ග ම්පහ දේශපාලනයේ බල පෙරළියක් ඇති කරමින් රුවන් රණතුංග මහතා අර්ජුන රණතුංග මහතාගේ දේශපාලන ව්‍යාපාරය සමඟ එක්ව ඇත. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී...
ගම්පහ දේශපාලනයේ බල පෙරළියක් ඇති කරමින් රුවන් රණතුංග මහතා අර්ජුන රණතුංග මහතාගේ දේශපාලන ව්‍යාපාරය සමඟ එක්ව ඇත.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන රුවන් රණතුංග මහතා ගම්පහ මිනුවන්ගොඩ ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු ආසන සංවිධායකවරයායි.
කෙසේ නමුත් පසුගිය කාලය පුරාම ඔහු දේශපාලනික වශයෙන් නිහඩ සිටි අතර එම නිහඩතාව බිඳ දමමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් සමුගෙන දැන් ඔහු එක්සත් ජාතික පෙරමුණට සම්බන්ධව සිටියි.
ඒ අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ දේශපාලන ව්‍යාපාරය සමඟ එක් වෙමිනි.
එය පෙන්නුම් කරමින් අමාත්‍ය අර්ජුන රණතුංග මහතාත් රුවන් රණතුංග මහතාතත් සහභාගි වූ මහජන රැස්වීමක් ඊයේ දින මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැත්වුණි.
එම මහජන රැස්වීම සංවිධානය කර තිබුණේ ගම්පෙරළිය කඩිනම් ව්‍යාපෘතිය යටතේ නිවාස අලුත්වැඩියා කිරීමට ආධාර ලැබූවන්ට චෙක්පත් ප්‍රදානය කිරීමේ සහ ප්‍රවාහන අමාත්‍යාංශයේ රැකියා පත්වීම් ප්‍රදානය කිරීම වෙනුවෙනි.
ඒ සඳහා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා සහ රුවන් රණතුංග මහතා එක් වූ අතර දෙදෙනා එකම වේදිකාවක සිට දේශපාලන කටයුතුවල නිරත වූ පළමු අවස්ථාව එය විය.
එය දේශපාලන පෙරළියක නිමිත්තක් බවත් බොහෝ විට රුවන් රණතුංග ඉදිරියේදී එක්සත් ජාතික පෙරමුණින් සිය දේශපාලන කටයුතු සිදු කරනු ඇතැයිද වාර්තා වෙයි.
අර්ජුන රණතුංග සහ රුවන් රණතුංග සහෝදරයින්ග ඔවුන්ගේ තවත් සහෝදරයකු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙනින් මහින්ද රාජපක්ෂ මහතාට සහාය දක්වයි.
– හැටන් රංජිත් රාජපක්ෂ

COMMENTS