දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
අලුත් බෙහෙත් නැතිව පරණ බෙහෙත්ම ගේන ඖෂධ මාෆියාවේ භයානක සෙල්ලමක් අධිකරණයේදී හෙළිදරව් වෙයි!
Homeප්‍රවෘත්ති

අලුත් බෙහෙත් නැතිව පරණ බෙහෙත්ම ගේන ඖෂධ මාෆියාවේ භයානක සෙල්ලමක් අධිකරණයේදී හෙළිදරව් වෙයි!

PropellerAds

රට තුළට ගුණාත්මක ඖෂධ ගෙන ඒම වැළැක්වීමට පැරණි ඖෂධ ජාවාරම්කරුවන් ගෙනයන ක්‍රමන්ත්‍රණකාරි වැඩපිළිවෙළ සමඟ රාජ්‍ය සේවකයින්, කූට ව්‍යාපාරිකයින් ම...

ආණ්ඩුව මැකො යළි එළියට අරන් එයි! පුංචි ජන්දය කල්දමන අලුත් ගුණ්ඩුවක්ද?
මූල්‍ය අරමුදලේ අනුමැතිය ගන්න එක ලේසි නෑ! සාකච්ඡාවලට ගිය මුදල් රාජ්‍ය ඇමැති කියයි!
ප‍්‍රියමාලි පරදන තවත් වංචනික මුල්‍ය සමාගමක් ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ (VIDEO)
රට තුළට ගුණාත්මක ඖෂධ ගෙන ඒම වැළැක්වීමට පැරණි ඖෂධ ජාවාරම්කරුවන් ගෙනයන ක්‍රමන්ත්‍රණකාරි වැඩපිළිවෙළ සමඟ රාජ්‍ය සේවකයින්, කූට ව්‍යාපාරිකයින් මෙන්ම ජාතික ඖෂධ නියාමක අධිකාරියේ නිලධාරින්ද සම්බන්ධ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරීස් මහතා ඊයේ (06) අධිකරණය හමුවේ පැවසීය.

ඔහු මේ බව සඳහන් කළේ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ඩිජිටල් දත්ත පද්ධතියේ දත්ත මැකියාම සම්බන්ධයෙන් වු නඩුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් බුද්ධික සී.රාගල මහතා ඉදිරියේ ඊයේ යළි කැඳවු අවස්ථාවේදිය.

එහිදී අදාළ සිදුවීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින එපික් ලංකා ටෙක්නොලොජීස් සමාගමේ මෘදුකාංග ඉංජිනේරුවරයා වෙනුවෙන් ජනාධිපති නීතිඥ සාලීය පීරිස් මහතා ඇප ඉල්ලීමක් සිදුකළේය.

“ස්වාමිනි මේ නඩුව සම්බන්ධයෙන් මාගේ සේවාදායකයාගේ මතය වන්නේ එම දත්ත අතපසුවීමකින් මැකුනා කියන එක. පැමිණිල්ල දක්වන පරිදි එය මැකුවාද නැත්තම් අතපසුවීමකින් මැකුනා ද කියන එක නඩු විභාගයක් අවසානයේ පරිගණක විශේෂඥායින් විසින් තීරණය කළ යුතු දෙයක්. නමුත් මේ අවස්ථාවේ කළ යුත්තේ ඇප සලකා බැලීම. පරිගණක අපරාධ පණත යටතේ ඔහුට විරුද්ධව ගොනුකර ඇති චෝදනා ඇප දිය හැකි වැරදි. පොදු දේපල පණත යටතේ චෝදනා ගොනුකර තිබුණාට දත්ත කියන ඒවා චංචල දේපලවලට වැටෙන්නේ නැහැ”. 

කෙසේ වෙතත් සැකකරුට මෙම අවස්ථාවේදී ඇප ලබාදීමට තමන් විරුද්ධ බව පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරීස් මහතා පැවසීය.

