දි න 6 ක් තිස්සේ අතුරුදන්ව සිටි ගම්පොළ පාසල් ගුරුවරියගේ නිසල සිරුර මහවැලි ගෙ`ග් කිලෝ මීටර් 40 ක් පමණ දුර ගසාගෙන ගොස් වික්ටෝරියා ජලාශයේ රැුඳ...
දින 6 ක් තිස්සේ අතුරුදන්ව සිටි ගම්පොළ පාසල් ගුරුවරියගේ නිසල සිරුර මහවැලි ගෙ`ග් කිලෝ මීටර් 40 ක් පමණ දුර ගසාගෙන ගොස් වික්ටෝරියා ජලාශයේ රැුඳී තිබියදී ගොඩගැනීමෙන් පසු ඊයේ (8දා) උදෑසන දෙමාපියන් හා ඥාතීන් විසින් හඳුනාගෙන ඇත. පාසල නිම වී පසුගිය 01 වැනිදා නිවසට එමින් සිටියදී නිවස ආසන්නයේදී මෙසේ අතුරුදහන්ව සිටියේ ගම්පොල කීරපන ප‍්‍රදේශයේ පදිංචි චන්දිමා නිසංසලා රත්නායක නමැති 27 හැවිරිදි තරුණ ගුරුවරියයි.
ඇය හැටන් ශ‍්‍රී පාද විද්‍යාලයේ ඉංග‍්‍රීසි ගුරුවරියක ලෙස සේවය කරන අතර එහි සිට කිලෝමීටර් 60 ක් පමණ දුර ගෙවා නිවසට එමින් සිට ඇති අතර නිවසට මීටර් 100 ක් පමණ ආසන්නයේදී මෙසේ අතුරුදහන්ව තිබිණි.
නිවස ආසන්නයේ ඇති ඉගෙනුම නමැති අධ්‍යාපන ආයතනයේ සිසිටීවි කැමරාවක ඇය පැමිණෙන අයුරු සටහන්ව තිබීම නිසා මේ බව තහවුරු වී තිබිණි.
වර්ෂාව පැවැති අවස්ථාවක ඇය පැමිණි නිසා ඇගේ අතුරුදහන් වීමත් සමග ගම්වාසීන් හා පොලිසිය එක්ව ඇය ගමන්ගත් මාර්ගයේ කාණුවල හා කැලෑ රොදවල්ද පරීක්‍ෂා කර තිබිණි.
නමුත් ඇය පිළිබඳව කිසිදු හෝඩුවාවක් නොතිබූ අතර විවිධ කට කතා සමග පොලිස් පරීක්‍ෂණද ක‍්‍රියාත්මකව තිබිණි.
ඒ අතර මීට දින 4 ක් පුරා මහවැලි ගග දිගේ කාන්තා මළ සිරුරක් ගසාගෙන යන බවට තොරතුරු ලැබී තිබූ අතර එය මහනුවර කටුගස්තොට ලේවැල්ල ආදී ප‍්‍රදේශවලදී දැක ඇති අතර පොල්ගොල්ල ජලාශයෙන් පහළට වැටුණ බවද හෙළි වී තිබේ.
මේ පිළිබඳව ගම්පොළ පොලිසියද සොයා බලා කටුගස්තොට වත්තේගම, කුණ්ඩසාලේ හා තෙල්දෙණිය යන පොලිස් ස්ථාන දැනුවත් කොට තිබිණි.
මේ අතර පෙරේදා (7) දින සවස මෙසේ ගසා ගෙන ගිය කාන්තා මළ සිරුර වික්ටෝරියා ජලාශය හා මහවැලි ගග යා වන ස්ථානයේ රැුඳී ඇති බවට ලද තොරතුරකට අනුව පොලිසිය ක‍්‍රියාත්මක වී ප‍්‍රදේශවාසීන්ගේද සහාය ඇතිව රාත‍්‍රියේම එම සිරුර ගොඩගෙන මෙසේ ඊයේ (8දා) අතුරුදහන් ගුරුවරියගේ ඥාතීන් කැඳවා හඳුනා ගැනීමට යොමු කර තිබිණි.
එහිදී ඥාතීන් විසින් ඇයගේ සිරුර හඳුනාගත් අතර ඒ අනුව පොලිසිය විසින් මෙහි වැඩිපුර පරීක්‍ෂණ කටයුතු සඳහා ගම්පොළ දිසා විනිසුරු ශ‍්‍රිීනිත් විජේසේකර මහතා වෙත කරුණු ඉදිරිපත් කිරීමට කටයුතු යොදනු ලැබීය.
ඇය කෙසේ ජීවිතක්‍ෂයට පත් වී ඇත්ද යන්න ඇගේ පශ්චාත් මරණ පරීක්‍ෂණ කටයුතුවලින් අනතුරුව පරීක්‍ෂණ කටයුතු අරඹන බව ගම්පොළ පොලිසිය සඳහන් කළේය.

COMMENTS