දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
රුසියානු කලාපයෙන් සංචාරකයන් 2500 ඉක්මවා මෙරටට - ජනවාරියේ සිට ගුවන් තොටුපල විවෘතයි
Homeප්‍රවෘත්ති

රුසියානු කලාපයෙන් සංචාරකයන් 2500 ඉක්මවා මෙරටට - ජනවාරියේ සිට ගුවන් තොටුපල විවෘතයි

PropellerAds

ගු වන්තොටුපල හා සංචාරකයන්ට රට විවෘත කිරීමේ නියමු ව්‍යාපෘතිය අරඹමින් පලමු සංචාරක කණ්ඩායම දිවයිනට පැමිණේ. ඒ අනුව (28) 2.08ට Pq 555 දරණ ස්කයි...

දඹුල්ලේ සංක්‍රාන්ති ලිංගිකයාගෙන් හෙළිවන "නූගත් බව"
"ස්‌පෙවින් සමාගමේ මගේ කොටස්‌ නැහැ" - ඇමැති මලික්‌ සමරවික්‍රම.
සිල්රෙදි නඩුවේ තීන්දුව අද.
ගුවන්තොටුපල හා සංචාරකයන්ට රට විවෘත කිරීමේ නියමු ව්‍යාපෘතිය අරඹමින් පලමු සංචාරක කණ්ඩායම දිවයිනට පැමිණේ. ඒ අනුව (28) 2.08ට Pq 555 දරණ ස්කයි අප් ගුවන් යානයෙන් යුක්රේනයේ කිවී (kiev) නුවර සිට යුක්රේන සංචාරකයෝ 186දෙනෙකු මත්තල ගුවන්තොටුපලින් ශ්‍රී ලංකාවට පැමිණියහ. ඔවුන් අතර යුක්රේන ජාතික ළදරුවන් 20දෙනෙකු පමණ සිටීම ද විශේෂත්වයකි.

දිවයිනට පැමිණි පලමු සංචාරක කණ්ඩායම පිළිගැනීම සඳහා සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග, ගුවන්තොටුපල රාජ්‍ය ඇමති ඩී.වී.චානක, ගුවන්තොටුපල සහ ගුවන් සමාගමේ සභ‍ාපති විශ්‍රාමික මේජර් ජී.ඒ.චන්ද්‍රසිරි ඇතුළු පිරිසක් එක්ව සිටියහ. මත්තල ගුවන්තොටුපල පරිශ්‍රයේ ඔවුන් පිළිගැනීම සඳහා විශේෂ නර්ථනයක් සංවිධානය කර තිබුණේ ශ්‍රී ලංකා තේ මණ්ඩලය විසිනි. පැමිණි සියලුම සංචාරකයින්ට තේ මණ්ඩලය විසින් දේශීය තේ ඇතුලත් ත්‍යාග පාර්සලයක් ද ලබාදුන්නේය. ගුවන්තොටුපල හා ගුවන්සේවා සමාගම පැමිණි සියලුම සංචාරකයින්ට විශේෂ සංග්‍රහයක් ද කළේය.

