දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
කිරිඇල්ලගේ මාධ්‍ය ඒකකයේ මඩ ලිපි ජනපතිගේ වැඩපිළිවෙළ ගැන භික්‌ෂුන් වහන්සේගේ ගෞරවය බිඳ දමන්න කළ වැඩක්‌ - දයාසිරි
Homeප්‍රවෘත්ති

කිරිඇල්ලගේ මාධ්‍ය ඒකකයේ මඩ ලිපි ජනපතිගේ වැඩපිළිවෙළ ගැන භික්‌ෂුන් වහන්සේගේ ගෞරවය බිඳ දමන්න කළ වැඩක්‌ - දයාසිරි

PropellerAds

ල ක්‌ෂ්මන් කිරිඇල්ල ඇමැතිවරයාගේ මාධ්‍ය ඒකකය විසින් විහාරස්‌ථානවලට යෑවීමට සූදානම් කර තිබූ මඩ ලිපිය ජනාධිපතිවරයා විසින් ගෙන ගිය වැඩපිළිවෙළ පි...

නෙදර්ලන්තය අප්‍රිකාවට ගහලා දිනන වෙලාවේ ධනංජය PUBG ගහද්දි දිමුත් ඔන්ලයින් ඇවිත් බලයි
සිරිලිය ශිරන්ති ආපහු එළියට එයි - කාල්ටන් පෙර පාසැල් දරුවන් එක්ක ජල ක්‍රීඩාවේ (VIDEO)
ධනුෂ්ක ගුණතිලකට තවත් ලෙඩක් වැටේ! තහනම ඉවත් කරන්න ඇමති විරුද්ද වේ!
ක්‌ෂ්මන් කිරිඇල්ල ඇමැතිවරයාගේ මාධ්‍ය ඒකකය විසින් විහාරස්‌ථානවලට යෑවීමට සූදානම් කර තිබූ මඩ ලිපිය ජනාධිපතිවරයා විසින් ගෙන ගිය වැඩපිළිවෙළ පිළිබඳව භික්‌ෂූන් වහන්සේලා තුළ තිබූ ගෞරවය හා විශ්වාසය බිඳ දැමීම සඳහා සකස්‌ කළ එකක්‌ යෑයි ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා පැවසීය.

මෙවැනි මඩ ප්‍රහාරවලින් ජනාධිපතිවරයාගේ ප්‍රතිරූපය හෝ වැඩපිළිවෙළ නතර කිරීමට නොහැකි බවත් මහ ලේකම්වරයා ඊයේ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂ මූලස්‌ථානයේ පැවැති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් සඳහන් කළේය. එහිදී වැඩිදුරටත් කතා කළ මහ ලේකම්වරයා මෙසේ ද කීය.

ජනාධිපතිවරයාට සම්පූර්ණයෙන් මඩ ගැසීමේ අරමුණ ඇතිව තමයි ලක්‌ෂ්මන් කිරිඇල්ල ඇමැතිවරයාගේ මාධ්‍ය ඒකකයේ විසින් මේ දේ කරලා තියෙන්නෙ. මේ ලිපිය සම්පූර්ණයෙන්ම කලම්බු ටෙලිග්‍රාµa වෙබ් අඩවියේ ඉංගී්‍රසියෙන් පළ වූ ලිපියක සිංහල පරිවර්තනයක්‌. පන්සල් 640 කට මේ මඩ ලිපිය යවන්න සැලසුම් කර තිබුණා. එම වෙබ් අඩවියේ බුද්ධි අංශ ප්‍රධානියා විසින් මෙම ත්‍රස්‌ත ප්‍රහාරය පිළිබඳව ජනාධිපතිවරයාව දැනුවත් කර තිබූ බවට සඳහන්ව තිබුණා. නමුත් මේ ලිපියෙහි කිසිදු තැනක කිසිදු සාක්‌ෂිමය සටහනක්‌ නැහැ. ජනාධිපතිවරයා මේ පිළිබඳව දැන සිටිය බවට. ඒ වගේම කිරිඇල්ල ඇමැතිවරයා කිහිප විටකම පාර්ලිමේන්තුවේදී කතා කළා මේ ප්‍රහාරය පිළිබඳව තොරතුරු 4 වැනිදා විදේශ රටකින් දැනුම් දුන්නා කියලා. අපි අහන්නේ කවුද දැනුම් දුන්නෙ කියලා. එය ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන්න ඕන. එහෙම නම් ලක්‌ෂ්මන් කිරිඇල්ල කියන විදිහට පාස්‌කු ඉරිදා ප්‍රහාරය පිළිබඳව කිහිප දෙනෙක්‌ දැනගෙන තිබෙනවා. එහෙමනම් ඒ පිළිබඳව ජනාධිපතිවරයා සහ අගමැතිවරයා වෙත දැනුම් දුන්නේ නැත්තේ ඇයි? ඒ වගේම කියනවා බුද්ධි අංශ ප්‍රධානියා හරි නම් ජනාධිපතිවරයා දැනුවත් කළ යුතුයි කියලා. ඒත් සාමාන්‍ය ක්‍රම වේදයක්‌ තිබෙනවා. එම ක්‍රමවේදය බුද්ධි ප්‍රධානියා විසින් ඔහුට ඉහළින් සිටින අයටම තමයි දැනුම් දෙන්නෙ.

