2012 වර්ෂයේ කොටකෙතන නිවසකදී පාසල් යන දියණියක හා මවක වූ නයනා නිල්මිණී හා කාවින්ද්‍යා චතුරංගි නැමැති අය කපා කොටා අමානුෂික අන්දමින් ඝාතනය කළ ...
2012 ජනවාරී මස 31 වැනිදා හෝ ඊට ආසන්න දිනයක රත්නපුර කොටකෙතන ප‍්‍රදේශයේදී නයනා නිලිමිණී (52) හා කවින්ද්‍යා චතුරංගි සෙල්ලහේවා (17) නමැති මව සහ දියණිය ඝාතනය කළ බවට විත්තිකරුවන්ට එරෙහිව නීතීපතිවරයා විසින් නඩු පවරා තිබුණි .
තීන්දුව ප‍්‍රකාශයට පත් කරමින් මහාධිකරන විනිසුරු විකුම් කලුආරච්චී මහතා පවසා සිටියේ මෙම ද්විත්ව ඝාතනය විත්තිකරු විසින් මන්නයකින් කපා කොටා කෲර හා අමානුෂික ලෙසට සිදු කර ඇති බවට පර්‍යේෂණීය සාක්ෂි වලින් ඔප්පු වී ඇති බවයි.
මෙම ඝාතනයට යොදා ගත් මන්නා පිහිය විත්තිකරු විසින් ඔහුගේ නිවසේ සගවා තිබියදී සොයා ගෙන ඇති බවත් DNA පරීක්ෂණ වාර්තා අනුව එහි ඝාතනයට ලක්වූ මවගේ ජෛව කොටස් තැවරී ඇති බවට අනාවරණය වී ඇති බව ද මහාධිකරණ විනිසුරුවරයා අවධාරණය කර සිටියා .
තවද ඝාතනයට ලක්වූ මවගේ කරාබු යුවළ ද විත්තිකරුගේ ප්‍රකාශ මත නිවසේ පිටත බිත්ති කවුලුවක සගවා තිබියදී සොයා ගෙන ඇති බවත් මහාධිකරණ විනිසුරුවරයා පවසා සිටියා .
ඝාතනයට ලක්වූ මව සහ දියණිය නිවස තුළිදී කෲර ලෙසට ඝාතනය කර ඇති බවත් පසුව දියණියගේ සිරුර යාබද රබර් වත්තක් වෙත ගෙන ගොස් දමා ඇති බව හෙළිවී ඇති බව විනිසුරුවරයා පවසා සිටියා .
චුදිතයාට එරෙහි මිනීමැරීමේ චොදනා පැමිනිලි පාර්ශ්වය සාධාරණ සැකයෙන් තොරව ඔප්පුකර ඇති බවත් වැලිකඩ සිර මැදිරියේදී ජනාධිපතිවරයා නියම කරන දිනයක චුදිතව ප්‍රාණය නිරුද්ද වන තෙක් එල්ල තැබීමට මහාධිකරණ විනිසුරු විකුම් කලුආරච්චි මහතා නියොග කළා.
කෙසේවෙතත් මෙම විත්තිකරුගේ බිරිඳ වන අශෝකා චාන්දනී කුමාරී හෙවත් බට්ටි නැමැත්තිය සාක්ෂි නොමැති හේතුව මත නිදොස් කොට මුදාහැරීමට මහාධිකරණය මීට පෙර නියෝග කළා.

COMMENTS