කොවිඩ් 19 වසංගතය හේතුවෙන් මෙරට ගුවන්තොටුපල වසා දැමුනේ පසුගිය මාර්තු 19 වෙනිදායි. ඒ අනුව පසුගිය මාස 09ක කාලය පුරා මෙරටට කිසිදු සංචාරකයෙකු නොපැමිණි අතර ගුවන්තොටුපල මෙහෙයුම් ක්‍රියාත්මක වූයේ විදෙස්ගත ශ්‍රමිකයන් රැගත් විශේෂ ගුවන්යානා සඳහාත්, ගුවන් භාණ්ඩ ප්‍රවාහනය හා මගී හුවමාරු කටයුතු සඳහාත් පමණි. සිය ජීවනෝපාය අහිමි වීම හේතුවෙන් මෙරට සංචාරක ව්‍යාපාරයේ සෘජු හා වක්‍ර යැපුනු ලක්ෂ 30කට ආසන්න පිරිසක් පීඩාවට පත්වූහ. මේ තත්වය සැලකිල්ලට ගත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අගමැති මහින්ද රාජපක්ෂ, ආර්ථික පුනර්ජීවන කමිටු සභාපති බැසිල් රාජපක්ෂ, සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග යන මහත්වරුන්ගේ විශේෂ මැදිහත් වීම මත සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව ගුවන්තොටුපල හා රට සංචාරකයන්ට විවෘත කිරීමට සැලසුම් කෙරිණ. සංචාරකයින් මෙරට ගෙන්වීම සඳහා සංචාරක සංවිධාන ආයතන 03ක් ඉදිරිපත්ව තිබුණි. ඒ අනුව අගමැති මහින්ද රාජපක්ෂ හා සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග යන මහත්වරුන් රුසියානු සමූහාණ්ඩුවට අයත් රටවල සංචාංරකයන් මෙරටට ගෙන්වා ගැනීම සඳහා ඒකාබද්ධ කැබිනට් පත්‍රිකාවක් ද ඉදිරිපත් කලහ. ඒ සඳහා අනුමැතිය ලබාදෙමින් කැබිනට් මණ්ඩලය තීරණය කලේ සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව එය සිදු කිරීමටයි. එහෙත් කොවිඩ් 19 දෙවන රැල්ල හේතුවෙන් එය තරමක් ප්‍රමාද වුවද සංචාරක ඇමතිවරයා දිගින් දිගටම රජයට කරුණු ඉදිරිපත් කිරීමේ ප්‍රතිඵලයක් ලෙස නියමු ව්‍යාපෘතියක් ලෙස ගුවන්තොටුපල හා සංචාරකයන්ට රට විවෘත කිරීමට තීරණය කෙරිණ. ඊට අඳාලව සංචාරකයන් මෙරටට පැමිණීම සඳහා වීසා අයදුම් කිරීමේ සිට මෙරටට පැමිණ ආපසු සිය රට බලා යාම දක්වා කාලය තුල අනුගමනය කල යුතු සෞඛ්‍ය මාර්ගෝපදේශ සංග්‍රහයක් සෞඛ්‍ය අංශ සකස් කර සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතාට යොමු කල අතර ඇමතිවරයා එය ගුවන්තොටුපල හා සංචාරක සංවර්ධන අධිකාරියේ බලධාරීන්ට යොමුකර තිබේ.

අද (28) දිවයිනට පැමිණි යුක්රේන සංචාරක කණ්ඩායම පැය 72කට පෙර පී.සී.ආර්. පරීක්ෂාවට ලක් කෙරුනු අතර ඔවුන්ට අඳාල හෝටල් වල ලැඟුම් ගැනීමට පෙර තවත් පී.සී.ආර්. පරීක්ෂාවකට ලක් කෙරිණ. ඉදිරි දින 07 තුල ඔවුන්ට යළි පී.සී.ආර්.පරීක්ෂාවක් සිදු කිරීමට සැලසුම් කර තිබේ. ඔවුන් දින 10ක් මෙරට තුල රැඳී සිටීමට නියමිතය. කොග්ගල ප්‍රදේශයේ වෙරලාශ්‍රිත ප්‍රදේශවල ඔවුන් ලැඟුම්ගන්නා අතර එම ප්‍රදේශවාසීන්ට සංචාරකයන් ගැවසෙන ප්‍රදේශ වලට යාමට ඉඩනොලැබේ.

පලමු සංචාරක කණ්ඩායම දිවයිනට පැමිණිමට පෙර මත්තල ගුවන්තොටුපල පරිශ්‍රයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කලේ ජනවාරි 24 දින දක්වා මෙම සංචාරක නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන බවයි. රුසියානු සමූහාණ්ඩුවට අයත් රටවල් වලින් සංචාරකයන් 2580ක් මෙරටට පැමිණීමට නියමිත බවද ඔහු කීවේය. සංචාරක බුබුල (Travel Bubble) සංකල්පය යටතේ සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව එය ක්‍රියාත්මකයි. හඳුනාගත් කලාපයක මෙම අයට නවාතැන් සැපයෙන බවත් ඔවුන් සහ ප්‍රදේශවාසීන් අතර කිසිඳු සම්බන්ධයක් ඇති නොවන පරිදි මෙය සැලසුම් කර ඇති බවත් ඇමතිවරයා කීවේය.

මෙම නියාමන ව්‍යාපෘතියේ සාර්ථකත්වය පිළිබඳ විශ්ලේෂණය කර එහි අඩුපාඩු හඳුනාගෙන ඒවාද නිවැරදි කර ගනිමින් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව ලබන ජනවාරි මස අග දී ගුවන්තොටුපල නිල වශයෙන් යලි විවෘත කිරීමට අපේක්ෂා කරන බවද ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙහිදී කියා සි‍ටියේය. ඒ අනුව වාණිජ ගුවන් ගුමන් ආරම්භ කිරීමට සූදානම් බවද ඔහු අවධාරණය කළේය.

“ සංචාරකයන්ට රට යලි විවෘත කිරීම නිසා විදෙස්ගත ශ්‍රමිකයන් ගෙන්වීමේ කටයුතු අඩාල වන්නේ නෑ. සංචාරකයන් ආවත් අපේ ප්‍රමුඛතාව මව්බිම ඒමට සිටින අපේ ජනතාවටයි.” ඇමතිවරයා කීවේය.

“ ඒ වගේම සංචාරකයන්ට රට නැවත විවෘත කිරීම සමඟ සංචාරක පොකුරු ඇතිවේවි යැයි කිසිවෙකු බිය විය යුතු නෑ. අපි මේ නියාමන ව්‍යාපෘතිය තුල සංචාරකයන් හා අපේ රටේ ජනතාව සම්බන්ධ වීම උපරිමයෙන් අවම කර තිබෙනවා. සංචාරකයන්ට ගැවසිය හැක්කේ අදාල හෝටල් වල හා වෙරල තිරයේ පමණයි. මේ කාලය තුල ඔවුන් සිටින ප්‍රදේශයට මෙරට වැසියන්ට යාමට නොහැකියි. සංචාරකයන් රටින් පිටව ගිය පසු අදාල හෝටල් සේවකයන් දින 14ක් එම හෝටල් වලම නිරෝධායනය කරනවා. ඒ නිසා ඒ ගැන අනියත බියක් ඇති කරගත යුතු නෑ..” ඇමති ප්‍රසන්න රණතුංග මහතා වැඩිදුරටත් කීවේය.

– ප්‍රදීප් අනුර කුමාර


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29279,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: රුසියානු කලාපයෙන් සංචාරකයන් 2500 ඉක්මවා මෙරටට - ජනවාරියේ සිට ගුවන් තොටුපල විවෘතයි
රුසියානු කලාපයෙන් සංචාරකයන් 2500 ඉක්මවා මෙරටට - ජනවාරියේ සිට ගුවන් තොටුපල විවෘතයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiVPMfGKxM2PAJU7NE3NVFfUHv6fEDZ-uTTAz7HOhyphenhyphenzZ6jadUIxfVNRf8aceapzC-yc7MPXP7Wgb79WRczc-Jima2pJ3y7RbjNhU3egAQncLO3czMs4d10pO2u18FcdKZk_aOLVFjzLwxs/s320/airprot.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiVPMfGKxM2PAJU7NE3NVFfUHv6fEDZ-uTTAz7HOhyphenhyphenzZ6jadUIxfVNRf8aceapzC-yc7MPXP7Wgb79WRczc-Jima2pJ3y7RbjNhU3egAQncLO3czMs4d10pO2u18FcdKZk_aOLVFjzLwxs/s72-c/airprot.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/12/2500.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/12/2500.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy