අ න්තවාදී මුස්‌ලිම් කල්ලියක් මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කර ඇති බවට බුද්ධි අංශවලින් තොරතුරු ලැබී තිබියදීත් මහජනතාවගේ ආරක්...
අන්තවාදී මුස්‌ලිම් කල්ලියක් මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කර ඇති බවට බුද්ධි අංශවලින් තොරතුරු ලැබී තිබියදීත් මහජනතාවගේ ආරක්‍ෂාව සඳහා නිසි පියවරක් නොගැනීම ගැන චෝදනා කරමින් පොලිස්‌පතිට හා ආරක්‍ෂක ලේකම්ට (හිටපු) එරෙහිව ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම ඊයේ (03 වැනිදා) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාගය සඳහා මුලින්ම කැඳවූ අවස්‌ථාවේදී ඒ දෙදෙනාම උසාවියට පැමිණ නොසිටි අතර ඔවුන් වෙනුවෙන් නීතිඥයකු පෙනී සිටියේ නැත.
එනිසා ඒ දෙදෙනාට රෙජිස්‌ට්‍රාර්වරයා මගින් යළි නොතීසි නිකුත් කරන ලෙස පෙත්සම්කාර පක්‍ෂයට දැනුම් දුන් ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම් විභාගය ලබන 21 දාට කල් තැබුවේය.
පොලිස්‌පති පූජිත් ජයසුන්දර සහ ආරක්‍ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු පෙත්සමේ 01 සහ 02 වගඋත්තරකරුවෝ වෙති.
නීතිපති 04 වෙනි වගඋත්තරකරු ලෙස නම් කර ඇත.
ජ්‍යෙෂ්ඨ රජයේ අධිනීතිඥ ඉඳුනිල් පුංචි හේවා මහත්මිය කියා සිටියේ තමා පෙනී සිටින්නේ නීථිපති වෙනුවෙන් පමණක් බවයි.
පොලිස්‌පති හා ආරක්‍ෂක ලේකම් වෙනුවෙන් ද පෙනී සිටින්නැයි නීතිපති දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කර ඇති නමුත් දැනට උද්ගත වී ඇති තත්ත්වය අනුව එම ඉල්ලීමට කැමැත්ත පළවී නැතැයි ද රජයේ නීතිඥවරිය පැවසුවාය.
ඒ අනුව මේ නඩුවේදී පොලිස්‌පති හා ආරක්‍ෂක ලේකම්ට පුද්ගලික නීතිඥවරුන්ගේ සහය ලබාගැනීමට සිදුවනු ඇත.
බුවනෙක අළුවිහාරේ සහ ප්‍රීති පද්මන් සූරසේන යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් හමුවේ ඊයේ මෙම පෙත්සම කැඳවන ලදී.
මෙහි පෙත්සම්කරු සංචාරක ව්‍යාපාරයට සම්බන්ධ ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයකු වන ජනත් එස්. විදානගේ මහතායි.
නීතිඥ ප්‍රභාත් කොළඹගේ මහතාගේ උපදෙස් මත අධිනීතිඥ ගාමිණි පෙරේරා, ඉෂාර ගුණවර්ධන, ලීල් ගුණවර්ධන, රවීන්ද්‍රනාත් දාබරේ, විජිත් සල්පෙකොරාල යන මහත්වරු පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටියහ.

COMMENTS