රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය විසින් සිය සාමාජිකයින්ගේ ක්‍රීඩා කෞෂල්‍යයන් ඉහළ නැංවීම අරමුණු කොටගෙන පවත්වන "රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ වා...
ක්‍රිඩා උත්සවයේ මූලික වටයේ තරඟ පසුගිය (06) දින නුවරඑළිය තුරඟතරග පිටියේ දී ආරම්භ විය. දිනය පුරා පැවැති ක්‍රිකට්, බැට්මිටන්, වොලිබෝල්, නෙට්බෝල් ආදී තරඟවලින් අනතුරුව රාත්‍රියේ මියුරු ගී ප්‍රසංගයක් පැවැති අතර, එම අවස්ථාවට ද සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා එක්විය.
පසුගිය දින (07) උදෑසන ක්‍රීඩා උත්සවයේ අවසාන දින සමාරම්භක උත්සව අවස්ථාව පැවැති අතර, එහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා - "මම අද ඉතාම සතුටු වෙනවා රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය තම සාමාජිකයින්ගේ ක්‍රීඩා කෞෂල්‍යයන් ඔප්නැවීම සදහා පවත්වන සංගමයේ වාර්ෂික ක්‍රීඩා උත්සවය පිළිබදව. මෙම ක්‍රීඩා උත්සවය පසුගිය අවුරුද්දේ දී ද මෙම ස්ථානනයේ දී පැවැත්වුනා. ඒ සදහා මටත් සහභාගිවීමට හැකි වුනා. ඊයේ රාත්‍රියේ හෙද හෙදියන් සින්දු කියලා, නටලා විනෝද වුනා. අපිටත් එහෙම දෙයක් බලලා විනෝද වෙන්න හම්බ වෙන්නේ කළාතුරකින්. උදේ ඉදන් රෑ වෙනකන් මැෂින් වගේ දුවන නිසා."
"මමත් වෘත්තීය සමිතිවල අවුරුදු 15 ක් විතර කටයුතු කර තිබෙනවා. එදාට වඩා අද ලෝකය පුරාම වෘත්තීය සමිති ව්‍යාපාර සටන් පාඨ වලින් ඉවත් වෙලා සාකච්ඡා මාර්ගයෙන්, සම්මුතියෙන් සුහදව අයිතිවාසිකම් දිනා ගැනීමට කටයුතු කරනවා. රජයන් විසිනුත් එදා වගේ වෘත්තීය සමිති දෙස වපර ඇසින් බලන් නැතිව වෘත්තීය සමිති සමග වාඩිවෙලා, ඔවුන්ගේ ඉල්ලීම් දිහා සානුකම්පිතව බලා, සාකච්ඡා කරලා සුහදව ඔවුන්ගේ ගැටලු, ප්‍රශ්ණ සහ ඉල්ලීම් ලබාදෙමින් වැඩ කරනවා. අපේ රජයත් 2015 සිට වෘත්තීය සමිති සමග සහයෝගයෙන් කටයුතු කළා. පසුගිය රජයන් වගේ වෘත්තීය සමිති සමග ගැටුනේ නැහැ. වෘත්තීය සමිති මර්දනය කළේ නැහැ.. නමුත් සමහර වෘත්තීය සමිති සීමාව ඉක්කමවා ගිහිල්ලා රජයට එරෙහිව කටයුතු කරන්න පටන් ගත්තා. සමහර වෘත්තීය සමිති දේශපාලන අරමුණු සදහා ක්‍රියා කළා. වත්මන් රජය තමුන්නාන්සේලාගේ වැටුප රුපියල් 10,000 කින් වැඩි කරන කොට මමත් රුපියල් 3,000 ක් වැඩි කළා. රුපියල් 13,000 කින් ඔබලාගේ මාසික වැටුප වැඩි වුනා. 2006 වසරින් පස්සේ කවදාවත් රජයේ සේවකයින්ගේ වැටුප වැඩි වුනේ නැහැ. දීමනා විතරයි ලැබුනේ. එවා විශ්‍රාම වැටුපට ගණනය වෙන්නේ නැහැ. 2020 වනවිට විශාල ලෙස ඔබගේ වැටුප වැඩිවෙනවා. මේ තරම් විශාල වැටුප් වැඩිවීමක් කවදාවත් රාජ්‍ය සේවයේ ලැබිලා නැහැ. රාජ්‍ය සේවකයින්ට අමතරව දුප්පතුන්ට සහණාධාර ලබාදුන්නා. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ද මම එය ක්‍රියාත්මක කළා"
"හෙද සේවයට විශාල ඉතිහාසයක් තිබෙනවා. එදා කිව්වේ "රජකම නැත්නම් වෙදකම" කියලා. වෙද කියලා හැදින්වූයේ වෙද සහ හෙද යන අංශ දෙකම. අපේ රටේ පළමුවැනි රෝහල හැදුවේ අග්බෝ රඡු විසින්. ලෝකයේම පළමුවැනි රෝහල. ඒ අනුරාධපුර රාජධානියේ. පසුව රෝහල් පද්ධතිය දියුණු වුනා. එදා එක රෝගියෙකුට එක හෙදිය ගානේ හිටියා. අද වනතුරුත් ලෝකයේ කිසිම රටකට ඒ ආකාරයෙන් රෝහල් පද්ධතිය දියුණු කර ගැනීමට බැරි වෙලා තිබෙනවා. වෛද්‍යවරයෙකුට හෙදියක් නොමැතිව එම රාජකාරිය කරන්න බැහැ. වෛද්‍යවරයාගේ තීන්දු ක්‍රියාත්මක කරන්නේ හෙදියන් විසින්. රෝගින්ගේ ජිවිත තිබෙන්නේ වෛද්‍යවරයා සහ ඔබලා අතේ. එවැනි ක්ෂේත්‍රයක වෘත්තීය සමිතියක් වශයෙන් රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය වගකීමෙන් යුතුව අපි සමග සාකච්ඡා පවත්වා ඔබලාගේ ඉල්ලීම් ලබාදීමට කටයුතු කළා. මෙම රජය පිහිටුවීම සදහා ද ප්‍රබල දායකත්වයක් දුන්න නායකයෙක් තමයි ඔබලාගේ වෘත්තීය සමිති නායකයා. යහපාලන රජය පිහිටුවීමට කැපවුන පුද්ගලයෙක්. සමහර නායකයෝ වගේ එක එක රැස්වීම් වලට ඔබලාව රැගෙන ගියේ නැහැ. සමහර නායකයින් වගේ පිටිපස්සෙන් ගිහිල්ලා තමන්ගේ සේවක සංඛ්‍යාව පෙන්නලා, විකුණලා අයිතීන් ලබාගන්න ගියේ නැහැ. එමෙන්ම ඔබලාගේ සුබසාධනය, ශාරීරික සුවතාවය සහ හැකියාවන් ඔප් නැංවීමට, පර්යේෂණ, ජාත්‍යන්තර සම්බන්ධතා, ක්‍රිඩා කෞෂල්‍යයන් නැංවීමට වෘත්තීය සමිතියක් විදිහට කටයුතු කළා. මෙවැනි වැඩසටහන් වලින් ඔබලාගේ හැකියාවන් සැමට බලා ගැනීමට හැකි වනවා මෙන්ම ඔබගේ දක්ෂතා පෙන්නුම් කිරිමට මෙය මහගු අවස්ථාවක් ද වෙනවා. ලංකාවේ කිසිම වෘත්තීය සමිතියක් නැහැ තමන්ගේ සාමාජිකයින්ගේ වෘත්තීය අයිතිවාසිකම් සහ සුබසාධනය මෙන්ම මෙවැනි ආකාරයේ සිය සාමාජිකයින්ගේ දක්ෂතා, කුසලතා ඔප්නැංවීමට කැපවී කටයුතු කරන. සෞඛ්‍ය අමාත්‍යවරයා හා රජය විදිහට ඉදිරියටත් ඔබලාගේ කටයුතු සාර්ථක කර ගැනීමට අවශ්‍ය සහයෝගය සහ දායකත්වය අපි නොකඩවා ලබාදෙනවා."
පසුගිය දින (06) රාත්‍රියේ මියුරු ගී ප්‍රසංගයක් ද පැවැති අතර එම ප්‍රසංගය සංගීතවත් කළේ රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ (GNOA) සංගීත කණ්ඩායම විසිනි. ක්‍රීඩා උත්සවය අවසානයේ (07) දින පස්වරුවේ සෞඛ්‍ය අමාත්‍යවරයා අතින් ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් සදහා ත්‍යාග සහ සහතික පත්‍ර ප්‍රදානය සිදු කරන ලදි.
ඊයේ (07) දින පැවැති සමාරම්භක උත්සව අවස්ථාවට සහ ත්‍යාග සහ සහතික පත්‍ර ප්‍රදානෝත්සවය සදහා සෞඛ්‍ය, නියෝජ්‍ය අමාත්‍ය ෆයිසාල් කාසීම් මහතා, රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා, රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය නියෝජනය කරමින් හෙද හෙදියන් ඇතුලු විශාල පිරිසක් එක්ව සිටියහ.
එම්.අයි.ජේ.විජේනායක
මාධ්‍ය ලේකම්
සෞඛ්‍ය, පෝෂණ දේශීය වෛද්‍ය අමාත්‍යාශය
COMMENTS