දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
"මල් වට්ටියක් අරන් පන්සල් ගානේ ගියාට බෞද්ධයෝ වෙන්නේ නැහැ" - තලතා
Homeප්‍රවෘත්ති

"මල් වට්ටියක් අරන් පන්සල් ගානේ ගියාට බෞද්ධයෝ වෙන්නේ නැහැ" - තලතා

PropellerAds

මල් වට්ටියක් අරන් පන්සල් ගානේ ගියාට බෞද්ධයෝ වෙන්නේ නැහැ යැයි අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය පවසයි. ඒ මහත්මිය මෙම අදහස් පළ කළේ නිවාස ඉදිකිරී...

ඩඩ්ලිගේ වාරය එයි.. වෙලද අමාත්‍යංශයට ගොස් ඇමතිලා, නිලධාරීන් දණ ගස්වයි.. රටට කන්න සහල් රටින් ගෙන්වන්න යයි - (video)
මහ ලේකම් ධුරය අතහැර අකිලත් පැත්තකට වෙයි
ගැසට් කල 20 ඒ ආකාරයෙන්ම පාර්ලිමේන්තු න්‍යාය පත‍්‍රයට ඇතුළු කෙරේ !

මල් වට්ටියක් අරන් පන්සල් ගානේ ගියාට බෞද්ධයෝ වෙන්නේ නැහැ යැයි අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය පවසයි.

ඒ මහත්මිය මෙම අදහස් පළ කළේ නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයකට අනුව දියත් කර ඇති සිසු දහම් සෙවන වැඩ සටහන යටතේ රුපියල් ලක්ෂ 40 ක් වැය කරමින් ඉදි කිරීමට නියමිත බලංගොඩ සමනලගම ශ්‍රී අශෝකාරාම විහාරස්ථානයේ දහම් පාසලට මුල්ගල තැබීමේ උත්සවයට එක්වෙමිනි.

තවදුරටත් අදහස් දැක් වු අමාත්‍යවරිය මෙසේ ද සදහන් කළාය.

"සජිත් අමතිතුමා විහාරස්ථාන මුලික කර ගෙන වැඩ සටහන් කරන්නේ අද ඊයේ නෙවෙයි.විහාරස්ථාන මුලික කර ගෙන සසුනට අරුණ මුළු රටේම සිදු කර ගෙන ගියා.මේ වැඩ පිළිවෙළ විරුද්ධ පක්ෂයේ මන්ත්‍රිවරයෙක් ලෙස කර ගෙන ආවා.පසුගිය දවසක මුළු රටේම චෛත්‍ය 25 ක් ඉදි කරන කටයුතු ආරම්භ කළා.අපි විරුද්ධ පක්ෂයේ හිටපු කාලයේ කරපු ඒවා සමහර අය දන්නේ නැහැ.රජයක් හැටියට කරන දේවල් සමහර අය දන්නේත් නැහැ.එක්සත් ජාතික පක්ෂයට හා රජයට නිරන්තරයෙන් චෝදනා කරනවා අපි බෞද්ධ ආගම ආරක්ෂා කරන්නේ නැහැ බෞද්ධයින් ආරක්ෂා කරන්නේ නැහැ කියලා විහාරස්ථානයට මුල් තැන දෙන්නේ නැහැ කියලා අපේ පක්ෂයේ ප්‍රතිපත්තියක් තියෙනවා.අපේ පක්ෂයේ ප්‍රතිපත්තිය තමයි.ස්වාමීන් වහන්සේලාට දේශපාලනය අකැපයි කියලා ක්‍රියාකාරී දේශපාලනය.කිසිම මැතිවරණයකට නාම යෝජනා ලබා දෙන්නේ නැහැ.ඒකට හේතුවක් තියෙනවා.මේ ස්වාමීන් වහන්සේලාගේ ගරුත්වය මේ දරා ගෙන ඉන්න චීවරයට ලබා දෙන ගරුත්වය බුදුන් වහන්සේ දේශනා කළ ධර්මයට තියෙන ගරුත්වය ආරක්ෂා කරන්න ඕන නිසා.ඒ ස්වාමීන් වහන්සේලාට කිසිම මැතිවරණයකට තරග කරන්න දෙන්නේ නැහැ.ඒක තමයි එකම කාරණය.හැබැයි ස්වාමීන් වහන්සේලාට අවශ්‍ය විදිහට දේශපාලන පක්ෂවලට එකතු වෙලා වැඩ කරන්න පුළුවන්.ඒකට තහංචියක් නැහැ. මේක කරන කොට සමහර අය කථා කරන්නේ අද විහාරස්ථානයක අනුන් හදපු දෙයක් විවෘත කරපුවහම කවුරු හරි ඇවිල්ලා මේ මයික් දෙක තුනක් අල්ලපුවහම ලොකු  ප්‍රකාශ කරන අය ඉන්නවා."

