වැ රැදි, දූෂණ ක්‍රියා, නීති විරෝධී ක්‍රියා සිදු කිරීම හා විධාන උල්ලංඝනය කිරීම පිළිබඳව පනවා ඇති දඬුවම්, ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම පිළිබඳ...
වැරැදි, දූෂණ ක්‍රියා, නීති විරෝධී ක්‍රියා සිදු කිරීම හා විධාන උල්ලංඝනය කිරීම පිළිබඳව පනවා ඇති දඬුවම්, ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම පිළිබඳ පනතේ සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පැහැදිලිව දක්වා ඇතැයිද සමහර වැරැදි සඳහා දඬුවම තේරීපත්වීම අවලංගු වීම, ප්‍රජා අයිතිය අහිමිවීම තරම් බරපතළ බවද පෙන්වා දෙන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය පැවැසීය.
ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා පත්‍ර භාරගත් අවස්ථාවේ ප්‍රකාශයක් කරමින් සභාපතිවරයා මෙසේද පැවැසීය.
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 31 වැනි ව්‍යවස්ථාවේ (3) වැනි අනු ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයා තෝරාපත් කරගැනීම සඳහා වූ ඡන්දවිමසීම දැනට ධුරය දරන ජනාධිපතිවරයාගේ ධුර කාලය ඉකුත් වීමට පෙර මාසයකට අඩු නොවන සහ මාස දෙකකට වැඩි නොවන කාලසීමාවක් තුළ පැවැත්විය යුතු හෙයින් හා වත්මන් ජනාධිපතිවරයාගේ ධුර කාලය 2020 ජනවාරි මස 08 වැනි දිනදී ඉකුත් වන බැවින් 2019 සැප්තැම්බර් මස 18 වැනි දින මැතිවරණ කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත් කරන ලද නාමයෝජනා කැඳවීමේ දැන්වීම අනුව 2019 නොවැම්බර් මස 16 වැනි දින පැවැත්වීමට නියමිත ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමේ ඡන්ද විමසීම සඳහා අද (2019 ඔක්තෝබර් 07 දින) නාමයෝජනා භාර ගැනීම සිදු කරන ලදී. ඒ අනුව ඒ සඳහා අපේක්ෂකයන් 35 දෙනකු නාමයෝජනා භාරදී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව වෙනුවෙන් ප්‍රකාශ කර සිටිමි.
1981 අංක 15 දරන ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම පිළිබඳ පනතේ ම වැනි කොටසේ 66 (අ) වගන්තියේ සිට 75 (7) වගන්තිය දක්වා වූ වැරැදි, දූෂණ ක්‍රියා හා නීති විරෝධී ක්‍රියා පිළිබඳවද ඡන්ද විමසීම් පනතේ 90 හා 91 වගන්තිවලින් දැක්වෙන ඡන්ද පෙත්සම් පිළිබඳවද එසේ රාජ්‍ය දේපළ අයුතු පරිහරණය සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව 2019.09.19 දින නිකුත් කළ අංක 2141/52 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ සඳහන් විධාන පිළිබඳව මෙහි රැස්ව සිටින ඔබ සැමගේ හා සියලුම ශ්‍රී ලාංකික පුරවැසියන්ගේ කාරුණික අවධානය යොමු කරවීමට කැමැත්තෙමි.
ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම පිළිබඳ පනතේ 74 වැනි වගන්තිය යටතේ නාමයෝජනා දින සිට ඡන්ද විමසීම අවසන් වන තෙක් අපේක්ෂකයකු තෝරා පත්කර ගැනීමේ ඉඩකඩ වැඩි කිරීම සඳහා හෝ තවත් අපේක්ෂකයකු අගතියට පත්කිරීමේ ප්‍රචාරක පත්‍රිකා සහ අනෙකුත් දෑ ප්‍රදර්ශනය කිරීම සහ බෙදාහැරීම සම්බන්ධ නීතිමය ප්‍රතිපාදන කෙරෙහි සියලුම අපේක්ෂකයන්ගේ හා ආධාරකරුවන්ගේ අවධානය යොමු කරවනු ලැබේ. මෙම නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය උපදෙස් පොලිස්පතිවරයා වෙත දැනටමත් නිකුත් කර ඇත. මැතිවරණ ප්‍රචාරක දැන්වීමක් හෝ වෙනත් ආකාරයක ප්‍රචාරක ඡායාරූප හෝ එවැනි චිත්‍ර, ඡන්ද සලකුණු, ධජ, පතාක යනාදිය ප්‍රදර්ශනය කළ හැක්කේ රැස්වීමක් පැවැත්වීමට නියමිත දිනයක ඒ ස්ථානය අසල හෝ ඒ ස්ථානයෙහි හෝ විධිමත් ලෙස අවසරය ලබාගත් ඡන්ද කාර්යාලවල නිශ්චිත සීමා කිරීම්වලට යටත්ව පමණි.
