල ක්‍රියාකාරකම් මැඩ පැවත්වීම සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය විශේෂ මෙහෙයුමක් දියත් කර තිබේ.
ඒ අනුව ගාල්ල, මාතර, ඇල්පිටිය සහ තංගල්ල යන පොලිස් කොට්ඨාශවල මේ වන විටත් එම මෙහෙයුම් ආරම්භ කර ඇති බවයි පොලිස් විශේෂ කාර්ය බලකායේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.
පසුගිය දින කිහිපය තුල පාතාල කල්ලි අතර සිදුවන ගැටුම් සහ පාතාල ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් සිද්ධීන් රැසක් වාර්තා විය.
මාතර නගරයේ පිහිටි රන් ආභරණ වෙළද සැලක් කොල්ල කෑම සහ අකුරැස්ස - විල්පිට ප්‍රදේශයෙදි පාතාල කල්ලි සාමාජිකයින් සහ පොලිස් විශේෂ කාර්ය බලකාය අතර ඇති වු වෙඩි හුවමාරුවකින් පතාල කල්ලි සමාජිකයකු මිය එහි ආසන්තම සිද්ධීන් වේ.
දැනට ඩුබායිහි සැගව සිටින බවට සැකකෙරෙන ප්‍රබල පාතාල කල්ලි නායක මාකඳුරේ මධුෂ් දකුණේ පාතාල ක්‍රියාකාරකම් රැසක් මෙහෙයවන බව වාර්තා වේ.
මේ අතර දිවයින පුරා පොලිස් ස්ථාන කේන්ද්‍ර කර ගනිමින් සිදුකළ විශේෂ මෙහෙයුමකදී වරෙන්තුකරුවන් 423 දෙනෙකු ඇතුළු පුද්ගලයින් 2322 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස්පතිවරයාගේ නියෝග මත ඊයේ රාත්‍රි 10 සිට 12 දක්වා සහ අද අලූයම 3 සිට 5 දක්වා මෙම මෙහෙයුම සිදුකෙරුණු අතර, ඊට එක්වූ පොලිස් නිලධාරින් සංඛ්‍යාව 14,070ක්.
මෙහිදී බීමත් රියදුරන් 650 ක් , විවිධ අපරාධවලට සම්බන්ධ පුද්ගලයින් 635 ක් සහ නීතිවිරෝධී ගිනි අවි ළග තබා ගත් 5 දෙනෙකු ද අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා කියා සිටියේය.
එසේම, හෙරොයින් සහ විෂ මත්ද්‍රව්‍ය ළඟ තබා ගත් පුද්ගලයින් 531 ක් මෙන්ම බලපත්‍ර නොමැතිව මත්පැන් අලෙවි කළ සහ අශෝභන ලෙස හැසිරුණු පුද්ගලයින් 78 දෙනෙකු ද අත්අඩංගුවට ගැනිණි.
එසේම, මෙම මෙහෙයුමේදී රථ වාහන නඩු 5254 ක් ලබා ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
COMMENTS