“ස්වාමිනි විත්තිය කියන්නේ මේ දත්ත මැකිම අතපසුවීමක් කියලා. නමුත් මොහු බබෙක් නෙමේ. මොහු පරිගණක මෘදුකාංග ඉංජිනේරුවරයෙක්. එවැනි පරිණත පුද්ගලයෙකුගෙන් මෙවැනි අතපසුවීමක් විය හැකිද? අනික ස්වාමිනි දත්ත ලේඛන 50ක්, 60ක් මැකුනානම් අතපසුවීමක් කියලා හිතන්න තිබුණා. නමුත් දත්ත ලේඛන ලක්ෂ 11ක් මැකීම අතපසුවීමක් වෙන්න බැහැ. ඔහු එම ලේඛන සියල්ල එකට එකතු කරලයි විධානය දීලා තියෙන්නේ මකන්න. පරිගණකය කිහිපවරක්ම එය ප්‍රතික්ෂේප කරද්දිත් මොහු තුන්පාරක් විධාන දීලා තියෙනවා දත්ත මකන්න. මම අහන්න කැමති මේක පොදු දේපලක් නොවේ කියන්නේ කොහොමද කියලා? මේ දත්ත කියන්නේ රජයේ දේපළ. මේ සැකකරු එහි පරිපාලකවරයා විතරයි.දත්ත ලේඛන ලක්ෂ 11ක් කියන්නේ භෞතිකව බැලුවොත් මේ අධිකරණ ශාලාවම පුරවන්න පුළුවන්. එහෙම බැලුවොත් මේක හරියට අධිකරණයක තිබ්බ නඩු භාණ්ඩ ගිනි තිබ්බා වගේ වැඩක්. සැකකරු අත්අඩංගුවට අරගෙන විමර්ශන කරලා තාම දවස් 07යි ගතවෙලා තියෙන්නේ. ඒ නිසා මේ අවස්ථාවේදි මෙම සැකකරුට ඇප දීමට පැමිණිල්ල විරුද්ධයි”.   

එසේම මෙම සිදුවීම සම්බන්ධයෙන් මෙතෙක් සිදුකරන ලද විමර්ශන පිළිබඳ වැඩිදුර බී වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරමින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා කරුණු පැහැදිලි කළේය.

“ස්වාමිනි අපි විමර්ශන කරන්නේ ජුලි මාසේ 09 වැනිදා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත පද්ධතියේ දත්ත මැකීම ගැන පමණක්ම නෙමේ. මේක මහා කුමන්ත්‍රණයක්. මීට පෙරත් මෙම දත්ත පද්ධතියේ දත්ත මැකීම්, සැගවීම් වෙලා තියෙනවා. මේකට රාජ්‍ය සේවකයෝ, කූඨ ව්‍යාපාරිකයෝ වගේම ජාතික ඖෂධ නියාමක අධිකාරියේ අභ්‍යන්තර නිලධාරින්ගේත් සහය ලැබී තිබෙනවා. මේක වෙන්නේ මෙහෙමයි ස්වාමිනි. ගුණාත්මක බවින් යුත් ඖෂධ මෙරටට ගෙන්වන්න නවක සමාගමක් ටෙන්ඩර් ඉල්ලුම්පතක් ඉදිරිපත් කරපුවාම ඒ ලේඛන ගැන තොරතුරු ඖෂධ නියාමන අධිකාරියේ ඇතැම් නිලධාරින්ගෙන් ජාවාරම්කරුවන්ට යනවා. එවිට ඖෂධ මාෆියාවේ නිරත ජාවාරම්කරුවන් මෙම සැකකරු හරහා අලුත් ටෙන්ඩර් ඉල්ලුම්පත් මකා දමනවා. එවිට ඖෂධ නියාමන අධිකාරියට පෙන්වන්නේ පරණ ජාවාරම්කරුවන්ගේ ටෙන්ඩර් අයැදුම්පත් විතරයි. ඒ කියන්නේ පරණ ජාවාරම්කරුවන්ටම ටෙන්ඩරය යනවා. හොඳ ගුණාත්මක බවින් යුත් බෙහෙත් මේ රටට ගෙන්වන්න අලුත් සමාගම්වලට පැරණි ජාවාරම්කරුවන් ඉඩදෙන්නේ නැහැ ස්වාමිනි”. 

දෙපාර්ශවයෙන් ඉදිරිපත් වු කරුණු සලකා බැලු කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා සැකකරුට ඇප ලබාදීම ප්‍රතික්ෂේප කළ අතර සැකකරු ලබන ඔක්තෝම්බර් 18 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: අලුත් බෙහෙත් නැතිව පරණ බෙහෙත්ම ගේන ඖෂධ මාෆියාවේ භයානක සෙල්ලමක් අධිකරණයේදී හෙළිදරව් වෙයි!
අලුත් බෙහෙත් නැතිව පරණ බෙහෙත්ම ගේන ඖෂධ මාෆියාවේ භයානක සෙල්ලමක් අධිකරණයේදී හෙළිදරව් වෙයි!
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjyvASZIeH4oJBzpZDfhG9JgitLmsTYNxWXs-E8jq4ecRzq508gtzsRciih5FyL9abRtH92hsELG-wqeWIcA0eh_TPyw9b4yhFacxTFxusBj0_vsMp2ys3jEvAdL40Jt-9GpY9m-DzUlUXl/w320-h168/drugs-750x375.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjyvASZIeH4oJBzpZDfhG9JgitLmsTYNxWXs-E8jq4ecRzq508gtzsRciih5FyL9abRtH92hsELG-wqeWIcA0eh_TPyw9b4yhFacxTFxusBj0_vsMp2ys3jEvAdL40Jt-9GpY9m-DzUlUXl/s72-w320-c-h168/drugs-750x375.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/10/blog-post_311.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/10/blog-post_311.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy