දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
පාස්කු බෝම්බය ගෝටාට පටවන විඩියෝවේ මුල-මැද-අග මෙන්න..
Homeප්‍රවෘත්ති

පාස්කු බෝම්බය ගෝටාට පටවන විඩියෝවේ මුල-මැද-අග මෙන්න..

PropellerAds

පා ස්කු ප්‍රහාරයට ගෝඨාභය රාජපක්ෂ මහතා සම්බන්ධ බවට ව්‍යාජ වීඩීයෝ පටයක් නිර්මාණය කර ප්‍රචාරය කිරීමේ එක්සත් ජාතික පක්ෂ කුමන්ත්‍රණයක් පිළිබද ව ...

ඇමතිවරයෙක් බිලියන ගණනක බැංකු පොල්ලක් තියලා - විඝනකාධිපති
ජෙරම් ප‍්‍රනාන්දුගේ දෙමවුපියන් කෝටි වාරයක් සමාව ඉල්ලයි (VIDEO)
කුරුන්දි විහාරයේ බෞද්ද-හින්දු ආගමික ආතතියක්... පොලිසිය කැදවයි.. තත්වය උණුසුම්!
පාස්කු ප්‍රහාරයට ගෝඨාභය රාජපක්ෂ මහතා සම්බන්ධ බවට ව්‍යාජ වීඩීයෝ පටයක් නිර්මාණය කර ප්‍රචාරය කිරීමේ එක්සත් ජාතික පක්ෂ කුමන්ත්‍රණයක් පිළිබද ව තොරතුරු අනාවරණය වේ.

පාස්කු ප්‍රහාරයේ වගකීම ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පටවා කතෝලික ඡන්ද සජිත් ප්‍රේමදාස මහතාට ලබා ගැනීමේ අරමුණින් එක්සත් ජාතික පක්ෂය මෙ‍ම නිර්ලජ්ජිත කුමන්ත්‍රණය ක්‍රියාත්මක කරන බවට ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සම්බන්ධ කතෝලික මන්ත්‍රීවරු චෝදනා කළහ.


ඔවුන් මෙහි දී අනාවරණය කළේ බත්තරමුල්ල ප්‍රදේශයේ ස්ථානයක මෙම රෑ ගත කිරීම් මේ වන විට සිදු වන බවයි. ඒ සදහා අදාළ ප්‍රචාරක ආයතනයට රැපියල් කෝටි 08 ක මුදලක් ලබා දී ඇතැයි ද මන්ත්‍රීවරැ පෙන්වා දුන් හ.

මීගමුව කොච්චිකඩේ රෙනොවෙල් හෝටලයේ දී පැවැති මෙම මාධ්‍ය හමුවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රිවරු වන නිමල් ලාන්සා‚ සනත් නිශාන්ත‚ අරුන්දික ප්‍රනාන්දු‚ සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ යන මහත්ම මහත්මීන් සහභාගී වූහ. ඊට අමතරව වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ සභාපති ට්‍රෙවින් ප්‍රනාන්දු‚ හිටපු පළාත් සභා මන්ත්‍රී උපුල් රාජිත‚ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් කුමාර ගුණරත්න යන මහත්වරුන්ද ඊට එක්ව සිටියහ.

මෙ‍ම ව්‍යාජ විඩීයෝ පටය සමාජ මාධ්‍ය වෙත මුදාහැර පසුව  එජාප පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහභාගිත්වයෙන් මාධ්‍ය හමුවක් කැදවීමටත් දේවස්ථාන ජනතා උද්ඝෝෂණයක් සංවිධානය කර ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගන්නා ලෙස ආණ්ඩුවට බල කිරීමට මෙම පිරිස සැලසුම් කර ඇතැයි මන්ත්‍රිවරු මෙහි දී පෙන්වා දුන් හ.

