මු ලතිව්, පුදුකුඩිඉරිප්පු, සුගන්ධිරපුරම් ප්‍රදේශයේ වගා ඉඩමක තිබි කිලෝ 20 ක් පමණ බරැති ක්ලේමෝ බෝම්බ අටක් ඇතුළු පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයාගත...
මුලතිව්, පුදුකුඩිඉරිප්පු, සුගන්ධිරපුරම් ප්‍රදේශයේ වගා ඉඩමක තිබි කිලෝ 20 ක් පමණ බරැති ක්ලේමෝ බෝම්බ අටක් ඇතුළු පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයාගත් බව මුලතිව් පුදුකුඩිඉරිප්පු පොලිසිය පවසයි.
ඉඩමේ හිමිකරු විසින් වගා කටයුත්තක් සඳහා බිම් සකස් කරන අවස්ථාවේ පොළවේ වලදමා තිබූ කිසියම් උපකරණ කිහිපයක් හමුවී ඇති අතර එය පරීක්ෂා කිරීමේදී පුපුරණ ද්‍රව්‍ය හමුවීමෙන් ඒ බව පොලිසිය දැනුවත් කොට ඇති අතර එහිදි පුදුකුඩිරිප්පු පොලිසිය විසින් සිදුකළ පරීක්ෂා කිරීමේදී ක්ලේමෝ බෝම්බ ඇතුළු තවත් පුපුරණ ද්‍රව්‍ය සොයාගත් බව පැවසීය.
මෙසේ හමුවූ පුපුරණ ද්‍රව්‍ය අතර සෙන්ටිමීටර 30 ක් දිගැති හා සෙන්ටිමීටර 15 ක් පමණ පළලැති කිලෝ 20 ක පමණ බරින්යුත් ක්ලේමෝ බෝම්බ අටක්, බෝම්බ පිපිරීමට යොදාගන්නා ඩෙටනේටර් 50 ක් හා බෝම්බ පිපිරීමට යොදාගන්නා වයර් ඇතුළු පුපුරණ ද්‍රව්‍ය මෙහි තිබී සොයාගත් බවද පොලිසිය පැවසීය.
ක්ලේමෝ බෝම්බ ඇතුළු පුපුරණ ද්‍රව්‍ය අවසන් යුද සමයේ එල්.ටි.ටි.ඊ සංවිධානය විසින් නැවත භාවිතාවට ගැනීමේ අරමුණින් මෙලෙස සඟවා තබන්නට ඇති බව පොලිසිය සැකපලකරන අතර සොයාගත් පුපුරණ ද්‍රව්‍ය දැඩි ලෙස දිරාපත්ව තිබූ බවද පොලිසිය කීය.
– වන්නි රොමේෂ් මධුෂංඛ

COMMENTS