දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
රන්ජන් පිස්තෝලෙන් වැඩ අරන්- රස පරීක්ෂක තහවුරු කරයි
Homeප්‍රවෘත්ති

රන්ජන් පිස්තෝලෙන් වැඩ අරන්- රස පරීක්ෂක තහවුරු කරයි

PropellerAds

ම න්ත්‍රි රන්ජන් රාමනායක මහතා සතුව තිබී අත්අඩංගුවට ගෙන තිබෙන ගිනි අවියෙන් වෙඩි බෙහෙත් ගඳක් වහනය වූ බව රජයේ රස පරීක්ෂකවරයා එවා ඇති වාර්තාවේ ...

පක්ෂයෙන් යන්නේ මෝඩයෝ කියලා ප්‍රේමදාසමයි කිව්වේ - රනිල්
සම්පත් බැංකුවට අන්තවාදී මෙහෙයුමක්.. බැංකුව අඩපණ කිරීමේ උත්සාහයක්.. ගිණුම් පොත්, චෙක් පොත් පුච්චයි..
මෛත්‍රී ශ්‍රීලනිපයෙන් සමු ගැනීමට සූදානම් වෙයි - මැතිවරණයෙන් පසු ශ්‍රීලනිපයට තරුණ නායකත්වයක්
න්ත්‍රි රන්ජන් රාමනායක මහතා සතුව තිබී අත්අඩංගුවට ගෙන තිබෙන ගිනි අවියෙන් වෙඩි බෙහෙත් ගඳක් වහනය වූ බව රජයේ රස පරීක්ෂකවරයා එවා ඇති වාර්තාවේ සඳහන්ව තිබෙන බව කොළඹ අපරාධ කොට්ඨාසය පෙරේදා (7දා) නුගේගොඩ අතිරේක මහෙස්ත්‍රාත් එච්.යූ.කේ. පැල්පොළ මහතා වෙත දැන්වීය.
අපරාධ කොට්ඨාසය මහෙස්ත්‍රාත්වරයා වෙත ඒ බව දන්වා සිටියේ ඉහත කී ගිනි අවියට අදාළ සිද්ධිය ඊයේ අධිකරණය හමුවේ නැවත කැඳවූ අවස්ථාවේ වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමිනි.

එකී වැඩිදුර වාර්තාව මඟින් කොළඹ අපරාධ කොට්ඨාසය කියා සිටියේ රන්ජන් රාමනායක මහතා සතුව තිබූ ගිනිඅවියෙන් වෙඩි බෙහෙත් ගඳ වහනය වීම පිළිබඳව විමර්ශන සිදුකරන බවත් එකී අවිය භාවිත කර ඇත්තේ කුමන කරුණක් සඳහාද යන්න පිළිබඳව තවදුරටත් විමර්ශන සිදුකරන බවත්ය.

තවද සැකකාර රාමනායක මහතා සතුව තිබී අත්අඩංගුවට ගත් සංවාද ඇතුළත් හඬපට කිහිපයක් රජයේ රස පරීක්ෂකවරයා වෙත යවා ඇති නමුත් ඒ පිළිබඳව රස පරීක්ෂක වාර්තාව මෙතෙක් තම අපරාධ කොට්ඨාසය වෙත ලැබී නොමැති බවත් එය ලද පසුව අධිකරණයට ඉදිරිපත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවද එම අපරාධ කොට්ඨාසය සිය වැඩිදුර වාර්තාව මඟින් අධිකරණය හමුවේ වැඩිදුරටත් පැවැසීය.

තම සේවාදායකයා සතුව තිබූ ජංගම දුරකථනය හා සිම්කාඩ්පත මේ වන විට කොළඹ අපරාධ කොට්ඨාසය භාරයේ තිබෙන බවත් එකී සිම්පතේ අංකයට සමාන සිම්පතක් තමන්ට ලබාදීමට අවශ්‍ය නියෝගයක් ලබාදෙන ලෙස සැකකාර රාමනායක මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ කණ්ඩායම අධිකරණයෙන් ඉල්ලීමක් කළ නමුත් නීතිපතිගේ අවසරයක් නොමැතිව ඊට එකඟ විය නොහැකි බවත් නීතිපතිගේ අවසරය ලබාගෙන ඒ පිළිබඳව ඊළඟ නඩු වාරයේදී අධිකරණයට කරුණු වාර්තා කරන බවද අපරාධ කොට්ඨාසය අධිකරණයට දැනුම්දීම හේතුවෙන් සැකකරුගේ නීතිඥයන් කළ ඉල්ලීම අධිකරණයෙන් ප්‍රතික්ෂේප කෙරිණි.

නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගෙන තිබූ සෝදිසි වරෙන්තුවක් මත ඉහත කී අපරාධ කොට්ඨාසය ඉකුත් ජනවාරි මස 4දා පස්වරුවේ මාදිවෙල පිහිටි මන්ත්‍රිවරයාගේ නිවෙස පරික්ෂා කිරීමේදී එහි තිබී ඉහත කී වලංගු බලපත්‍රයක් සහිත ගිනි අවියක් හා පතරොම් තොගයක් සමඟ මන්ත්‍රිවරයා අත්අඩංගුවට ගෙන  තිබිණි.

එසේ අත්අඩංගුවට ගත් මන්ත්‍රිවරයා ඉකුත් ජනවාරි මස 5දා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදා හැරුණි.

කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නෙවිල් ද සිල්වා මහතා ඇතුළු පිරිසක් පැමිණිල්ල මෙහෙයවූ අතර සැකකාර රාමනායක මහතා වෙනුවෙන් වසන්ත රණසිංහ, ආශා කහවත්ත යන නීතිඥවරු පෙනී සිටියහ.

කුමුදු උපුල් ශාන්ත


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29327,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: රන්ජන් පිස්තෝලෙන් වැඩ අරන්- රස පරීක්ෂක තහවුරු කරයි
රන්ජන් පිස්තෝලෙන් වැඩ අරන්- රස පරීක්ෂක තහවුරු කරයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhvCCzSNklqoegBYczj0g0Sb6s2BRh5i8kCKnnG2YDGz4HptvUGD2mM8TW9fFhEeHCwlly7MAGIQEQfSDeybIR4Im8_tcLSB-Ht162hx1kYJPCYiczTjmq83SvPs8-xRGEenHfpOPFzAN86/s320/ranjan-ramanayake-gun-training.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhvCCzSNklqoegBYczj0g0Sb6s2BRh5i8kCKnnG2YDGz4HptvUGD2mM8TW9fFhEeHCwlly7MAGIQEQfSDeybIR4Im8_tcLSB-Ht162hx1kYJPCYiczTjmq83SvPs8-xRGEenHfpOPFzAN86/s72-c/ranjan-ramanayake-gun-training.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/02/blog-post_542.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/02/blog-post_542.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy