ම හින්ද රාජපක්ෂ පාලන සමයේ රාජපක්ෂවරුන් විසින් වනාන්තරවල සිටින ඇතින්නියන් මරා දමා අලි පැටවුන් සොරකම් කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජි...
මහින්ද රාජපක්ෂ පාලන සමයේ රාජපක්ෂවරුන් විසින් වනාන්තරවල සිටින ඇතින්නියන් මරා දමා අලි පැටවුන් සොරකම් කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජිතමුනි සොයිසා මහතා පවසයි.
ඒ සඳහා අලි පොත පවා අතුරුදහන් කල බවද ඇතැම් අලින් ලක්‍ෂ 80-100ට විකුණා දැමූ බවට ද ඔහු චෝදනා කළේය.
ඔහු මෙම අදහස් පළ කරනු ලැබුවේ සජිත් ප්‍රේමදාස මහතාගේ ජනාධිපතිවරණ ජන රැළියක් අමතමිනි.
එමෙන්ම එකල රාජපක්ෂවරුන් ලංකාව පීරමින් සපුමල් කුමාරයාගේ කඩුව සෙවූ බවත් ඒ සඳහා මුළු ලංකාවම ස්කෑන් කර බැලිය හැකි යන්ත්‍ර සහිත ගුවන්යානාවලින් ලංකාවම ස්කෑන් කර බැලූ බව ද ඔහු පැවසීය.
එම කඩුව සොයාගෙන යාමේදී කෝට්ටේ නාග විහාරයේ භික්ෂූන් වහන්සේලා දෙනමක් ද ඔවුන් විසින් ඝාතනය කළ බවද පැවසූ ඔහු කෞතුකාගාරයේ කඩා එහි තිබූ වටිනා බඩු ද සොරකම් කළ බවට ද චෝදනා කළේය.

COMMENTS