මුලතිව් ඓතිහාසික කුරුන්දි රජමහා විහාරස්ථානයේ අද (18) දින පොන්ගල් පූජාවක් පැවත්වීම සඳහා දෙමළ ජාතික ජනතා පෙරමුනේ නායක ගජෙන්ද්‍ර කුමාර් පොන්න...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජෙන්ද්‍රකුමාර් පොන්නම්බලම් ඇතුලු පිරිස විසින් මුලතිව් අධිකරණයෙන් ලබාගත් අධිකරණ නියෝගයකට අනුව මුලතිව් කුරුන්දි විහාර භූමියේ පොන්ගල් පූජාවක් පැවත්වීමට පැමිණි අවස්ථාවේදී කුරුන්දි විහාරයේ දායකයින් එය නීති විරෝධී බව පවසමින් එයට විරෝධය පෑ අතර එහිදී දෙපාර්සවය අතර උණුසුම් වචන හුවමාරු වෙමින් උණුසුම් තත්වයක හටගන්නා ලදි.
අනතුරුව එම ස්ථානයට පැමිණි කුරුන්දි විහාරයේ විහාරාධිපති පූජ්‍ය ගල්ගමුවේ ශන්තබෝධි හිමියන් විසින් අධිකරණ නියෝගය හේතුවෙන් පොන්ගල් පූජාව පැවත්වීමට අවස්ථාව ලබාදෙන නමුත් ඉදිරියේදී මෙවැනි සදාචාර විරෝධී ක්‍රියා නොකරන ලෙසටද මන්ත්‍රීවරයා ඇතුලු පිරිසට දැනුම් දුන් අතර එම අවස්ථාවේදී විහාරාධිපති හිමියන්ට බැන වදිමින් එම පිරිස උණුසුම්කාරීව හැසිර ඇත.
අනතුරුව එම ස්ථානයට පැමිණි මුලතිව් පොලීසිය විසින් තත්වය පාලනය කොට පුරා විද්‍යා නිලධාරීන්ද කැඳවා පොංගල් පූජාව පැවත්වීමට සුදුසු ස්ථානයක් පිලිසකර කර දීමෙන් අනතුරුව පැමිණි පිරිස් විසින් පොන්ගල් පූජාව පවත්වා විසිර ගියහ.
කෙසේ වෙතත් අදාල අධිකරණ තීන්දුවලට එරෙහිව කුරුන්දි විහාරස්ථානයේ විහාරාධිපති ගල්ගමුවේ ශන්තබෝධී හිමියන් විසින් කොළඹ අභියාචනාධිකරණයේදී නඩුවක් ගොනුකිරීමට පියවර ගන්නා බවටද වැඩි දුරටත් පැවසීය.
– වන්නි රොමේෂ් මධුෂංක

COMMENTS