කතානායක කරු ජයසූරිය මහතා හා සජිත් ප්‍රේමදාස මහත්වරුන් අතර පැවැති විශේෂ සාකච්ජාවෙන් පසු සජිත් ප්‍රේමදාස මහතා දැඩි කලබලයට පත්ව සිටි බව දැනග...
ඊයේ කතානායක නිල නිවෙසේ පැවැති මෙම හමුවේදී අගමැතිවරයා ලබා දුන් විශේෂ පණිවුඩයක් කතානායකවරයා විසින් සජිත් ප්‍රේමදාස මහතාට දැනුම් දීමෙන් අනතුරුව හෙතෙම මෙසේ කලබලයට පත්ව ඇති බව පැවසේ.
එහිදී කතානායකවරයා සදහන් කොට ඇත්තේ පක්ෂ නායකයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට තීන්දු කර ඇති බවත්, සජිත් ප්‍රේමදාස මහතාද ඊට ඉදිරිපත් වන්නේ නම් පක්ෂ ව්‍යවස්ථාවට අනුව කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී ජන්ද විමසුමකට යාමට අගමැතිවරයා සූදානමින් සිටින බවත්ය.
කෙසේවෙතත් කතානායවරයා කළ මෙම දැනුම් දීමත් සමග සජිත් ප්‍රේමදාස මහතාගේ මුහුණේ ඉරියව් වෙනස් වී කලබලයට පත්ව ඇත. ඊට හේතුව වී ඇත්තේ තමන්ට අගමැතිවරයා ජනපති අපේක්ෂකත්වය ලබා දෙනු ඇති බවට වූ පූර්ව නිගමනයකට එළඹ මෙම සාකච්ජාවට පැමිණ තිබීම නිසාය.
ඒ අනුව එම සාකච්ජාවෙන් පසුව නැවතත් සජිත් ප්‍රේමදාස මහතා ඊයේ රාත්‍රියේදීම කතානායක කරු ජයසූරිය මහතා සමග තවත් සාකච්ජාවකට එක්ව තිබේ. ඊට අගමැතිවරයාට හිතවත් ප්‍රබල කැබිනට් ඇමැතිවරයකුද සහභාගීව සිට ඇති අතර මෙහිදීද සජිත් ප්‍රේමදාස මහතා උත්සාහ දරා ඇත්තේ කෙසේ හෝ ජනපති අපේක්ෂකත්වය ලබා ගැනීමට නමුත් එහිදීද අවසන් එකගතාවයකට පැමිණ නැති බවක් දැනගන්නට ඇත.
– මව්රට
COMMENTS