සංහිඳියාවට විරුද්ධ අය අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් ඒකකයක් පිහිටුවමින් ආණ්‌ඩුව අලුත්ම මර්දනයක් පටන්ගෙන ඇතැයි හිටපු ජනපති මහින්ද රා...
සංහිඳියාවට විරුද්ධ අය අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් ඒකකයක් පිහිටුවමින් ආණ්‌ඩුව අලුත්ම මර්දනයක් පටන්ගෙන ඇතැයි හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.
ඔහු මේ බව පැවසූයේ චීන සංචාරය සඳහා පිටත්ව යෑමට පෙර කොළඹ 07 විඡේරාම මාවත පිහිටි සිය නිල නිවසේදී ඊයේ (22) මාධ්‍ය ප්‍රධානීන් සමඟ පැවැති සාකච්ඡාවේදී ය.
ආණ්‌ඩුව මින් උත්සාහ කරන්නේ බෙදුම්වාදී ව්‍යවස්‌ථාවට එරෙහිව කටයුතු කරන විමල් වීරවංශ, දිනේෂ් ගුණවර්ධන උදය ගම්මන්පිල, කෙහෙළිය රඹුක්‌වැල්ල වැනි දේශපාලනඥයන් හිරේට ගැනීමට බවද හිටපු ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
එහිදී හිටපු ජනාධිපතිවරයා මෙසේද කීවේය.
“ව්‍යවස්‌ථාව වෙනස් කිරීම මූලික රාමුවක් තුළ තිබිය යුතුයි. ඒකීය ව්‍යවස්‌ථාවක්‌ද පෙඩරල් ව්‍යවස්‌ථාවක්‌ද කියලා මුලින්ම බලන්න ඕනේ. මේ කමිටු වගයක් දාගෙන අපේ කට්‌ටියත් මේකට දාගන්න හදනවා. මේකට අන්තිම කැමැත්ත දෙන්නේ සුමන්තිරන්ද, ඩයස්‌පෝරාවද, නැත්නම් වෙනත් රටක්‌ද කියලා අපිට කියන්න. මම මුලින්ම විරුද්ධ අපේ රටේ ව්‍යවස්‌ථාව වෙනත් රාජ්‍යයන්ගේ මැදිහත්වීම හරහා සිදු කිරීමටයි. තවම මේ ගැන ඒ අයවත් හරියට කතා කරන්නේ නැහැ. හැබැයි මේ වැඩපිළිවෙළ දිහා බලාගෙන යනකොට පෙනෙනවා මේක කොයි දිශාවටද යන්නේ කියලා. මෙතැන වචනයට ඒකීය දෙයි. බුද්ධාගමට ප්‍රමුඛ ස්‌ථානය දෙනවා කියලා වචනයට දෙයි. හැබැයි ඊට යටින් රට බෙදුම්වාදයට යට කරයි. අපිට වචන ටික දීලා බෙදුම්වාදයට පෙඩරල් දෙන්නයි මේ සැලසුම් සකස් කරන්නේ.
එජාපය විසින් තමනට ලැබුණු අවුරුදු දෙකක කාලයක් තුළ රාජ්‍ය ආයතන පනස්‌දෙකක් විකුණා දැමුවා. මම බලයට ඇවිල්ලා ඒ ආයතනවලින් සමහරක් යළිත් රජයට පවරා ගත්තා. දැන් ආයෙමත් මේ ආණ්‌ඩුව අරගෙන යන්නේ එදා එජාපය රැගෙන ගිය යළි පුබුqදමු ශ්‍රී ලංකා වැඩපිළිවෙළයි. ජාතික ආණ්‌ඩුව නාමයෙන් ශ්‍රී ලනිපයේ අයත් එජාපයේ මෙම වැඩපිළිවෙළට අත ඉස්‌සීම පිළිබඳව තමා කනගාටුවනවා“ යැයි ද මහින්ද රාජපක්‍ෂ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
COMMENTS