ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලාංඡනය යටතේ ඉදිරිපත් වන ජනාධිපති අපේක්‍ෂකයකුට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සහයෝගය ලබා නොදෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්...
එම ලාංඡනය නොමැතිව පුටුව හෝ වෙනත් පොදු ලකුණකට එක`ග වන්නේ නම් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ඒ සඳහා එක`ගතාවය දක්‌වනු ඇති බවද සුමතිපාල මහතා සඳහන් කළේය.
මේ වන විට දෙපාර්ශ්වය අතර පවත්වන සාකච්ඡාවලදී ඉදිරිපත්වන වෙනත් කරුණුවලට එක`ගතාව පළවුණත් මේ වන විට පොහොට්‌ටුව ලකුණ නම් කිරීම නිසා එය බාධාවක් වන බවද සුමතිපාල මහතා පුංචි බොරැල්ල පරිවර්තන කේන්ද්‍රයේ පැවැති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් සඳහන් කළේය.
මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති කළ විටදී දෙපාර්ශ්වය පොදු සන්ධානයක් සහ පොදු ලකුණකින් ඉදිරි මැතිවරණවලට මුහුණ දියයුතු බවට එක`ගතාවට පැමිණ තිබියදී පොදුජන පෙරමුණ පාර්ශ්වය සිය හිතුමතේට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලෙස සහ ලාංඡනය පොහොට්‌ටුව ලෙස නම්කරමින් තනි කැමැත්තට ජනාධිපති අපේක්‍ෂකයකු ඉදිරිපත් කළ බව කී සුමතිපාල මහතා ඒවාද බාධාවක් කර නොගනිමින් සාකච්ඡා ඉදිරියට ගෙනගිය බවද කීවේය.
පසුගිය පළාත් පාලන මැතිවරණයේදී රටේ තුන්වැනි බලවේගය බවට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය පත්වූ බවත් එය අප ජනාධිපතිවරයකු බිහිකිරීමේදී තීරක බලය ලෙස පත්ව ඇති බවත් කී සුමතිපාල මහතා එය වටහාගෙන අද පොදු පෙරමුණ ශ්‍රී ලංකා නිදහස් පාක්‍ෂිකයන් හා මන්ත්‍රීවරුන් පක්‍ෂයට බඳවාගෙන තනියෙන් ජයග්‍රහණය කිරීමේ දේශපාලන ගමනක නිරත වී සිටින බවද කීවේය.
පවතින දේශපාලන තත්ත්වය වටහා නොගෙන පොදුජන පෙරමුණ කටයුතු කළහොත් තාවකාලික දේශපාලන බලයක් පසුපස නොයා පක්‍ෂයේ අනන්‍යතාව ආරක්‍ෂා කරගනිමින් එක්‌සත් ජාතික පක්‍ෂයට සම්බන්ධ නොවී දේශපාලන ගමන ඉදිරියට ගෙනයන බවද සුමතිපාල මහතා සඳහන් කළේය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මේ දේශපාලන ගමන යන්නේ මහින්ද රාජපක්‍ෂ මහතාගේ විශ්වාසය හා ආකල්පය මත බව කී සුමතිපාල මහතා යුද්ධය ඉවර කර රට සංවර්ධනය කළ මහින්ද රාජපක්‍ෂ මහතා 2015 දී පරාජයට පත්වූ බවද කීවේය. එම නිසා එවැනි නායකයකුට වඩා තවත් ජනප්‍රිය කෙනකු පොදුජන පෙරමුණේ සිටින බවට කවුරුන් හෝ හිතනවා නම් ඔහු දේශපාලනය නොදන්නා කෙනෙකු බවද සුමතිපාල මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
– divaina
COMMENTS