දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
රනිල් - කරූගේ ආශිර්වාදයෙන් රජයක් බිහි කරන බව සජිත් කියයි
Homeප්‍රවෘත්ති

රනිල් - කරූගේ ආශිර්වාදයෙන් රජයක් බිහි කරන බව සජිත් කියයි

PropellerAds

ර නිල් වික්‍රමසිංහ මහතාගේ හා කරූ ජයසූරිය මහතාගේ ආශිර්වාදයෙන් රජයක් බිහිකරන බව එජාප නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. සජි...

කතුන් වද කලේ යයි චෝදනා එල්ල වූ සාෆිට යළිත් වෛද්‍ය රැකියාව ලැබේ !
රන්ජන් එජාපයෙන් එලවන්න තීන්දු කර අවසන්.. බදාදා ඔහු අනිවාර්යෙන් එජාපයෙන් නෙරපනවා - ගාමිණී ජයවික්‍රම
රන්ජන්ගේ හඬපට තොගයෙන් බැදුම්කර රහස් එලියට
නිල් වික්‍රමසිංහ මහතාගේ හා කරූ ජයසූරිය මහතාගේ ආශිර්වාදයෙන් රජයක් බිහිකරන බව එජාප නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

සජිත් ඉල්ලන කුරුණෑගල රැලියට සහභාගි වෙමින් මේ බව සඳහන් කළ සජිත් ප්‍රේමදාස මහතා, වැඩිදුරටත් සිය අදහස් දක්වමින් පවසා සිටියේ,

මම මගේ කාලය ගතකරන්න බලාපොරොත්තු වෙන්නේ මන්දිරවල නොවෙයි ඔබලත් එක්ක රට සංවර්ධනය කරමින්. මම කියන්න කැමතියි මේ රැලිය සංවිධානය කරන්න අපේ සංවිධායකවරුන්ගෙන් විශාල පිරිසක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් විශාල පිරිසක් කටයුතු කළා.

මේ රැලිය කාටවත් විරුද්ධව කරන රැලියක් නොවෙයි. ඒ නිසා මගේ බලාපොරොත්තුව රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාගෙත්, කරූ ජයසූරිය මහතාගේත්, එක්සත් ජාතික පක්‍ෂයේ සෑම දෙනාගේත් ආශිර්වාදය ලබාගෙන එක්සත් ජාතික පක්‍ෂය වෙනුවෙන් හා රට වෙනුවෙන් ජීවිතය පරිත්‍යාග කරපු රණසිංහ ප්‍රේමදාසගේ පුතාට රට ගොඩනගන අවස්ථාව මට එක්සත් ජාතික පක්‍ෂය ලබාදෙයි කියලා මම විශ්වාස කරනවා. ඒ හයිය මට ලබාදුන්නොත්, මම කියන්න කැමතියි මම බියගුල්ලෙක් නොවෙයි, මම නිවටයෙක් නොවෙයි, මම කිසිම දේකට බය නැහැ, මම ඔබලත් සමග අත්වැල් බැඳගෙන අපේ මාතෘභූමිය, අපේ දේශය අපේ මේ රට ගොඩගන්නවා.

බෞද්ධකම තුළ ආගම් භේදයක් නැහැ, ජාති භේදයක් නැහැ, වර්ණ භේදයක් නැහැ, කුල භේදයක් නැහැ, ගෝත්‍ර භේදයක් නැහැ, අද අපි ආරම්භ කරපු ආගමික පුනරුදයට ජනාධිපතිතුමාත් අග්‍රාමාත්‍යතුමාත් සහයෝගය ලබාදෙනවා. ඒ දෙපලගේ ශක්තිය තුළ රටපුරා පිහිටුවා තියෙන ආගමික සිද්ධස්ථාන ගොඩනගන කොට දෙවතාවක් මේ රටේ නායකත්වය දරපු සුපිරි බෞද්ධ කොට්ඨාසයට රිදිලා තියෙනවා.