නාමයෝජනා දිනයේ සිට ජනාධිපතිවරණය අවසන් වී සතියක් ගත වන තුරු පෙළපාළි පැවැත්වීම තහනම්ය. මෙවැනි අනීතික පෙළපාළි නැවැත්වීමට මෙන්ම එවැනි අවස්ථා වීඩියෝ කර අධිකරණයට වාර්තා කිරීමටද පොලිසිය ක්‍රියා කරනු ඇත. ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කළ යුත්තේ පොලිසියේ අවසරය ඇතිව පමණකි.
ඡන්දය ලබා ගැනීම සඳහා සංග්‍රහ කිරීම්, අල්ලස් ලබාදීම්, අයුතු බලපෑම්, දූෂණ ක්‍රියා සේ සැලකේ. ආගමික වැඩසටහන් හරහා හෝ පූජනීය ස්ථාන තුළ පවත්වන රැස්වීම් හරහා පක්ෂ/අපේක්ෂක ප්‍රවර්ධනය අයුතු බලපෑම් යටතට ගැනෙයි.
රජයේ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු මෙන්ම රාජ්‍ය සංස්ථා, මණ්ඩල, බැංකු යනාදී ව්‍යවස්ථාපිත ආයතන ද පළාත් සභා හා පළාත් පාලන ආයතන යනාදී සියල්ල රාජ්‍ය ආයතනලෙස සැලකේ. මෙම රාජ්‍ය දේපළ ජනාධිපතිවරණයේදී පක්ෂ/අපේක්ෂක ප්‍රවර්ධනය සඳහා නැතහොත් අගතියට පත් කිරීම සඳහා භාවිත කිරීම සපුරා තහනම්ය. දේශපාලන අයිතිවාසිකම් අහිමි කිසිදු නිලධරයකුට ජනාධිපතිවරණයට අදාළව ඡන්දය දීම හැර වෙනත් කිසිදු දේශපාලනමය ක්‍රියාවක නිරත විය නොහැකිය. දේශපාලන අයිතිවාසිකම් හිමි රාජ්‍ය සේවකයන්ට පවා කාර්යාල වේලාව තුළ දේශපාලනමය කටයුතුවල නිරත විය නොහැකිය. සෑම රජයේ නිලධාරියකුම, මැතිවරණ කොමිෂන් සභාව විසින් 2019-09-19 දිනැතිව අංක 2141/52 දරන ගැසට් පත්‍රය මඟින් නිකුත් කරන ලද විධානවලට යටත්ය.
ඔබ, ඔබගේ නියෝජිතයන්, අදාළ වන විට පක්ෂයේ නිලධාරීන් හා සාමාජිකයන් සහ උදේයාගිමත් ආධාරකරුවන් කිසිවකු මෙම අනීතික කියා සිදු නොකරනු ඇතැයිද කිසිවකුට එසේ කිරීමට ඔබ ඉඩ නොදෙනු ඇතැයිද මැතිවරණ කොමිෂන් සභාව ඉතා ඕනෑකමින් අපේක්ෂා කරයි. කරුණාකර එකී නොමනා ක්‍රියාවලින් වැළකෙනු මැනවි.
මෙම ඡන්ද විමසීම් කාලසීමාව තුළ අන් කවරදාටත් වඩා මධ්‍යස්ථ ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් කිසිවකුට විශේෂ බැඳීමක් හෝ විරුද්ධත්වයක් නොමැතිව ක්‍රියා කිරීමට රාජ්‍ය මධ්‍ය ආයතනය නීතියෙන් බැඳී සිටී.
පෞද්ගලික මාධ්‍ය ආයතන ද මෙම ඡන්ද විමසීමේදී කිසිදු අපේක්‍ෂකයකු ප්‍රවර්ධනයට හේතු වන පරිදි හෝ අගතියට පත් වන පරිදි හෝ අසත්‍ය ප්‍රකාශ කිරීමෙන් හෙවත් සනාථ කළ නොහැකි ප්‍රකාශ කිරීමෙන් වැළැකී සිටීමට බැඳී සිටී. පෞද්ගලික විද්‍යුත් මාධ්‍ය එනම් පෞද්ගලික රූපවාහිනි හා ගුවන් විදුලි සේවා පවා භාවිත කරන්නේ ජනතාව සතු සංඛ්‍යාත වේ. එම සංඛ්‍යාත නැතහොත් තරංග මාලා රජය සතුය. එනම් ජනතාව සතුය.