"එදා සජිත් ප්‍රේමදාස මැතිතුමා විරුද්ධ පක්ෂයේ සිටියදී සසුනට අරුණ දියත් කළා.දැන් සංස්කෘතික ඇමති විදිහට එතුමා වැඩ කරනවා.අපි මේ වගේ වැඩ කටයුතු වලට සම්බන්ධ වෙන්නේ මේ දහම් පාසලේ ඇති වටිනාකම දන්න නිසා.අපි බෝඩ් එකට සීමා වෙච්ච බෞද්ධයෝ නොවෙයි.නම ගහ ගන්ඩ විතරක් සීමා වෙච්ච බෞද්ධයෝ නොවෙයි.බෞද්ධ ධර්මය තුළ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළ ජීවත් වෙච්ච පිරිසක් විදිහටයි.මම මේ ටික කිවුවේ නොයෙකුත් මත ගෙනියනවා මැතිවරණයක් ආවහම සිංහල බෞද්ධකම ඉස්සරහට දා ගෙන ගම්වල ජීවත් වන අහිංසක ඔබ ඒකේ ඇත්ත තත්වය දන්නේ නැහැ.අද මේ අලුතෙන් පටන් ගත්ත දෙයක් නෙවෙයි. සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය යටතේ මධ්‍යම සංස්කෘතික අරමුදල සංස්කෘතික ත්‍රිකෝණය හැටියට නම් කලායින් පස්සේ ජේ.ආර්.ජයවර්ධන ජනාධිපතිතුමාගේ කාලයේ ඉදලා ලොකු මුදලක් මේ මධ්‍යම සංස්කෘතික අරමුදලට එනම් අද මේ දහම් පාසල හදන්න වියදම් කරන සල්ලි සතයක්වත් මේ රජයේ සල්ලි නොවෙයි.අපේ රටේ තියෙන පෞරාණික ස්ථාන පුරා විද්‍යා දෙපාර්තමේන්තුව විසින් සංරක්ෂණය කරලා.අපේ උරුමය අපේ සංස්කෘතිය ආරක්ෂා කරන ස්ථාන මේ රටේ තියෙනවා.උදාහරණයක් විදිහට සීගිරිය දඹුල්ල විහාරය අටමස්ථානය පොලොන්නරුව මේ හැම එකකටම විදේශිකයෙක් ඇතුළු වෙන කොට මුදල් දීලා ටිකට් එකක් නිකුත් කරනවා.ඒ මුදල් ගෙවන්න තියෙන්නේ ඩොලර් වලින් ඒ හැම එකක්ම යන අරමුදල තමයි මධ්‍යම සංස්කෘතික අරමුදල කියන්නේ.තව තියෙනවා යුනෙස්කෝ එක එක්සත් ජාතීන්ගේ සංස්කෘතික හා අධ්‍යාපන සංවිධානය ඒකෙන් අපිට ලබා දෙන ඒවා යන්නෙත් මධ්‍යම සංස්කෘතික අරමුදලටයි.මේ මධ්‍යම සංස්කෘතික අරමුදල මේ සිංහල බෞද්ධකම ගැන කථා කරන මහා සිංහලයෝ ඉන්න රටේ 1994 න් පස්සේ පාවිච්චි කළේ නැහැ.ඔන්න ඕක තමයි අපි ඇත්ත තත්වය හැටියට තේරුම් ගන්න ඕන.වෙන අය හදපු පන්සල් වෙහෙර විහාරස්ථාන වලට ගිහිල්ලා විවෘත කරනවා.මේ ගම්වල ඉන්න ප්‍රාදේශීය නායකයෝ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් දහම් පාසල් වලට ලක්ෂයක් දෙකක් දෙනවා.හැබැයි කථා කරන්නේ බෞද්ධ ධර්මයේ අයිතිකාරයෝ හැටියට."