මොකද අටමස්ථානය දියුණු කරනවා, සොළොස්මස්ථානය දියුණු කරනවා, සංස්කෘතික ත්‍රි‘කෝණය, වයඹ චතුරස්‍රය දියුණු කරනවා, මුළු රටම වෙලාගත් ආගමික සිද්ධස්ථාන ගොඩනගන වැඩපිළිවෙළක් ආරම්භ කරලා තියෙනවා.

ඔබලා දකින්න ඇති බොරු චෝදනා ගොතලා බොරුව මත අසත්‍ය මත විවිධ කරුණු පදනම් කරගෙන ඊයේ දිනයේදී පාර්ලිමේන්තුවට බොරු චෝදනාවක් ගෙනාවා. සජිත් ප්‍රේමදාස සංස්කෘතික අරමුදලේ මුදල් මංකොල්ල කනවා කියලා. මම ඒ අයට කියන්න කැමතියි ඔබලාටත් ඒ කාලයක් තිබුණා මේ රටේ පන්සල් පද්ධතිය දියුණු කරන්න. ඒත් එක චෛත්‍යයක් ඉදිකළේ නැහැ. එහෙම කරන්න සිතුවිල්ලක් තිබුණෙත් නැහැ.

චෛත්‍ය හදන එක නොවෙයි ඒ අය වෙන දෙයක් කළා. ඒ අය පළාත් මට්ටමින් ජනපති මන්දිර ඉදිකළා, ඒවායේ පිහිනුම් තටාක හැදුවා, එ්වායේ කායවර්ධන මධ්‍යස්ථාන හැදුවා. මම එක දෙයක් මේ රටේ ජනතාවට කියන්න කැමතියි සජිත් ප්‍රේමදාසගේ දෑත් හොඳටම පිරිසුදුයි කියලා. මගේ දෑත්වල ලේ තැවරිලා නැහැ. මගේ දෑත්වල හොරකම තැවරිලා නැහැ. මගේ දෑත්වල මංකොල්ලකෑම තැවරිලා නැහැ. අපි මිනීමරුවෝ, කුඩුකාරයෝ, මත්ද්‍රව්‍යකාරයොන්ට රැකවරණය දීලා නැහැ, ආරක්‍ෂාව ලබාදීලා නැහැ, මම කියන්න කැමතියි වැඩි වැඩියෙන් මඩ ගහන්න, වැඩි වැඩියෙන් චෝදනා කරන්න, වැඩි වැඩියෙන් අපහාස කරන්න. මේ වනවිට මම උදේ 4.00ට නැගිටලා රෑ 12.00ට තමයි සංවර්ධන වැඩකටයුතු අවසන් කරන්නේ යනුවෙනි.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: රනිල් - කරූගේ ආශිර්වාදයෙන් රජයක් බිහි කරන බව සජිත් කියයි
රනිල් - කරූගේ ආශිර්වාදයෙන් රජයක් බිහි කරන බව සජිත් කියයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh677efMt3DNyBY7zsLAfs2jk0tDxUEL3-4j3yM5o3qbWpbbnrQSEDj-Q0-Nds35eGFLNtJr-x_7FZEkAmXr-D_IvBMpTpnbkghoaUoIv0NpQx1rWsIp7x_94zXsKz0n_U0OW2ENXIaIGPJ/s320/441328fe155e41143271be46c1b748f1_L.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh677efMt3DNyBY7zsLAfs2jk0tDxUEL3-4j3yM5o3qbWpbbnrQSEDj-Q0-Nds35eGFLNtJr-x_7FZEkAmXr-D_IvBMpTpnbkghoaUoIv0NpQx1rWsIp7x_94zXsKz0n_U0OW2ENXIaIGPJ/s72-c/441328fe155e41143271be46c1b748f1_L.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/09/blog-post_36.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/09/blog-post_36.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy