ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර සන්ධානයක් ඇති කිරීමට සිදුවන සාකච්ඡා අසාර්ථක වුවහොත් තම පක්ෂයට තවත් විකල්ප ගණනාවක් ...
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර සන්ධානයක් ඇති කිරීමට සිදුවන සාකච්ඡා අසාර්ථක වුවහොත් තම පක්ෂයට තවත් විකල්ප ගණනාවක් ම තිබෙන බව ශ‍්‍රීලනිප මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා කියා සිටියේය.
එකඟතාවයකට පැමිණීමට බැරි වුවහොත් පක්ෂය තනිවම තවත් සන්ධානයක් සමග හෝ එකතුව මැතිවරණයට ඉදිරිපත් විය හැකි බවද එසේ නොමැති නම් ජනතා විමුක්ති පෙරමුණ සමග එකතු වී හෝ ඉදිරිපත් විය හැකි බවද ඔහු පැවසීය.
මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේ මාතර දී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග සන්ධානගත වීමට පෙර එහි පොහොට්ටුව දකුණු සම්බන්ධයෙන් එකඟතාවයට පැමිණිය යුතු බව ද ඔහු සඳහන් කළේය.
කෙසේ වෙතත් නැවත එක්සත් ජාතික පක්ෂය සමග එකතු වීමක් කිසිසේත්ම සිදු නොවන බවද ඔහු වැඩි දුරටත් පැවසීය.

COMMENTS