මෙම කුමන්ත්‍රණය පිටුපස  මංගලසමරවීර‚ තුසිත හල්ලොළුව සහ දයාන් ජයතිලක ඇතුළු පිරිසක් සිටින බව පෙන්වා දුන් මන්ත්‍රීවරු මේ සම්බන්ධයෙන් ‍සොයා ගැනීම සදහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක්‚ මෙයට විශේෂ ජනාධිපති කොමිසමක් ද පත් කර එහි අවසන් වාර්තා ද  ඉදිරිපත් කර ඇති අවස්ථාවක මෙවැනි කුමන්ත්‍රණයක් සිදු කරන්නේ එජාපය 16 වෙනිදා ලැබෙන නියත පරාජය හමුවේ වියරු වැටී සිටින නිසා බව ද පෙන්වා දුන්හ.



එහි දී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැක් වූ අදහස් මෙසේ යි..

පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලන්සා

“එක්සත් ජාතික පක්ෂයට කතෝලික ඡන්ද ලක්ෂ 10ක් වත් ලැබෙන්නේ නෑ. පරාද වන බව දන්න නිසා මේ වගේ කුමන්ත්‍රණ හරහා බලය ගන්නැ’යි එක්සත් ජාතික පක්ෂය මාන බලන්නේ. පාස්කු ප්‍රහාර ගැන අනූ හත් පාරක් ආණ්ඩුවට තොරතුරු ලැබිලා තිබුණා. CID එක TID එක හිටියා. පොලිසිය බුද්ධි අංශ හිටියා. ප්‍රහාරයෙන් පස්සේ තේරීම් කාරක සභාවක් පත් කරා. විශේෂ විමර්ශන කොමිසමකුත් පත් කරා. හැබැයි මේවයින් කළේ පාස්කු ප්‍රහාරයේ සැබෑ වග කිව යුත්තන් වසන් කිරීමයි.

අපි කතෝලික ජනතාවගෙන් ඉල්ලනවා රැවටෙන්න එපා. ජනතාව ඉදිරියට යන්න බැරි එක්සත් ජාතික පක්ෂය උත්සාහ කරන්නේ බොරු වපුරලා ජනතාව රවට්ටලා ඡන්ද ගන්නයි. මේ විඩීයෝ ව කරන්න බත්තරමුල්ල දැන්වීම් ආයතනයකට රුපියල් කෝටි 08 ක් ලබා දී තිබෙනවා. දැන් බත්තරමුල්ලේ මේ විඩීයෝ ව රූ ගත කරන බව අපි දන්නවා. මේ විඩීයෝව එළියට දාලා රට තුළ ගෝඨාභය රාජපක්ෂ මහතා පිළිබද ව වැරදි මතයක් නිර්මාණය කරලා ඡන්ද මංකොල්ලයන්ට ආණ්ඩුව සැලසුම් කරනවා. කතෝලික ජනතාවගෙන් ඉල්ලනවා පල්ලි ඉස්සරහා මේ වගේ අය උද්ඝෝෂණය කරන්න ආවොත් හොද පාඩමක් උගන්වන්න කියලා. ”

පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත

“පාස්කු ප්‍රහාරය ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සැලසුම මත ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් සිදුකෙරුණු බව පෙන්වීම තමයි මේ ව්‍යාජ විඩීයෝව නිර්මාණය කිරීමේ අරමුණ. රටේ ජාතික ආරක්ෂාව බිද වැටී ඇති බව ජනතාව තුළට කා වද්දා ජනාධිපතිවරණයේ දී වාසියක් ලබා ගැනීම එහි අරමුණ වී තිබෙනවා. මේ විඩීයෝව සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය කිරිමෙන් පස්සේ එක්සත් ජාතික පක්ෂයේ කතෝලික මන්ත්‍රීවරු මාධ්‍ය හමු පවත්වමින් ගෝඨාභය මහතාට එරෙහිව නීතිමය පියවර ගත යුතු බව ප්‍රකාශ කිරිමටත් ඉන් පසු ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමින් කතෝලික දේවස්ථාන ඉදිරිපිට උද්ඝෝෂණ සිදු කිරිමටත් සැලසුම් කර ඇති බවටත් තොරතුරු ලැබී තිබෙනවා.

මේ වීඩීයෝවේ පෙනී සිටින පුද්ගලයින් පිළිබදවත් මේවා කරන අය ගැනත්‚ කරවන අය ගැනත් සියලු තොරතුරු අප සතුව තිබෙනවා. මේ අයට විරුද්ධ ව අපි නීතිමය පියවර ගන්න සියල්ල සූදානම් කරලයි තියෙන්නේ.

තේරීම් කාරක සභා පත් කර විශේෂ කොමිශන් සභා පත් කර විමර්ශන සිදු කරායින් පසු ආණ්ඩුව අලුතින් නටන්න හදන මේ නාඩගම මොකක් ද? මේ කරන්න හදන්නෙ මැතිවරණය ඉලක්ක කර ගත් උප්පරවැට්ටියක්. මේවාට රැවටෙන්න එපායැ’යි අපි කතෝලික ජනතාවගෙන් ඉල්ලනවා.”

පාර්ලිමේන්තු මන්ත්‍රී අරැන්දික ප්‍රනාන්දු

“මේක නින්දිත සැලසුමක්. මේ පිටුපස ඉන්නේ මංගල සමරවීර‚ තුසිත හල්ලොළුව‚ දයාන් ජයතිලක වගේ අය. මංගල හැමදාම කළේ මේ වගේ කුමන්ත්‍රණ.  රිෂාඩ්ලා‚ හකීම්ලා බේර ගන්න  ගහපු උප්පරවැට්ටියක් තමයි තේරීම් කාරක සභාව. ඡන්දය ඉලක්ක කරගෙන මේ වගේ තුච්ඡ වැඩ කරලා හිතාගෙන ඉන්නේ අපේ කතෝලික ජනතාව රවට්ටන්න. අපි මේ පිළිබද ව සාක්ෂි සහිතව කාදිනල් උන්නාන්සෙට පැමිණීලි කරනවා.  ඒ වගේම මේවට සම්බන්ධ අයට විරුද්ධව නීතිමය පියවර ගන්නවා.”

පාර්ලිමේන්තු මන්ත්‍රී සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ 

“ පාස්කු ප්‍රහාරයට ලක්වුණු කතෝලික ජනතාවට මේ ආණ්ඩුවෙන් සාධාරණය ඉෂ්ඨ වුණේ නෑ. පරීක්ෂණ ගැන සෑහිමකට පත් වෙන්න බෑ. තේරීම් කාරක සභා වාර්තාව ඵුස්සක්. මේ ආණ්ඩුවට තව දුරටත් මෙරට කතෝලික ජනතාව රවට්ටන්න අපි ඉඩ තියන්නේ නෑ.”

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ගුණරත්න මහතා ද මෙහි දි කථා කළේ ය.



Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29313,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පාස්කු බෝම්බය ගෝටාට පටවන විඩියෝවේ මුල-මැද-අග මෙන්න..
පාස්කු බෝම්බය ගෝටාට පටවන විඩියෝවේ මුල-මැද-අග මෙන්න..
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj-h2RvkCek1N60CYnbJY07khTG-6pe23Zw8bso2Q3j5GfUaTHJNuXaNMo2C2VdJiJjoorTG44hFRTBpX3wzuSnBEy9nrqpJtn5Vv4k89l668tEd0qqE7Uo1Mhd_jz9niVXbWJ-FvBD758v/s320/56666.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj-h2RvkCek1N60CYnbJY07khTG-6pe23Zw8bso2Q3j5GfUaTHJNuXaNMo2C2VdJiJjoorTG44hFRTBpX3wzuSnBEy9nrqpJtn5Vv4k89l668tEd0qqE7Uo1Mhd_jz9niVXbWJ-FvBD758v/s72-c/56666.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/10/blog-post_747.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/10/blog-post_747.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy