ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රස් නායක ඇමති රවුෆ් හකීම් මහතා එක්සත් ජාතික පෙරමුණෙන් ඉවත් කිරීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් තීරණය ක...
එම තීන්දුව අනුව ආසන්නයේදීම පැවති එජාපෙ පක්ෂ නායක හමුවටද ඔහුට ආරාධනා කර නැත.
පෙර කැබිනට් මණ්ඩලයේදී හකීම් මහතා අගමැතිවරයාට දැඩි ස්වරයෙන් බැණ වැදීම හා කැබිනට් හමුවෙන් පසු මාධ්‍ය හමුවේ කල අදහස් දැක්වීමත් හේතුවෙන් මෙම තීරණය ගත් බව වාර්තා විය.
ප‍්‍රසිද්ධියේ සමාව ගන්නා තෙක් හකීම් මහතා නැවතත් එජා පෙරමුණේ කිසිම සාකච්ජාවකට එක් කර නොගැනීමටද තීරණය කර ඇති බව දැනගන්නට ඇත.
කෙසේ වෙතත් ඇමති හකීම් අගමැතිවරයා මුණ ගැසී තම කණගාටුව ප‍්‍රකාශ කර ඇති බව වාර්තා වන අතර ඊයේ දිනයේදී අගමැතිවරයා සමග උත්සව කිහිපයකටද සහභාගී වී ඇත.
COMMENTS