ස්වකීය අපේක්‍ෂකත්වය හා තමන්ට සහාය වන දේශපාලන පක්‍ෂ හා දේශපාලනඥයන් ප්‍රවර්ධනය සඳහා හෝ අන් අපේක්‍ෂකයන්, දේශපාලනඥයන්, දේශපාලන පක්‍ෂ අගතියට පත් කිරීම සඳහා අසීමිත පරිදි ජනමාධ්‍ය භාවිත කිරීම වැළැකී සිටින ලෙස මෙන්ම කැපී පෙනෙන අයුරින් තමන්ට සහාය දැක්වීමට ක්‍රියා නොකරන ලෙස ජනමාධ්‍ය ආයතන දැනුවත් කරන ලෙස සියලුම අපේක්‍ෂකයන් වෙතින් හා දේශපාලනඥයන්ගෙන් මෙහිදී ඉල්ලා සිටිනු ලැබේ. එය ඔබ සැමගේ වගකීමක් බව පෙනුවා දෙනු රිසියෙමි.
එමෙන්ම වගකීම් සහිතව සමාජ මාධ්‍ය ජාල භාවිත කරන ලෙස, ස්වකීය පාක්ෂිකයන් හා හඳුනන/නොහඳුනන සියලුම ස්වකීය ආධාරකරුවන් දැනුවත් කරන ලෙස මෙහ පැමිණ සිටින සියලුම අපේක්ෂකයන්ගෙන් හා දේශපාලනඥයන්ද අන් සියලු දේශපාලනඥයන්ගෙන්ද මැතිවරණ කොමිෂන් සභාව වෙනුවෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.
ඡන්ද දෙන ආකාරය හෝ ඡන්දය දී ඇති ඡන්ද පත්‍රිකා හෝ ඡායාරූප ගත කිරීම හා එවැනි ඡායාරූප ප්‍රසිද්ධියට පත් කිරීම නොකළ යුතු බවද මෙහිදී අවධාරණය කරනු ලැබේ.
නාධිපතිවරණය පැවැත්වෙන 2019 නොවැම්බර් 16 වැනි දිනට පැය 48 කට පෙර සිට නිහඬ කාලසීමාව ආරම්භ වේ. එබැවින් එම කාලසීමාව තුළ සියලුම අපේක්ෂකයන්, දේශපාලන පක්ෂ, දේශපාලනඥයන්, ආධාරකරුවන් මෙන්ම ජනමාධ්‍ය ආයතන ද සියලුම ආකාරයේ පක්ෂ/ අපේක්ෂක ප්‍රවර්ධනය කිරීමේ ප්‍රචාරක කටයුතුවලින් හෝ අගතියට පත් කිරීමේ ප්‍රචාරක කටයුතුවලින් වැළකී සිටිය යුතුය. මෙහිදී රැස්වීම් පැවැත්වීම පමණක් නොව ජනමාධ්‍ය තුළින් දැන්වීම් ප්‍රචාරය කිරීම, සමාජ මාධ්‍ය ජාල හා දුරකථන ඇමතුම්, කෙටි පණිවුඩ හරහා සිදු කෙරෙන ප්‍රචාරක කටයුතු කිසිවක් සිදු නොකළ යුතුය.
එම කාලසීමාව තුළ අපෙක්ෂකයන් හා පක්ෂ සෘජුවම හෝ වක්‍රව ප්‍රවර්ධනය සඳහා අගතියට පත් කිරීම සඳහා පැරැණි රැස්වීම් හෝ වැඩසටහන් පිළිබඳ තොරතුරු, චිත්‍රපට යනාදිය ප්‍රදර්ශනය කිරීමෙන්, කරවීමෙන් වැළකී සිටීමට අදාළ සියලුම දෙනා වගබලා ගත යුතුය.
සියලුම පුරවැසියන් එනම් සමස්ත සමාජයම සමානාත්මතාව, සමාජ සාධාරණත්වය, වාර්ගික හේතු මත වෙනස්කම්වලට ලක් නොකිරීම යන සියල්ල ඇතුළත් “සහකම්පනය” මත පදනම්ව ක්‍රියා කළ හොත් මේ ජනාධිපතිවරණය කිසිදු බාධාවකින් තොරව නිදහස්ව සාධාරණව විනිවිදබවින් යුතුව විශ්වසනීයව පැවැත්විය හැකිය.
ජේ.ටී. ද සිල්වා

COMMENTS