ඒ කියන්නේ ආරක්‌ෂක ලේකම්ට හා පොලිස්‌පතිවරයාට. බුද්ධි ප්‍රධානියා කෙලින්ම ජනාධිපතිවරයාට දැනුම් දෙන ක්‍රමවේදයක්‌ නැහැ. කිරිඇල්ල ඇමැතිතුමා එදා ප්‍රශ්න කළා ඇයි ජනාධිපතිට එය දැනුම් නොදුන්නෙ කියලා. එදාත් මේ විදිහට ඔහු තර්ක කළේ ජනාධිපතිතුමාට යම් මඩ ප්‍රහාරයක්‌ එල්ල කිරීම සඳහායි. මේ ආණ්‌ඩුවේ සමහර අය මේ ප්‍රහාරය ජනාධිපතිවරයාගේ කරමත පටවා ඔවුන්ගේ අත සෝදා ගැනීමේ කටයුත්තක යෙදිලා සිටිනවා. එහෙම නම් ජනාධිපති නීතිය හා සාමය භාර ගන්න විට එනම් මාස හතරකට කලින් ආණ්‌ඩුවේ ඇමැතිවරු තිදෙනෙක්‌ පොලිසිය භාරව කටයුතු කළා. 2015 ඉඳලා මෙම පහරදීම් මෙම අන්තවාදී කල්ලි බිහිවීම, මෙවැනි සංවිධාන එදා මේ අය දැනගෙන සිටියා. එදා ඇයි මෙම අන්තවාදීන්ට එරෙහිව පියවර ගත්තෙ නැත්තෙ කියලා අපි අහනවා.

ජනාධිපතිවරයා පොලිසිය තමන් භාරයට ගත් පසු මත්කුඩු වැටලීම්, කසිප්පු ඇල්ලීම්, අපරාධකරුවන් අත්අඩංගුවට ගත්තා. ඒ වගේම ආයුධ ජාවාරම් කොටු කරන්න ජනාධිපතිවරයා කටයුතු කළා. අද මේ හොයා ගෙන තියෙන අවිආයුධ කොහොමද මේ ත්‍රස්‌තවාදීන්ට ගියේ කියලා හොයා බලන්න ඕන. එක පැත්තකින් මත්කුඩු ජාවාරම නැවැත්වීම නිසා මෙම ප්‍රහාරය එල්ල වුණා කියා සිතිය යුතුයි. ඒ වගේම ජනාධිපතිවරයාව ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයකුත් මේ කාලය තුළ ක්‍රියාත්මක වුණා. එම නිසා කියන්න කැමැතියි ලක්‌ෂ්මන් කිරිඇල්ල ඇමැතිවරයගේ අමාත්‍යාංශයේ තිදෙනකු මෙම මඩ ලිපියට සම්බන්ධව පොලිස්‌ අත්අඩංගුවේ සිටිනවා. පසුගිය කාලවකවානුවේ පොලිසිය සිය භාරයට ගෙන මත්කුඩු ඇල්ලීම ඇතුළු ජනාධිපතිවරයා ගත් සෘජු තීරණවලට විහාරස්‌ථානවල විහාරාධිපති හිමිවරුන් ලොකු පැහැදීමකින් සිටියේ. රටේ බහුතර භික්‌ෂූන් වහන්සේලා ඒ ගැන විශාල ලෙස ගෞරවයක්‌ තිබුණා. එය නැවැත්වීම සඳහා මෙවැනි මඩ, විවිධ අවලාද නඟලා ජනාධිපතිවරයාගේ ප්‍රතිරූපය විනාශ කරන්න ගත්තු උත්සාහයක්‌a ලෙස මෙම මඩ ලිපිය දකිනවා. ආණ්‌ඩුවේ ඉන්න ඇමැතිවරයෙක්‌ම තමන්ගේ කැබිනට්‌ මණ්‌ඩලයේ ප්‍රධානියාට වගේම රටේ ජනාධිපතිවරයාට මෙවැනි මඩ ලිපියක්‌ සකස්‌ කරලා පන්සල්වලට යනවා. අද එවැනි තත්ත්වයක්‌ තියෙන්නේ. එහෙම තියෙද්දී ඒ අයව ආරක්‌ෂක මණ්‌ඩල රැස්‌වීමට ගන්න බැහැ. මෑතකදී පොලිස්‌ නිලධාරියකු මාරු කළාම පොලිස්‌පති කිව්වා එය ආරක්‌ෂක මණ්‌ඩලයේ ගත්තු තීරණයක්‌ මතයි එහෙම කළේ කියලා.

ඒ අන්දමට ආරක්‌ෂක මණ්‌ඩලයේ තොරතුරු එළියට ආවා. ආරක්‌ෂක මණ්‌ඩලයේ රැස්‌වීම් තුළ සිදුවුණු දේවල් ඉංගී්‍රසි පුවත්පත්වල පවා පළ වුණා. එවැනි තත්ත්වයක්‌ මත කොහොමද අගමැති ප්‍රමුඛ ආණ්‌ඩුවේ අය ආරක්‌ෂක මණ්‌ඩල රැස්‌වීමට සම්බන්ධ කර ගන්නෙ. එවැනි ගැටලුවලට මුහුණ දෙමින් තමයි ජනාධිපතිවරයා මේ වන තෙක්‌ කටයුතු කළේ. අද වෙන කොට ඉහත ප්‍රහාරයත් සමඟ දවස ගානේ ආරක්‌ෂක මණ්‌ඩලය කැඳවනවා. දවස ගානේ ආරක්‌ෂක තත්ත්වය පිළිබඳව ක්‍රමානුකූලව ක්‍රියාත්මක කරගෙන යනවා. එහි ප්‍රතිඵලයක්‌ ලෙස මේ වනවිට ත්‍රිවිධ හමුදාවට ඒ වගේම බුද්ධි අංශ ඉතා නිවැරදිව වැටලීම් කරමින් අවි ආයුධ, පුපුරණ ද්‍රව්‍ය ඇතුළු ත්‍රස්‌ත ප්‍රහාරයට සම්බන්ධ වූවන් අත්අඩංගුවට ගනිමින් සිටිනවා. ජනාධිපතිවරයා ගෙන යන වැඩපිළිවෙළ විනාශ කිරීම සඳහායි මෙවැනි මඩ ප්‍රහාර එල්ල කරන්නෙ.

අද මේ සඳහා මුස්‌ලිම් ජනතාව මෙම අන්තවාදීන් අත්අඩංගුවට ගැනීම සඳහා සියලු තොරතුරු ලබා දෙනවා. ඒ වගේම කියන්න ඕන අද තිබෙන අරාබි පාසල් මේවා ක්‍රියාත්මක වෙන්නේ සංස්‌කෘතික කටයුතු අමාත්‍යාංශය හරහා. කරුණාකරලා මේවා අධ්‍යාපන අමාත්‍යාංශ යටතට ගේන්න කියලා කියනවා. ඒ සඳහා ගුරුවරු පත් කරන ක්‍රියාදාමය කරලා නැහැ. ඒ නිසයි විදේශ රටවලින් ගුරුවරු බව කියමින් අන්තවාදීන් බිහි වෙන්නෙ. විධිමත් ක්‍රියාදාමයක්‌ නැහැ මේවායේ ඉගැන්වීම් පිළිබඳව. ඒ වගේ කියන්න කැමැතියි තවුහිද් ජමාත් වැනි අන්තවාදී සංවිධානවලට මුදල් ආධාර දෙන රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳව සොයා බැලිය යුතුයි. පසුගිය වසර කිහිපය තුළ හතු පිපෙනවා වගේ තවුහිද් ජමාත් සංවිධානයේ පල්ලි බිහි වෙලා. මේ පිළිබඳව අවසර දෙන්නේ මුස්‌ලිම් කටයුතු පිළිබඳ ඇමැතිවරයායි. මහනුවර දිස්‌ත්‍රික්‌කයේ පමණක්‌ එවැනි පල්ලි පනහකට වැඩිය තියෙනවා. ඒවා සම්පූර්ණයෙන්ම තහනම් කළ යුතුයි. ඒ සඳහා ඒ අමාත්‍යාංශය මැදිහත් වී කටයුතු කිරීමෙන් මෙවැනි අන්තවාදීන් තවදුරටත් බිහිවීම වළක්‌වා ගත හැකි බව දයාසිරි ජයසේකර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29327,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: කිරිඇල්ලගේ මාධ්‍ය ඒකකයේ මඩ ලිපි ජනපතිගේ වැඩපිළිවෙළ ගැන භික්‌ෂුන් වහන්සේගේ ගෞරවය බිඳ දමන්න කළ වැඩක්‌ - දයාසිරි
කිරිඇල්ලගේ මාධ්‍ය ඒකකයේ මඩ ලිපි ජනපතිගේ වැඩපිළිවෙළ ගැන භික්‌ෂුන් වහන්සේගේ ගෞරවය බිඳ දමන්න කළ වැඩක්‌ - දයාසිරි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg-jEA6QdtuO1BZkS1RMB5i1l9KUXG-no5sxOGGrxrjTnxzCrHiZGzWn70EQKhRirHYmdmfEnTuG3UvtAUiVPOp9-JuAM4-1bQxdVHS-1SUKzVpLIXjkMX_Ctdn3Zh68VfjsTNXz-FRen0i/s320/daya.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg-jEA6QdtuO1BZkS1RMB5i1l9KUXG-no5sxOGGrxrjTnxzCrHiZGzWn70EQKhRirHYmdmfEnTuG3UvtAUiVPOp9-JuAM4-1bQxdVHS-1SUKzVpLIXjkMX_Ctdn3Zh68VfjsTNXz-FRen0i/s72-c/daya.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/05/blog-post_60.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/05/blog-post_60.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy