දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
රනිල්, රවි, නවීන්, චස්පික ජනාධිපතිවරණයෙන් සජිත් පරදන කුමන්ත්‍රණයේ..
Homeප්‍රවෘත්ති

රනිල්, රවි, නවීන්, චස්පික ජනාධිපතිවරණයෙන් සජිත් පරදන කුමන්ත්‍රණයේ..

PropellerAds

පසුගිය මාස තුන පුරාම සජිත් ප්‍රේමදාස මැතිතුමාට එජාපයේ අපේක්ෂකත්වය ලබා දිය යුතු බවට අපි විපක්ෂයේ සිට සටනක් කළා. සජිත් ප්‍රේමදාස මැතිතුමාට අප...

ආණ්ඩුව දැන් විදුලිය වතුර කපනවා.. ජනතාව ඒ ගැන දන්නෙ නෑ..
පාස්කු බෝම්බ ප‍්‍රහාරය එල්ල කලේ පොහොට්ටුවේ සාමාජික පිරිසක් - නලින් බණ්ඩාර
ශ‍්‍රීලනිප මැති ඇමතිවරුන් ඇතුළු 15කට සජිත්ගෙන් නාම යෝජනා !
පසුගිය මාස තුන පුරාම සජිත් ප්‍රේමදාස මැතිතුමාට එජාපයේ අපේක්ෂකත්වය ලබා දිය යුතු බවට අපි විපක්ෂයේ සිට සටනක් කළා. සජිත් ප්‍රේමදාස මැතිතුමාට අපේක්ෂකත්වය ලැබුණු මේ අවස්ථාවේ අපි එතුමාට අපේක්ෂකත්වය ලබා ගැනීමට සටන් කලේ ඇයිදැයි පැහැදිලි කළ යුතු වෙනවා.

අපි සජිත් ප්‍රේමදාස මැතිතුමාව ඉල්ලුවේ අපට පහසුවෙන්ම පරාජය කළ හැකි අපේක්ෂකයා නිසා. හම්බන්තොට දිස්ත්‍රික්කයේ දී දෙවරක් නාමල් රාජපක්ෂ මන්ත්‍රිතුමාට පරාජය වුණු අපේක්ෂකයෙක්. තිස්සමහරාම කොට්ඨාශයේ දී ඩී වී චානක මන්ත්‍රිතුමාට පරාජය වුණු අපේක්ෂකයෙක්. එතුමා පදිංචි ලුණුගම්වෙහෙර ප්‍රාදේශීය සභාවේ දී රසික දිනේෂ් සභාපතිතුමාට පරාජය වුණු අපේක්ෂකයෙක්. ඒ නිසා අපට සජිත් ප්‍රේමදාස මැතිතුමා පරාජය කරන්න ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අවශ්‍ය නෑ, ලුණුගම්වෙහෙර ප්‍රාදේශීය සභාවේ රසික දිනේෂ් සභාපතිතුමාටත් ඒක කරන්න පුළුවන්.

සජිත් මැතිතුමා හම්බන්තොට දිස්ත්‍රික්කයේ නායකයා වෙලා 2001 දී තරග කරන විට එජාපය 40%ක් ඡන්ද ලබා ගත්තා. එතුමාගේ නායකත්වය යටතේ එජාපය හම්බන්තොට දිස්ත්‍රික්කය තුල දිගින් දිගටම පිරිහුණා. 2001 දී 40%ක් වුණු ඡන්ද පදනම 2010 දී 30% දක්වා පල්ලම් බැස්සා. සජිත් මැතිතුමා එජාප ජනාධිපති අපේක්ෂකයා වුණාම රට පුරා එජාප ඡන්ද පදනමට සිද්ධ වෙන්නේ හම්බන්තොට වුණා වගේ පල්ලම් බැසීම පමණයි.

සජිත් මැතිතුමාගේ තරම මැන ගන්න අපි අමුතුවෙන් කිසිවක් කියන්න ඕනෑ නෑ. රවි කරුණානායක ඇමතිතුමා කියන විධියට සාමාන්‍ය පෙලවත් සමත් නැති තමන්ගේ ආසනය දිනා ගන්න බැරි අපේක්ෂකයෙක්. සරත් ෆොන්සේකා මැතිතුමා කියන විධියට පෙට්ටි ගෙවල් හැදීම රට පාලනය කරනවා කියා සිතන අපේක්ෂකයෙක්. පා ච රණවක ඇමතිතුමා කියන විධියට පවුල්වාදි අපේක්ෂකයෙක්. ලක්ෂ්මන් කිරිඇල්ල ඇමතිතුමා කියන විධියට සුළු ජාතින්ගේ ආර්කෂණය දිනා ගන්න බැරි අපේක්ෂකයෙක්. අපිට පේන විධියට නම් ර්දශනයක් වැඩපිලිවෙලක් නැති හිස් වචන පමණක් ඇති අපේක්ෂකයෙක්.

රනිල් රවි සහ පා ච රණවක සජිත් පරදන කුමන්ත්‍රණයේ

සජිත් ප්‍රේමදාස මැතිතුමා පරාජය කරන්න අපි අමුතුවෙන් මහන්සි වෙන්න උවමනා නෑ. ඒ වැඩේ රනිල් වික්‍රමසිංහ, රවි කරුණානායක, පා ච රණවක, නවින් දිසානායක යන එජාප නායකයින් හරි අපූරුවට සිදු කරාවි. සජිත් ජනපති වෙනවා කියන්නේ පක්ෂ නායකත්වය සජිත්ට දීලා රනිල්ට දේශපාලනයෙන් සමු ගන්න වෙනවා කියන එකයි. ඒ වගේම තමන්ට වඩා වයසින් බාල සජිත් ජනපති වෙනවා කියන්නේ රවි කරුණානායක, නවින් දිසානායක සහ පා ච රණවක මැතිතුමන්ලාගේ ජනපති සිහිනය සදහටම බොඳ වෙනවා කියන එකයි. සජිත් පරාජය වුණොත් 2024 දී නැවත නැවුම් අපේක්ෂකයෙකු ඕනෑ වෙනවා. එවිට ජනපති සිහින දකින අයට වාසනාව පෑදෙනවා. ඒ නිසා මේ අය කරන්නේ සජිත්ගේ කකුලෙන් අදින එකයි.

අවසානයේ දී සිදු වන්නේ ජනාධිපතිකම කෙසේ වෙතත් නියෝජ්‍ය නායකකමත් නැති වීමයි

සජිත් ප්‍රේමදාස මැතිතුමාට අපේක්ෂකත්වය හිමි වුණේ එතුමාගේ නරක කාලය නිසා. සජිත් මැතිතුමා ජනපතිවරණය පැරදුනාට පස්සේ දැන් තිබෙන පක්ෂයේ නියෝජ්‍ය නායකත්වයත් අහිමි වෙනවා. නොවැම්බර් 17දා සජිත් මැතිතුමාව ගෙන්නලා රනිල් වික්‍රමසිංහ මැතිතුමා කියන්නේ මොකද්ද?

“මම පැරදුනා නම් මම ඉල්ලා අස් වෙන්න හිටියේ. නමුත් ඔයා පැරදුනාම මම ඉල්ලා අස් වෙන්න ඕනි නෑනෙ. ඒ නිසා මම පක්ෂ නායකත්වයේ දිගටම ඉන්නවා. නමුත් ඔයා වහාම නියෝජ්‍ය නායකත්වයෙන් ඉල්ලා අස්වෙන්න. දැන් 2024 දී ගෝඨා නැවත ජනපතිවරණයට එනවා. ඒ ජනපතිවරණයට ගෝඨාට පැරදුණු ඔයාව නැවත ඉදිරිපත් කරන්න බෑ. ඊ ළඟ ජනපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයාව දැන් ඉඳන්ම පුරුදු පුහුණු කරන්න එයාට නියෝජ්‍ය නායකත්වය දෙන්න ඕනෑ. ඒ නිසා ඔයා නියෝජ්‍ය නායකකමින් ඉල්ලා අස් වෙන්න”.

පුළුවන් නම් පහක් නොකර ඉන්න. සජිත්ට අභියෝගයක්

පක්ෂ නායකත්වය පතා සජිත් පැවැත්වූ කතා වලින් මේ රටම සිනා සාගරයක ගිලුනා. උස නම් සිකියුරිටි මිටි නම් කම්කරු වලින් පටන් අරන් ඇස් ගිලි තිබෙන නිසා මමයි ජනපති අපේක්ෂකත්වයට සුදුස්සා, පැය 21 නොනිදා වැඩ කරනවා, හිඟන්නෙකු වගේ මහ පාරේ ජීවත් වෙනවා වගේ රස කතා ගණනාවක් එතුමා කිව්වා. ඒවා අපට රස කතා වුණාට ජනාධිපති අපේක්ෂකයෙකුගේ මට්ටමට ගොන් කතා. ඒ නිසා මම සජිත් ප්‍රේමදාස මැතිතුමාට අභියෝගයක් කරනවා. ජනාධිපතිවරණයට තව තිබෙන්නේ හරියටම දවස් 50යි. පුළුවන් නම් ඒ දවස් 50 තුල ගොන් කතා පහක් නොකියා ඉන්න. අපි ඔබතුමා කියන ගොන් කතා ගණන් කරලා සජිත්ගේ රස කතා නමින් පොතක් නිකුත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපති වුණාට පස්සේ රජ ගෙදර කවටයා තනතුර සජිත් ප්‍රේමදාස මැතිතුමාට ලබා දෙන්නත් බලාපොරොත්තු වෙනවා.

ඒකාබද්ද විපක්‍ෂයේ මාධ්‍ය හමුව අමතමින් පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පල කලේය.

– අරවින්ද අතුකෝරල
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29297,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: රනිල්, රවි, නවීන්, චස්පික ජනාධිපතිවරණයෙන් සජිත් පරදන කුමන්ත්‍රණයේ..
රනිල්, රවි, නවීන්, චස්පික ජනාධිපතිවරණයෙන් සජිත් පරදන කුමන්ත්‍රණයේ..
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh4g_LeATzPP-W54LGFocVqNSYcevchq2UXNkAFoR6ggoLuCcTY4S7dmdikaKGpy6t_Zw9IkDdZjWt9YlZEBFO1Ymlh3kD0Q4E0ZyX2FH8An4r8nEDI5x-bLHa5mnL32-FnouaQR3amMXGY/s320/seteka.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh4g_LeATzPP-W54LGFocVqNSYcevchq2UXNkAFoR6ggoLuCcTY4S7dmdikaKGpy6t_Zw9IkDdZjWt9YlZEBFO1Ymlh3kD0Q4E0ZyX2FH8An4r8nEDI5x-bLHa5mnL32-FnouaQR3amMXGY/s72-c/seteka.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/09/blog-post_852.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/09/blog-post_852.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy