මහියංගණය, වියානා ඇලට මෝටර් රථයක් පෙරලීමෙන් කාන්තාවක් ඇතුළු පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් අතුරුදන්ව සිටි පුද්ගලයාගේ මළ සිරුර අද උදෑසන සොයා ග...
මහියංගණය, වියානා ඇලට මෝටර් රථයක් පෙරලීමෙන් කාන්තාවක් ඇතුළු පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් අතුරුදන්ව සිටි පුද්ගලයාගේ මළ සිරුර අද උදෑසන සොයා ගෙන තිබේ.
ගැමුණුපුර ඇඟලුම් කම්හල ආසන්නයේ තිබී මෙම මළ සිරුර සොයාගත් බව වාර්තා වේ.
මෙසේ සොයාගෙන ඇත්තේ මෝටර් රථයේ ගමන් කළ නිවුන් දරුවන් දෙදෙනාගෙන් එක් අයෙකුගේ මළ සිරුරයි.
එකම පවුලේ මව, පියා සහ ඔවුන්ගේ නිවුන් දරුවන් දෙදෙනා මෙම මෝටර් රථයේ ගමන් කර ඇති බව වාර්තා විය.
මව සහ පියාගේ මළ සිරුරු මෝටර් රථය තුළම තිබී ඇති අතර පිරිමි දරුවන් දෙදෙනාගෙන් අයකු දිවි ගලවාගෙන ඇති අතර අනෙකා දියේ ගිලී අතුරුදන්ව තිබිණි.
මියගොස් ඇත්තේ මහනුවර, දිගන ප්‍රදේශයේ පදිංචිව සිටි 43 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු සහ 40 හැවිරිදි කාන්තාවකි.
COMMENTS