මහ බැංකු බැඳුම්කර වාර්තාවේ තොරතුරු දින 14ක් ඇතුළත ජනතා විමුක්ති පෙරමුණට ලබා දීමට ජනාධිපති ලේකම් කාර්යාලය ලිඛිත පොරොන්දුවක් දී තිබේ. 2016 ...
මහ බැංකු බැඳුම්කර වාර්තාවේ තොරතුරු දින 14ක් ඇතුළත ජනතා විමුක්ති පෙරමුණට ලබා දීමට ජනාධිපති ලේකම් කාර්යාලය ලිඛිත පොරොන්දුවක් දී තිබේ.
2016 අංක 12 දරන තොරතුරු දැන ගැනීමේ පනත යටතේ එකී වාර්තාවේ තොරතුරු ලබාගැනීමට ඊයේ (02) එම පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි නලින්ද ජයතිස්ස සහ නීතිඥ සුනිල් වටගල යන මහත්වරුන් ගිය අවස්ථාවේදී මේ පොරොන්දුව ලබා දී තිබේ.
මහ බැංකු අධිපති ලෙස අර්ජුන මහෙන්ද්‍රන් පත් කිරීම, අගමැතිවරයාගේ ක්‍රියාකලාපය, මුදල් ඇමැතිව සිටි රවි කරුණානායක නිවාස ගැනීම, රාජ්‍ය බැංකු සභාපතිවරුන්ට බලපෑම් කිරීම, කෝප් කමිටු වාර්තාව ඇතුළු සියලු කරුණු සලකා බැලීමේදී එම වාර්තාවේ බරපතළ නිර්දේශ ඇතැයි අනුමාන කළ හැකි බව ජනාධිපති ලේකම් කාර්යාලයෙන් පිටතට පැමිණි ජයතිස්ස මන්ත්‍රිවරයා සඳහන් කළේය.
ජනාධිපති ලේකම් කාර්යාලයේ තොරතුරු නිලධාරියා ලෙස කටයුතු කරන ඩී.කේ.එස්. රවීන්ද්‍ර විසින් අදාළ වාර්තාවේ තොරතුරු දින 14ක් තුළ ලබාදීමට පොරොන්දු වූ බවද ඔහු කියා සිටියේය.
එමෙන්ම මීට පෙර බරපතළ මූල්‍ය අපරාධ විමර්ශන ජනපති කොමිසමේ වාර්තා 17හි තොරතුරුද එහිදී ඉල්ලා සිටි බව ජයතිස්ස මහතා වැඩිදුරටත් පැවසී ය.
COMMENTS