සංශෝධනය කරන ලද දේශීය ආදායම් පනත් කෙටුම්පත ලබන සිකුරාදා (25) වැනි දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව මුදල් හා මාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහත...
සංශෝධනය කරන ලද දේශීය ආදායම් පනත් කෙටුම්පත ලබන සිකුරාදා (25) වැනි දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව මුදල් හා මාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.
ශ්‍රේෂ්ඨාධිකරණය මගින් නිර්දේශ කරනු ලැබූ සංශෝධන 111ක් ඊට ඇතුළත් කර ඇති බව අමාත්‍යවරයා පවසයි.
මුදල් අමාත්‍යංශයේ දී ජනමාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් මංගල සමරවීර මහතා ඊයේ (21) පස්වරුවේ මේ බව කියා සිටියේ ය.
“මැලේසියාව වගේ රටක සමස්ත බදු ප්‍රමාණයෙන් 70%ක්ම ලැබෙන්නෙ ආදායම් බදුවලින්. එහි වක්‍ර බදු ප්‍රතිශතය 28%ක් පමණයි. ඉන්දියාව 50%කටත් වඩා ආදායම් බදුවලින් ලබා ගන්නවා. ඒ වගේම පකිස්තානය, බංගලාදේශය වැනි රටවලත් ඉහළ ආදායම් බදු ප්‍රතිශතයක් ලබාගන්නවා.
ඉතිරි සම්පූර්ණ බදු මුදල ලබාගන්නේ සාමාන්‍ය ජනතාව එදිනෙදා භාවිත කරන ආහාර ද්‍රව්‍ය සහ පරිභෝජන භාණ්ඩවලට ගෙවනු ලබන වක්‍ර බදුවලින්.
එමනිසා 20% - 80% මට්ටමේ පවතින සෘජු බදු හා වක්‍ර බදු අනුපාතය 40% - 60% දක්වා අඩු කිරීමට ඊළඟ වසර කිහිපය තුළ සිදුකිරීමට අපි බලාපොරොත්තු වෙනවා.
ඒ අනුව සිකුරාදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලබන නව දේශීය ආදායම් පනත හරහා මේ සඳහා අත්තිවාරමක් ලැබෙනවා.
සංශෝධන 111ක් සහිතව :
මේ සඳහා අපි දේශීය ආදායම් පනතට අදාළ මූලික කෙටුම්පත ඉතා ගැඹුරින් අධ්‍යනය කරලා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ද නිර්දේශ කරනු ලැබූ සංශෝධන 111ක් සහිතව මේ පනත ලබන සිකුරාදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා.
මේ පනතේ එන බදු ගැන කිව්වොත්, ලංකාවේ වාර්ෂික ආදායම ලක්ෂ 12කට අඩුවෙන් ආදායම් ලබන කිසිම පුද්ගලයෙකුට බදු ගෙවන්න වෙන්නෙ නෑ.
ඒ නිසා සාමාන්‍ය කම්කරුවා ඇතුළු බහුතරයකට බලපෑමක් නෑ.
ඒ වගේම රටට ආදරේ කරන, ඉහළ ආදායම් ලබන කිසිවකු මේකට විරුද්ධ විය යුතු නෑ. මිට එරෙහි වන්නේ කළු සල්ලි වලින් යැපෙන දේශපාලනඥයින් විතරයි ” යැයි අමාත්‍යවරයා පැවැසීය.
ප්‍රගතිශීලී පනතක්
මේ අතර, මෙම අවස්ථාවේදී අදහස් දැක්වූ මුදල් රාජ්‍ය අමාත්‍ය - ඉරාන් වික්‍රමරත්න මහතා පවසා සිටියේ මෙලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත වන්නේ ඉතා ප්‍රගතිශීලී පනතක් බවයි.
COMMENTS