දී ර්ඝ කාලයක සිට දෙහිවල සත්ත්ව උද්‍යානය තුළ මහ පරිමාණයෙන් පවත්වාගෙන ගිය හෙරොයින් ජාවාරමකට අදාළ සත්ත්ව උද්‍යාන සේවකයකු ඇතුළු සැකකරුවන් සිවුද...
දීර්ඝ කාලයක සිට දෙහිවල සත්ත්ව උද්‍යානය තුළ මහ පරිමාණයෙන් පවත්වාගෙන ගිය හෙරොයින් ජාවාරමකට අදාළ සත්ත්ව උද්‍යාන සේවකයකු ඇතුළු සැකකරුවන් සිවුදෙනකු රුපියල් අසූ එක් ලක්‍ෂයකට අධික වටිනාකමකින් යුත් හෙරොයින් ග්‍රෑම් 643ක් සමඟ පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මෙම වැටලීමේදී රුපියල් ලක්‍ෂ 20කට අධික මුදලක්, නවීන පිස්තෝලයක්, මිලිමීටර් 9 වර්ගයේ ජීව පතරොම් 05ක් සහ මෝටර් රථයක් සොයා ගෙන ඇත.
පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරි ජේයෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ් මහතාගේ ඍජු අධීක්‍ෂණය හා උපදෙස් මත මෙම වැටලීම සිදුකර තිබේ.
මෙම මහ පරිමාණ හෙරොයින් ජාවාරම මෙහෙයවා ඇත්තේ දැනට වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු විසින් බවද අනාවරණය වී ඇති බැව් පොලිසිය පවසයි.
පොලිස් විශේෂ කාර්ය බළකායට ලද තොරතුරක් මත පෙරේදා (16දා) පස්වරුවේ දෙහිවල ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 100ක් සමඟ සැකකරුවකු මුලින්ම අත්අඩංගුවට ගෙන තිබේ.
කසුන් ෂෙහාන් කළුවිතාරන (34) නමැති එම සැකකරුගේ දෙහිවල, කවුඩාන ප්‍රදේශයේ පිහිටි නිවෙසේදී මෙම හෙරොයින් සොයා ගෙන ඇති බව පොලිසිය පවසයි.
මෙම සැකකරුගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී දෙහිවල, කවුඩාන ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රැම් 100ක් සමඟ තවත් සැකකරුවකු අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් දෙහිවල, කළුබෝවිල, ප්‍රතිබිම්බාරාම පාර ප්‍රදේශයේ පදිංචි විදානආරච්චිගේ නාලක පුෂ්පකුමාර (41) නමැති මෙම සැකකරුද දෙහිවල සත්ත්ව උද්‍යානයේ සේවකයකු බව අනාවරණය වී ඇති බවද පොලිසිය කියා සිටී.
අනතුරුව පොලිස් විශේෂ කාර්ය බළකායේ කණ්ඩායමක් දෙහිවල සත්ත්ව උද්‍යානයට ගොස් සැකකරු සිටින කාර්යාලය පරීක්‍ෂා කිරීමේදී සැකකරුගේ කබඩ් එකක සඟවා තිබූ හෙරොයින් ග්‍රැම් 400ක් සොයා ගෙන ඇති බවද පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් දෙදෙනාගෙන් කරන ලද ප්‍රශ්න කිරීම් හරහා කටුනායක ප්‍රදේශයේදී සුඛෝපභෝගී රථයක ගමන් ගත් සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇත.
එහි රියැදුරු ලෙස කටයුතු කළ මොරටුව, මෙල්පේ ප්‍රදේශයේ පදිංචි අරුණාපුරගේ රනුජ පාලිත රණතිස්ස (41) සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 68ක් සහ රුපියල් ලක්‍ෂ 20කට අධික මුදලක් සොයා ගෙන තිබේ.
රථයේ ගමන් ගත් අම්බලන්තොට පදිංචි පල්ලිය අසල රුහුණු රිදීගම පාර පදිංචි සන්සුදීන් මොහොමඩ් ජුනේදීන් (34) නමැත්තා සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 15ක් සහ පිස්තෝලයක් සමඟ උණ්ඩ පොලිසිය සොයාගෙන ඇත.
මොහොමඩ් ජුනේදීන් නමැති මෙම සැකකරු ඉකුත් 12 වැනිදා කටුබැද්ද ප්‍රදේශයට පැමිණ හෝටලයක නැවතී සිට ඇතැයිද අනාවරණය වී ඇති බව පොලිසිය කියා සිටී.
ඔවුන් ගමන් ගත් සුඛෝපභෝගී රථයද කුලී පදනම මත ලබාගෙන ඇති බවද හෙළිවී තිබේ.
චාමර අමරසූරිය, පොතුපිටිය - සුමිත් රණවක, කොළඹ - එම්.සී. පෙරේරා

COMMENTS