දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ජාතික පොලිස් කොමිසමේ මනමාල කුරුල්ලෙක්
Homeප්‍රවෘත්ති

ජාතික පොලිස් කොමිසමේ මනමාල කුරුල්ලෙක්

PropellerAds

ලිංගික හිංසනය ඉතා බරපතළ වරදක් වේ. එවැනි පැමිණිල්ලක් කිරීමට ඕනෑම කාන්තාවකට ඇත්තේ සීමා විරහිත අයිතියකි. එවැනි හිංසනයකදී තරාතිරම නොබලා උපරිම ද...

අලුත් බෙහෙත් නැතිව පරණ බෙහෙත්ම ගේන ඖෂධ මාෆියාවේ භයානක සෙල්ලමක් අධිකරණයේදී හෙළිදරව් වෙයි!
‘13 සංශෝධනය සම්පූර්ණයෙන් ක‍්‍රියාත්මක කරන්න’- ඉන්දීය විදේශ ලේකම් ජනපතිට දන්වයි
නිවාස අධිකාරියේ සභාපති පොලිසියයි මැර කණ්ඩායමකුයි යවලා ආයෝජකයකුගේ කොළඹ ඉඩමක් අල්ලපු හැටි - (video)
ලිංගික හිංසනය ඉතා බරපතළ වරදක් වේ. එවැනි පැමිණිල්ලක් කිරීමට ඕනෑම කාන්තාවකට ඇත්තේ සීමා විරහිත අයිතියකි. එවැනි හිංසනයකදී තරාතිරම නොබලා උපරිම දඬුවම් පැනවිය යුතුය.

මේ බව සඳහන් වූයේ ජාතික පොලිස් කොමිසමේ සභාපති ඩබ්ලිව් ඊ. කරලියද්ද වෙත යවන ලද ලිපියකය. එම ලිපිය යොමු කරන්නේ පසුගිය සතියේ සිකුරාදා (04) සිට තනතුරෙන් ඉවත් කළ පොලිස් කොමිසමේ මහජන පැමිණිලි විමර්ශන අධ්‍යක්ෂවරයාය.

ඔහු මෙම තනතුරෙන් ඉවත් කරන්නේ එසේ මෙසේ චෝදනාවකට ද නොවේ. පොලිස් කොමිසමේ සේවය කරන මාණ්ඩලික නිලධාරිනියකට ලිංගික හිංසාවන් කරන්නනට ගිය චෝදනාවකටය. එහි පරිපාලන නිලධාරිනිය ලෙස සිටි ඇයව දෛවෝපගත ලෙස මෙම ලොක්කා මීට වසර දහතුනකට පෙරත් මෙවැනි ලිංගික අතවරයක් කරන්නට ගිය බවත් හෙළිවන්නේ පොලිස් කොමිසම හමුවේ ඇය කළ පාපොච්චාරණයෙන්ය.

රාජ්‍ය සේවයේ නිලධාරිනියන්, තරුණ නිලධාරිනියන් රාජ්‍ය සේවය තුළ ඉහළ ලොක්කන්ගේ ලිංගික හිංසනයට ලක්වන මැති ඇමැතිවරුන්ගේ ලිංගික කරදරයන්ට ලක්වන බවට මෙම සිද්ධිය කදිම උදාහරණයකි. ​තමන්ට ස්ථාන මාරු ලබා දීම් වෙනත් පලිගැනීම්වලට ලක්වේ යැයි කියා එවැනි ලිංගික හිංසනයන්ට ලක්ව ඒවා දරාගෙන සිටින රාජ්‍ය සේවයේ නිරත කාන්තාවන්, තරුණියන් ඕනෑතරම් සිටින බව තහවුරු වන්නේත් මේ කියන සිදුවීම ගැන ගැඹුරින් සොයා යද්දීය.