"අපේ අගමැතිතුමාගේ සංකල්පයක් හැටියට 2016 වර්ෂයේ ඉදලා මධ්‍යම සංස්කෘතික අරමුදලෙන් තියෙන මුදල් වලින් රටේ වෙහෙර විහාරස්ථාන තිස් දහසකට අධික සංඛ්‍යාවක් තියෙනවා.ඒ යටතේ විහාරස්ථාන දෙදහස් පන්සීයකට ආසන්න ප්‍රමාණයකට ලක්ෂ පහ දහය වශයෙන් මුදල් වෙන් කරලා තියෙනවා.දැන් අර රටේ රජයේ කුමන්ත්‍රණයක් තිබ්බනේ.රජය පෙරලන කුමන්ත්‍රණයක් ඔක්තෝම්බර් 26 වෙනිදා .ඒ කුමන්ත්‍රණයෙන් පස්සේ පෙරලගන්න බැරි වුණා.ඒ රජයේ ආපහු ඇමති හැටියට දිවුරුම් දෙන කොට සංස්කෘතික ඇමති විදිහට දිවුරුම් දුන්නේ අපේ සජිත් ඇමතිතුමායි. අපේ බෞද්ධ දහම් පාසල්වල වගේ ම ක්‍රිස්තියානී ඉස්ලාම් කිසිම දහම් පාසලක නරක දේවල් උගන්වන්නේ නැහැ.අද පන්සිල් පද පහ හා ධර්මය හරියට අවබෝධ කර ගත්තේ නැති උදවිය.පන්සල්වලට දුව ගෙන ඇවිල්ලා බෞද්ධකම විතරක් ආරෝපණය කර ගන්න උදවිය තමයි අද වැඩියෙන් ඉන්නේ.මේ දේශපාලන අධිකාරිය තුළ මම කියන්න ඕනේ ඒ අය තමයි නියම බෞද්ධයෝ හැටියට ප්‍රතිරූපයක් ගොඩ නගා ගෙන ඉන්නේ .මල් වට්ටියක් අරන් පන්සල් ගානේ ගියාට බෞද්ධයෝ වෙන්නේ නැහැ.මේ බෞද්ධ ප්‍රති පත්ති වසර 2600 ක් පවත්වා ගෙන ආවා වගේම ඉදිරියට අර ගෙන යන්න ප්‍රතිපත්ති හරියට ක්‍රියිත්මක කරන දහම් අධ්‍යාපනයට අවශ්‍ය පහසුකම් ලබා දෙන්න ඕන.සමහර අය ඉන්නවා අනිත් අය ගැන හිතන්නේ නැහැ.ඒකට මුලික හේතුව හරියට ධර්මාවබෝධය නොමැති කමයි.ස්වාමීන් වහන්සේලාට තියෙන සැලකිල්ල ස්වාමීන් වහන්සේලාට තියෙන පැවැත්ම මත තමයි අපේ බෞද්ධකමයි බෞද්ධ ධර්මයයි ආරක්ෂා වෙන්නේ."යැයි ද අමාත්‍යවරිය වැඩිදුරටත් සදහන් කළාය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29284,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: "මල් වට්ටියක් අරන් පන්සල් ගානේ ගියාට බෞද්ධයෝ වෙන්නේ නැහැ" - තලතා
"මල් වට්ටියක් අරන් පන්සල් ගානේ ගියාට බෞද්ධයෝ වෙන්නේ නැහැ" - තලතා
http://am.lk/media/k2/items/cache/a83222b8c3b0c37c1ce0527b5dee33c9_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/03/blog-post_744.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/03/blog-post_744.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy