එක්සත් ජාතික පක්‍ෂ සාමාජිකත්වයෙන් සුජීව සේනසිංහ, අජිත් පී. පෙරේරා යන මහත්වරුන් ඉවත් කිරීමේ ලිපි එජාප මහ ලේකම්වරයා විසින් පක්‍ෂ නායක අගමැ...
එජාප ආරංචි මාර්ග වාර්තා කරන්නේ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා විසින් එම ලිපි ඊටය් පස්වරුවේ අගමැතිවරයා වෙත ලබා දී ඇති බවයි.
මෙම ඇමතිවරුන් දෙදෙනා විනය පරීක්‍ෂණ සදහා කැදවා තිබුණද ඊට සහභාගී නොවීම හෝ හේතු දක්වා නොතිබීම නිසා චෝදනා පිලිගත්තේ යයි සලකමින් දෙදෙනාටම එරෙහිව මෙම බියවර ගෙන ඇත.
මෙම ලිපිය ඉදිරි කෘත්‍යාධිකාරී මණ්ඩලයට යොමු කර සම්මත කර ගැනීමෙන් පසු එම දෙදෙනාගේ එජාප සාමාජිකත්වය් අහෝසි වනු ඇත.
COMMENTS