මේ කියන පරිපාලන නිලධාරිනිය පළමු සිද්ධියට මුහුණ දෙන්නේ චූදිත නිලධාරියා විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂවරයා ලෙස රාජකාරි කරන සමයේදීය. එකල ඔහුගේ පෞද්ගලික සහකාර ලෙස ඇයට එහි පත්වීම ලැබිණි. අධ්‍යක්ෂ කාර්ය මණ්ඩලය නමින් වෙනම අංශයක් ස්ථාපනය කර තිබූ අතර මේ ඒකකයේ වැඩිපුරම සිටියේ සුරූපී තරුණියන්ය.

පැමිණිලිකාරිය කියන ආකාරයට අධ්‍යක්ෂවරයා දිනක් ඇගේ මේසය මත වාඩිවී ලිපියක් කියවන්නේ ඇයට යතුරු ලියනය කරන ලෙස දන්වමිනි. එක්වරම තමාගේ අතක් අල්ලා ඔහුගේ උකුල මත තබන්නට තැත් කරමින් තමාව සිප ගන්නට සැරසුණු අධ්‍යක්ෂවරයාව මේසයෙන් ඉවතට තල්ලු කර පා පහරක් දී කාර්යාලයෙන් පැන යන්නට සමත්වූ බව ඇය කියා සිටියි. සිය ප්‍රධානියාගේ ග්‍රහණයෙන් මිදී පැන ගිය ඇය පසු දිනම රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය වෙත ගොස් ස්ථාන මාරුවීමක් ලබාගත්තේ තමා සමග එකට සේවය කළ විශ්‍රාම වැටුප් නිලධාරිනියට පමණක් තමාට වූ අකරතැබ්බය කියා පාමිනි.

ඇය එතැනින් ගැලවී ගියද ඔහු යටතේ සිටි පෞද්ගලික සහකාරවරියන් ඇතුළු තරුණ නිලධාරිනියන් කිහිප දෙනෙකුටම මොහුගේ ලිංගික හිංසනයන්ට ලක්වන්නට සිදුවූයේය. අවසානයේ මෙකී නිලධාරියා උද්ඝෝෂණය කර පලවා හරින්නට එම දෙපාර්තමේන්තු සේවකයන්ට සිදු විය.

මේ ආකාරයට අමාත්‍යාංශ ලේකම් ධුරයක් හොබවද්දිත් කළ හදියක් නිසා මොහුට පරිපාලන සේවයේ සංචිතයට මාරුවක් ලැබ සිටින්නටද සිදු වූ බව කියන්නේ පරිපාලන සේවයේ නිලධාරින්ය.

කෙසේ වුවද පසුගිය සති​යේ සිද්ධියට මුල්වන්නේ මෙම වසරේ අගෝස්තු 16 දා සිට මොහු පොලිස් කොමිෂන් සභාවේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් තනතුරකට පත්ව ආ පසුවය. මේ වනවිට ඔහු වයස අවුරුදු හැට සපුරා විශ්‍රාමිකයකු ලෙස නැවත සේවයට බඳවාගෙන තිබිණි.

පොලිස් කොමිසමේ තමන්ට විඳින්නට සිදුවූ හිරිහැරය ගැන ඇය පොලිස් කොමිසමට ලිපියක් යොමු කළාය. පුදුමයට කරුණක් වන්නේ පැමිණලිකාරියගේ මේ ලිපියේ පිටපතක් චූදිත නිලධාරියා අතට පත්ව තිබීමය. පොලිස් කොමිසමේ ඉහළ නිලධාරීන්ගේ අවශ්‍යතාවට එම ලිපිය පිටපත් කළ අය කවුරුන්දැයි තොරතුරු අනාවරණය කරගන්නට අපට හැකිව තිබේ.

2019 ඔක්තෝබර් 03 දාතමින් ජාතික පොලිස් කොමිසමේ පරිපාලන නිලධාරිනිය තමාට මහජන පැමිණිලි අධ්‍යක්ෂවරයාගෙන් සිදු වූ ලිංගික හිංසාවන් පිළිබඳ පොලිස් කොමිෂන් සභාවට යොමුකළ මෙම ලිපියේ මෙසේ සඳහන් වන්නේය.

ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් තනතුරට පත්ව ආ ඔහු මගේ කාමරයට පැමිණ ඔහු හා එක්ව වැඩ කිරීමට කැමැත්ත විමසුවත් මා එය ප්‍රතික්ෂේප කරන ලදී. ……….. මහතා පත්ව ආ පසු හැම දිනකම පාහේ මගේ කාමරයට පැමිණෙන අතර මා රූමත් බවත් ඔහුට මා පිළිබඳ නැවතත් ඇල්මක් ඇති වී ඇති බවත් වරින් වර ප්‍රකාශ කරන ලදී. මා ඒවා නොඇසූ කනින් පසුවෙමින් විරුද්ධතාව දක්වන ලදී. ඇතැම් විට අතැඟිලි අල්ලමින්ද විටෙක ජනේලයෙන් එළිය බලන මුවාවෙන් මාගේ පුටුව පිටුපසින් පැමිණ පිට හා ගෙල අතගෑම ද සිදු කළත් ඒ හැමවිටම මා කාමරයෙන් පිටවී ගියා මිස කිසිවකු හා නොපැවසුවේ මාණ්ඩලික නිලධාරිනියක ලෙස කටයුතු කළ බැවිනි.

තමන් සමග කටයුතු කිරීමට අකැමැති නම් තමන් පොලිස් කොමිසමේ සේවයට රැගෙන ආ භාෂා පරිවර්තකවරියව තමන් පේන ස්ථානයක සියලු සැප පහසුකම් සහිත කාමරයක් වෙන් කර දෙන ලෙස චූදිත නිලධාරියා පසුව නියෝග කර ඇත.

කෙසේ වෙතත් පැමිණිලිකරු විත්තිය බවට පත්වෙමින් පරිපාලන නිලධාරිනියට ස්ථාන මාරුවක් ලබා දෙන්නේ ඇය සභාපතිවරයාගේ අණ පිළිනොපදින්නේය යන චෝදනාව යටතේය.

ඒකාබද්ධ සේවයෙන් පත් කළ පරිපාලන නිලධාරිනිය වගකිවයුත්තේ කොමිසමේ ලේකම්වරයාටය. විශ්‍රාමික නිලධාරියකු වන කොමිසමේ සභාපති රාජ්‍ය නිලධාරියකු නොවන නිසා ස්ථාන මාරුවීම්වල සිට නියෝග ලබාදීමේ බලය ඇත්තේ ලේකම්වරයාටය.

නමුදු පොලිස් කොමිසමේ සභාපතිගේ අත්සනින් නිල මුද්‍රාව, ලිපි ශීර්ෂ, අනු අංක කිසිවක් නොමැතිව සුදු පැහැති කොළයක සැකසූ ලිපියක් සමග රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම් ජේ.ජේ. රත්නසිරි හමුවට ගොස් ස්ථාන මාරු ලිපිය දෙන්නේ කොමිසමේ සභාපතිය. සභාපතිවරයා සමග චූදිත අධ්‍යක්ෂවරයාද ගිය බව ඔහුම පිළිගනියි.

එසේ දුන් ලිපිය නීත්‍යනුකූල නොවුණද රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයෙන් පරිපාලන නිලධාරිනියගේ මාරුවට අනුමැතිය ලබා දෙන්නේ මේ ලොක්කන්ගේ ඉල්ලීමටය.

හදිසියේම පැමිණි මේ ස්ථාන මාරුව ගැන කිසිත් නොදත් පොලිස් කොමිසමේ ලේකම්වරයා හා නිලධාරීන් ඒ ගැන පරිපාලන නිලධාරිනියගෙන් විමසූ විට තමන්ට විඳින්නට වූ ලිංගික හිරිහැර ගැන ආවර්ජනය කරන්නට පරිපාලන නිලධාරිනියට සිදුවිය.

‘‘සර් මට මේක තවදුරටත් හංගගෙන ඉන්න බැහැ. මට සෙක්ෂුවල් හැරස්මන්ට් කරන්න ආපු මහත්තයාට ඉඩ නොදුන්න නිසයි මට ට්‍රාන්සර් යන්න වුණේ. මට මේ ගැන පොලිසියකට ගිහින් කම්ප්ලේන් එකක් දාන්න යන්න තැනක් කියන්න’‘ යැයි පරිපාලන නිලධාරිනිය වසර දහතුනකට පසුව යළි අත්විඳින්නට වූ දෑ පාපොච්චාරණය කළාය.

ඉන්පසුව පොලිස් කොමිසමේ ලේකම්ගේ උපදෙස් මත ඇයව යොමු කරන්නේ පොලිස් කොමිසමේ සාමාජිකාවක වන සාවිත්‍රි ඩී. විජේසේකර වෙතය.

‘‘ඔයා සාවිත්‍රි මැඩම්ට මේක කියන්න. එයා හොඳ උත්තරයක් දෙයි. පොලිසි ගානේ යන්න එපා පොලිසිය පාලනය වන්නේත් අපි යටතේ. අපි හෙට කමිෂන් එක රැස් වුණාම මේක ගැන කතා කරන්නම්’‘ යැයි ලේකම්වරයා පරිපාලන නිලධාරිනියට දැන්වීය.

පසුදින (03) දිවා කාලයෙන් පසු පොලිස් කොමිසම හමුවට පරිපාලන නිලධාරිනිය කැඳවන්නේ සාවිත්‍රි ඩී. විජේසේකරය. ඇයත් සමග පොලිස් කොමිසමේ සභාපති ඊ. කරලියද්ද, අනෙක් සාමාජිකයන් වන තිලක් කොල්ලුරේ, එල්.එම්. සුවයිර්, පී. ජෙයකුමාර්, නිශාන්ත වීරසිංහ (ලේකම්) ගාමිණී නවරත්න, අශෝක විජේතිලක යන සාමාජිකයන්ද වූහ.

එහි දී ඇය කලින් කළ පාපොච්චාරණය කළේය. මම ඩිරෙක්ටර් සර් පළවැනියටම මගේ ඔෆිස් කාමරයට ආපු දවසේ අත් දෙක උස්සල වැඳලා කිව්වා සර් මට කලින් කරන්න හදපු දේවල් නම් මෙහෙදී කරන්න හදන්න එපා කියලා.

අද ඔහු මගේ කාමරයේ වාඩි වී ඔහුගේ ඉල්ලීමට එකඟ වන ලෙස දිගින් දිගටම ඇඟපත අත ගාමින් කළ ඉල්ලීම්වලට එකඟවනවා නම් ස්ථාන මාරුවීම අත්හිටුවා දිය හැකි බවත් ප්‍රකාශ කළ මේ නිලධාරියා දිගින් දිගටම ලිංගික ඉල්ලීම් කරමින් මා වෙත සිදු කරන බලපෑම් නිසා මා ඉතාමත් අසරණයි. මෙහි ඇතැම් ලිපිකරු නිලධාරිනියන්ගේ විස්තර අසමින් ඔවුන් හා ලිංගිකව එක්වීමට ඇත්නම් කියා මාගේ කාර්යාලයට පැමිණ ප්‍රකාශ කරනවා’’ යැයි ඇය සියල්ල හෙළි කළාය. එම පාපොච්චාරණය රහසක් ලෙස තබා ගනිමින් විමර්ශන කරන බව පැවසූ පොලිස් කොමිසම එය ලිඛිතව ලබා දෙන ලෙස ද ඇයට දැන්වූවාය.

