ශ්‍රී ලංකාවේ ස්ථාන කිහිපයකටමරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල කරමින් 290 ක ට වැඩි පිරිසක් ඝාතනය කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ ප්...
මෙවන් අනතුරක් ඇතැයි වේලාසනින් දැනුම් දී තිබූ පුද්ගලයන් සම්බන්ධයෙන් එහිදී පැහැදිලිවම හෙළිකර තිබේ.
සියලුම පාර්ලිමේන්තු මැති ඇමතිවරුන්ගේ ප්‍රභූ ආරක්ෂක නිලධාරීන්ට දැනුම් දී තිබූ බව එහිදී අනාවරණය වී තිබිණි.
බුද්ධි අංශ විසින් කළ දැනුම්දීම සදහන් අදාළ ලිපිය මගින් ජනාධිපතිවරයාට හෝ අගමැතිවරයාට දැනුම් නොදී සිටියේ මන්දැයි එහිදී ප්‍රශ්න කර ඇති අතර බුද්ධි අංශ ප්‍රධානියා සඳහන් කර ඇත්තේ මෙය මරාගෙන මැරෙන ප්‍රහාරයක් නිසා එය ක්ෂණික අවස්ථාවක් බැවින් වහා ක්ෂණික ක්‍රියාමාර්ග ගතයුතු නිසා ජනාධිපතිවරයාට හා අගමැතිවරයාට දැනුම් නොදුන් බවයි.
එවන් තත්ත්වයකදී ක්‍රියාමාර්ග ගත හැකි වන්නේ ජනාධිපතිවරයාට හෝ අගමැතිවරයාට වඩා පොලිසි වල ස්ථානාධිපතිවරුන්ට සහ පොලිස් නිලධාරීන්ට ඔවුන් විසින් පැහැදිලි කර තිබිණ.
එම දැනුම්දීම අනුව කටයුතු කිරීම අදාළ අංශවල වගකීම බවත් ප්‍රභූ ආරක්ෂක අංශයන් ඒ සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ග ගෙන තිබූ නිසා කිසිදු ඇමතිවරයෙක් එදින කිසිදු කතෝලික පල්ලියකට නොගිය බව ද බුද්ධි අංශ ප්‍රධානීන් විසින් පෙන්වා දී ඇත.
COMMENTS