දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ඕනෑම ජාත්‍යන්තර පරීක්ෂණයකට අපි සූදානම් - යුද හමුදාපති
Homeප්‍රවෘත්ති

ඕනෑම ජාත්‍යන්තර පරීක්ෂණයකට අපි සූදානම් - යුද හමුදාපති

PropellerAds

පසුගිය යුද සමයේදී සිදුවූවා යැයි කියන යුද අපරාධ හෝ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ඕනෑම ජාත්‍යන්තර පරීක්ෂණයක් සඳහා පෙනී සිටීමට තම සෙබළුන් ස...

"අසාද් සාලි අයින් වෙලා නිකන් ඉන්නේ නැහැ දෙනවා වැඩේ" - (video)
"පාලකයෝ අපේ උපදෙස් පිළිපදින්නේ නැත්තම් අපි ආයේ පාලකයන් හමුවෙන්න යන්නෑ" - කාදිනල් හිමි
මීලගට කවුරු ජනාධිපති වුවත් ඔහු රටට ආදරේ නම් මුලින්ම ‘19’ අහෝසි කල යුතුයි - ජනාධිපති
ඕනෑම ජාත්‍යන්තර පරීක්ෂණයකට අපි සූදානම් - යුද හමුදාපති

පසුගිය යුද සමයේදී සිදුවූවා යැයි කියන යුද අපරාධ හෝ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ඕනෑම ජාත්‍යන්තර පරීක්ෂණයක් සඳහා පෙනී සිටීමට තම සෙබළුන් සූදානම් බව යුද හමුදාපති මහේෂ් සේනානායක මහතා පවසයි.

පසුගියදා ඔහු සහභාගි වූ උත්සවයක් අතරතුර මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමින් මේ බව ප්‍රකාශ කර තිබේ.

අවසන් යුද සමයේදී රජයේ හමුදා විසින් යුද අපරාධ සිදුකළ බවට හා මානව හිමිකම් කඩවීම් සිදු වූ බවට දේශීයව හා ජාත්‍යන්තරව චෝදනා එල්ල වී ඇති අතර ඒ සම්බන්ධයෙන් ජගත් මානව හිමිකම් සමුළුවේදීද දිගින් දිගටම කතාබහට ලක් විය.

ඇතැම් පාර්ශ්වය මේ පිළිබඳව ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලා සිටි අතර කෙසේ වෙතත් රජය දිගින් දිගටම ප්‍රකාශ කළේ එවැනි සිදුවීම් සිදුව තිබේ නම් ඒ පිළිබඳව සොයා බැලීම සඳහා දේශීය යාන්ත්‍රණයක් ප්‍රමාණවත් වන බවයි.

මේ අතර හිටපු හමුදාපති අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා ප්‍රකාශ කර තිබෙන්නේ අපරාධවලට සම්බන්ධ හමුදා සාමාජිකයන්ට එරෙහිව නිසි පරිදි නීතිය ක්‍රියාත්මක නොකිරීම නිසා රටම ජාත්‍යන්තරය ඉදිරියේ හෑල්ලු වී ඇති බවයි. විවිධ ජාත්‍යන්තර අතපෙවීම්වලට ලක්වන්නේ ඒ නිසා බව ද ඔහු පවසා තිබෙනවා.

මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් හා යුද සමයේ සිදු වූ සිදුවීම් සම්බන්ධයෙන් 2015 වසරේදී සම්මත කර ගත් ජගත් මානව හිමිකම් යෝජනාවේ ඇතැම් නිර්දේශ ක්‍රියාත්ම කිරීමට රජය තවමත් අසමත් වී ඇති අතර මේ නිසා වහාම ජාත්‍යන්තර පරීක්ෂණයක් පැවැත්විය යුතු බවට වන මතය ශක්තිමත් වී තිබෙනවා.

යුද හමුදාපතිවරයා පවසන්නේ එවැනි පරීක්ෂණයක් සිදු වන්නේ නම් ඊට මුහුණදීමට යුද හමුදාව සූදානම් බවයි. යුද සමයේදී හමුදා සාමජිකයන් අතින් මානව හිමිකම් කඩවීම් හෝ යුද අපරාධ සිදුව නොමැති නිසා එවැනි පරීක්ෂණයක් සඳහා මුහුණ දීම සම්බන්ධයෙන් කිසිදු ගැටලුවක් නොමැති බවයි ඔහු පවසන්නේ.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29284,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ඕනෑම ජාත්‍යන්තර පරීක්ෂණයකට අපි සූදානම් - යුද හමුදාපති
ඕනෑම ජාත්‍යන්තර පරීක්ෂණයකට අපි සූදානම් - යුද හමුදාපති
http://am.lk/media/k2/items/cache/1b413627b5b09d5245b60bc93e5374f2_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/03/blog-post_459.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/03/blog-post_459.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy