පාතාල කල්ලි නායක මාකදුරේ මදූෂ් විසින් ඩුබායි හී දී සංවිධානය කළ උපන් දින සාදයකට සහභාගී වී සිටියදී එරට පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන රදවා තබ...
පාතාල කල්ලි නායක මාකදුරේ මදූෂ් විසින් ඩුබායි හී දී සංවිධානය කළ උපන් දින සාදයකට සහභාගී වී සිටියදී එරට පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන රදවා තබා ගෙන සිටි තවත් 06 දෙනෙකු අද (17) දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත එවා තිබේ .
ඔවුන් අතර සෙනෙවිරත්න මාවතගේ දයාන් බුද්ධිම පෙරේරා , මොහොමඩ් බදුර්දීන් මොහොමඩ් රියාස් , රණසිංහගේ සුරේෂ් වසන්ත, යොන් මෙරන්ග සයිමන් හේවගේ රෑපදාස , මොහොමඩ් ජබීර් මොහොමඩ් හිබ්‍රේ සහ සමරසිංහගේ නිලාන් රොමේෂ් යන අය සිටිති .
මොවුන් අද (17) අලුයම 5.20 ට ඩුබායි සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 226 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත එවා තිබේ .
මේ වනවිට මොවුන් කටුනායක ගුවන් තොටුපළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු සහ ජාතික රහස් තොරතුරු ඒකකයේ නිලධාරීන් විසින් ප්‍රශ්න කිරීම සදහා රැගෙන ගොස් තිබේ.
(කටුනායක ටී.කේ.ජී.කපිල )
COMMENTS