ශී‍්‍ර ලංකා මහ බැංකුවේ බැඳුම්කර නිකුත් කිරීම සම්බන්ධයෙන් පත්කරන ලද ජනාධිපති විමර්ශණ කොමිසන් සභාවේ වාර්තාව පිළිබඳව සහ කි‍්‍රයාත්මක කිරීමට න...
ශී‍්‍ර ලංකා මහ බැංකුවේ බැඳුම්කර නිකුත් කිරීම සම්බන්ධයෙන් පත්කරන ලද ජනාධිපති විමර්ශණ කොමිසන් සභාවේ වාර්තාව පිළිබඳව සහ කි‍්‍රයාත්මක කිරීමට නිර්දේශ කර ඇති කරුණු සම්බන්ධයෙන් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා විසින් මාධ්‍ය වෙත තව සුළු මොහොතකින් විශේෂ ප‍්‍රකාශයක් සිදු කිරීමට නියමිතය.
එම විශේෂ ප්‍රකාශය ජනාධිපති මාධ්‍ය අංශය විසින් අද පෙරවරුවේ පටිගත කර ඇති අතර එය අද පස්වරු 6.00ට මාධ්‍ය වෙත ලබාදීමට නියමිතය.
ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කළේ එම බැඳුම්කර ගනුදෙනුවේදී රුපියල් බිලියන 11ක් පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම අයථා ලෙස උපයාගෙන ඇතැයි එම වාර්තාවේ සඳහන් වන බවයි.
එම අලාභය එයට වගකිවයුත්තන්ගෙන් අත්පත් කර ගැනීමට නීත්‍යානුකූලව කටයුතු කරන ලෙස එම වාර්තාවෙන් නිර්දේශ කර ඇතැයි ද එම ආරංචි මාර්ග සඳහන් කළේය.
අර්ජුන් බලය අනිසි ලෙස යොදාගෙන
අදළා අයථා ගනුදෙනුව සඳහා එවකට මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා තම බලය අනිසි ලෙස යොදාගෙන ඇති බවටත්, එම පුද්ගලයා පත් කිරීමේදී අගමැතිවරයා විධිමත් වගකීමකට යටත්වන බවත් එම වාර්තාවේ සඳහන් වන බව වාර්තා වේ.
මෙම ගනුදෙනුවට හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා සෘජුව සම්බන්ධ වී ඇති බව හෙළි නොවන බවත් කෙසේ වුවද මොනාර්ච් රෙසිඩන්සිස් හි නිවසක් මිලදී ගැනීමට අදාලව අල්ලස් කොමිසම හරහා විමර්ශනයක් කළ යුතු බවද එම වාර්තාව මගින් නිර්දේශ කර ඇතැයි වාර්තා වේ.
පසුගිය 30 වැනිදා බැඳුම්කර ජනාධිපති කොමිසමේ වාර්තාව එහි සභාපති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.ටී. චිත්‍රසිරි මහතා විසින් ජනාධිපතිවරයා වෙත භාරදෙන ලදී. පිටු 1400කින් යුතු එම කොමිෂන් වාර්තාව ඇමුණුම් 100කින් යුක්තය. කොමිසම හමුවේ සාක්‍ෂිකරුවන් 70ක් සාක්කි දුන් අතර අවසාන සාක්කිකරු වූයේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතායි.
ජනාධිපතිවරයාගේ විශේෂ ප්‍රකාශයේ සජීවි විකාශය අප වෙබ් අඩවිය ඔස්සේ බලාපොරොත්තු වන්න.
COMMENTS