ඒ අනුව අත් අකුරින් ලියූ පිටපතක පැමිණිල්ලට අදාළව ඇය දුන් පැමිණිල්ල අනුව පොලිස් කොමිසමේ අධ්‍යක්ෂවරයාගේ සේවය මෙම 04දා සිට අත්හිටුවන්නට කටයුතු යෙදිණි. මේ බව පොලිස් කොමිසමේ ලේකම් නිශාන්ත වීරසිංහ ද අරුණට තහවුරු කළේය.

අවසානයේ චූදිත නිලධාරියා ගැන අරුණ දිනපතා පුවත්පතින් පළකිරීමත් සමග ඔහුව කථානායකවරයා විසින් කැඳවන්නේ ව්‍යවස්ථාදායක සභාව පොලිස් කොමිසම ගැන තීරණ ගන්නා නිසාය.

කෙසේ වුවද එදිනම චූදිත නිලධාරියා තම පැමිණිලිකාරිය වූ පරිපාලන නිලධාරිනිය දුන් රහසිගත පැමිණිල්ලේ පිටපතක් හොර රහසේ ලබාගත් පසුව ඔහු විසින්ම එයද අප කාර්යාලයට ගෙනවිත් භාරදුන්නේ තමා නිවැරදිකරු කියමින්ය.

ඔහු අප වෙත ලබා දුන් ලියකියවිලි අනුව පොලිස් කොමිසමත් අවුල් ජාලයකි. සභාපති ලේකම් ඇන කොටා ගන්නා පොලිස් කොමිසමක මහජන පැමිණිලි භාර ගන්නා අධ්‍යක්ෂවරයාට එරෙහිව පරිපාලන නිලධාරිනිය සටනට බැස්සේ තනි කාන්තා හඬකින් සමස්ත රාජ්‍ය සේවයේ නිලධාරිනියන්ට වන අසාධාරණයට එරෙහිවය. නමුත් සිද්ධියෙන් පසු තමා රහසිගතව දුන් ලිපිය පිටතට ගිය ආකාරය කියන්නට කොමිසමේ සාමාජිකයන් අමතද්දී ඇගේ කඳුළු පිසින්නට ගිය අයත් දුරකථනයට සවන් දුන්නේ නැත.

අවසානයේ සිදුවූයේ පරිපාලන නිලධාරිනියව මෙම බ්‍රහස්පතින්දා (10) සිට වෙනත් දෙපාර්තමේන්තුවකට මාරු කර යැවීම පමණි. ‘‘ආ ඔයා දැන් අපේ එකේ නෑනෙ කියා’‘ පරිපාලන නිලධාරිනියගේ දුරකථන ඇමතුමට උත්තර දුන් පොලිස් කොමිසමේ කඳුළු පිසින්නට ගිය අය කාන්තාවන්ට වන අසාධාරණයට පෙනී සිටින ආකාරය රටටම වැරදි පූර්වාදර්ශ දුන්නේය.

දැන් සූදානම පොලිස් කොමිසමේ ලේකම් පලවා හරින සටනටය.

තිස්ස රවීන්ද්‍ර පෙරේරා
-aruna
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29321,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ජාතික පොලිස් කොමිසමේ මනමාල කුරුල්ලෙක්
ජාතික පොලිස් කොමිසමේ මනමාල කුරුල්ලෙක්
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjVXcg0or9WvSN9TF1_Zqhi4AsbRwu5Uf_JLkP5vC5efXaeHBSnOE1l_ti5ehdHmthFutmo3ak9VPB5hmvyhdWL8TE0XRG7ZYCJIyn_sgkPrj5q5_ZQvJ_INMMEJk4YTrUirVMUlKXWzLv1/s320/srilanka-police+-commsion.png
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjVXcg0or9WvSN9TF1_Zqhi4AsbRwu5Uf_JLkP5vC5efXaeHBSnOE1l_ti5ehdHmthFutmo3ak9VPB5hmvyhdWL8TE0XRG7ZYCJIyn_sgkPrj5q5_ZQvJ_INMMEJk4YTrUirVMUlKXWzLv1/s72-c/srilanka-police+-commsion.png
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/10/blog-post_542.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/10/blog-post_542.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy