දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ශ්‍රී ලංකාවේ සන්නිවේදන පද්ධතියම අවුල් කරන උපකරණ ඕලුවිල් සරසවියට…
Homeප්‍රවෘත්ති

ශ්‍රී ලංකාවේ සන්නිවේදන පද්ධතියම අවුල් කරන උපකරණ ඕලුවිල් සරසවියට…

PropellerAds

රාජ්‍ය ආරක්ෂාවට තර්ජනයක් විය හැකි අධිආරක්ෂිත සන්නිවේදන උපකරණ තොගයක් ආරක්ෂක අමාත්‍යාංශයේ කිසිදු අවසරයකින් තොරව මිලදී ගැනීම සඳහා ඕලුවිල් නැගෙ...

නායේ යෑම් අවධානම නිසා දික්ආරාව පවුල් 30ක් ඉවත් කෙරෙයි!
ඉන්දු ලංකා ගිවිසුමට වසර 30 යි. අපේ ඇතුළු හදට එබී බලමු - ජයදේව උයන්ගොඩ
සියළු පළාත් සභා ඡන්ද විමසීම පැවැත්වීම එක් දිනයකදී
රාජ්‍ය ආරක්ෂාවට තර්ජනයක් විය හැකි අධිආරක්ෂිත සන්නිවේදන උපකරණ තොගයක් ආරක්ෂක අමාත්‍යාංශයේ කිසිදු අවසරයකින් තොරව මිලදී ගැනීම සඳහා ඕලුවිල් නැගෙනහිර විශ්වවිද්‍යාලය විසින් ටෙන්ඩර් කැඳවා ඇත.

අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ඇති ඕලුවිල් සරසවිය විසින් ටෙන්ඩර් අංක SEU/AHEAD/ RAI/ICT/ GOODS‘NCB/2019/07 යටතේ අගෝස්තු මාසයේදී මෙම ටෙන්ඩර් කැඳවීම සිදුකර ඇත. සාමාන්‍ය සන්නිවේදන උපකරණ මිලදී ගැනීමක් ලෙස හැඟවෙන ලෙස මෙම ටෙන්ඩර් කැඳවීම සිදුකර ඇත.

ප්‍රසිද්ධ කරන ලද ටෙන්ඩරය අනුව සැපයුම්කරුවන් කීප දෙනකු ඕලුවිල් වෙත ගොස් ටෙන්ඩර අයැදුම්පත්‍ර ඉල්ලා සිටි විට රුපියල් පන්දහසක මුදලක් අයකර ටෙන්ඩර් ඉල්ලුම්පත්‍ර ලබා දී ඇත. මෙම අයැදුම්වලට අදාළ භාණ්ඩ ලැයිස්තුවට ශ්‍රී ලංකාවේ ඇති සියලුම තරංග ආයාමයන්ට බාධා කළ හැකි Wi-fi-jammers මෙන්ම ඕනෑම (ජංගම දුරකථන ස්මාර්ට් දුරකථන හා ස්ථාවර) දුරකථනයකට සවන්දිය හැකි Programmable Logic Controllers, Wireless Controllers හා Access Point ඇතුළත්ව තිබී ඇත.

එමෙන්ම ශ්‍රී ලංකාවේ ඕනෑම පුද්ගලයකුට අයත් අංකයකින් එම පුද්ගලයා ලෙස එම හඬින් කතා කළ හැකි පහසුකම්ද මෙම උපාංගවල ඇත. එමෙන්ම අපගේ පරිගණක ජාලවලට ඇතුළු විය හැකි High end Computers, Servers හා Tablet උපකරණ ද ඇත.

මෙම උපකරණ අතර ඇති Face Recognition හා Iris Recognition ආරක්ෂක උපකරණ මගින් තෝරාගත් පිරිසකට පමණක් විවෘත විය හැකි ලෙස දොරවල් සකස් කළ හැකි බවද කියැවේ.

මෙම අධි තාක්ෂණික උපකරණ ජාතික ආරක්ෂාවට අතිශය සංවේදී බැවින් මෙම උපකරණ සඳහා ආරක්ෂක අමාත්‍යාංශයේ අවසරය ලබාගෙන ඇත්ද යන්න සැපයුම්කරුවන් ඕලුවිල් බලධාරින්ගෙන් විමසා ඇත. එහිදී ඔවුන්ගේ පිළිතුර වී ඇත්තේ ආරක්ෂක අමාත්‍යාංශයේ අවසරයක් අනවශ්‍ය බවත්, උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ අවසරය ලැබී තිබෙන බවත්ය. රේගුවෙන් නිදහස් නොකළහොත් ගන්නා පියවර කුමක්ද යන්න සැපයුම්කරුවන්ගෙන් විමසූ විට ඔවුහු ප්‍රකාශ කර ඇත්තේ රේගුවෙන් නිදහස් කිරීමේ වගකීම තමන් භාරගන්නා බවයි. එම භාණ්ඩ රාජසන්තක වුවහොත් මුදල් පිළබඳ වගකීම දරන බවද පවසා ඇත.

මේ පිළිබඳ සොයා බැලීමේදී හෙළි වූයේ දැනට පරිගණක උපාධි අධ්‍යාපනය හැදෑරීමේදී තොරතුරු තාක්ෂණ විශේෂ උපාධිය (ITSP) පිරිනමනු ලබන රජයේ විශ්වවිද්‍යාල ඇත්තේ තුනක් පමණක් බවයි. ඒ කොළඹ, කටුබැද්ද (මොරටුව) හා කැලණිය ලෙසය.

සෙසු විශ්වවිද්‍යාලවල එම්අයිටී හෙවත් කළමනාකරණ තොරතුරු තාක්ෂණය (Management Information Technology) නම් සාමාන්‍ය උපාධියක් පමණක් පිරිනමයි. එමෙන්ම අයි.ටී. විශේෂ උපාධිය පිරිනමනු ලබන කොළඹ, කටුබැද්ද හා කැලණිය විශ්වවිද්‍යාලයන්හි ඇත්තේද මෙම උපකරණ එකක් හෝ දෙකක් පමණි.

උදාහරණයක් ලෙස Wi-fi Jammer (වයිෆයි ජැමර්) එකක් බැගින් විශ්වවිද්‍යාල 2-3 ක ඇත. නමුත් ඕලුවිල් බලධාරින් මෙම උපකරණ දුසිම් ගණනින් මිලදී ගැනීමට ටෙන්ඩර් කැඳවා ඇත. එමෙන්ම මෙම මිලදී ගැනීමේ වටිනාකමද රුපියල් කෝටි ගණනක් බව කියැවේ.

– aruna.lk
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ශ්‍රී ලංකාවේ සන්නිවේදන පද්ධතියම අවුල් කරන උපකරණ ඕලුවිල් සරසවියට…
ශ්‍රී ලංකාවේ සන්නිවේදන පද්ධතියම අවුල් කරන උපකරණ ඕලුවිල් සරසවියට…
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgIM_HKON4fDauHpfHM1iCIBYhZBRTfumcuwbgAG83ikPbZ4SVTpbhm3sZMoEZqbCFPpa78FKv67_frDyFep_VHUaeZgghHFjIrjTLyAtXlZ7xL75pvVEUIsvpdlKtCKgDzY1URw201eAwJ/s320/oluvild.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgIM_HKON4fDauHpfHM1iCIBYhZBRTfumcuwbgAG83ikPbZ4SVTpbhm3sZMoEZqbCFPpa78FKv67_frDyFep_VHUaeZgghHFjIrjTLyAtXlZ7xL75pvVEUIsvpdlKtCKgDzY1URw201eAwJ/s72-c/oluvild.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/09/blog-post_369.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/09/blog-post_369.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy