ත මන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව ගෙනයන සටන හේතුවෙන් තමන්ට මරණ තර්ජන එල්ල වී ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි. තම...
තමන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව ගෙනයන සටන හේතුවෙන් තමන්ට මරණ තර්ජන එල්ල වී ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි.
තමන්ට මේ බව බුද්ධි අංශ මාර්ගයෙන් දැනුවත් කර ඇති බවද ජනාධිපතිවරයා පැවසීය.
පොලොන්නරුව සිරිපුර ප්‍රදේශයේ පැවති ඉඩම් ඔප්පු ප්‍රදානය කිරීමේ උත්සවයක් අමතමින් ඔහු මේ බව හෙලි කරන ලදී.
සමාජය තුළ මත්ද්‍රව්‍ය නැති කළ යුතුයැයි මතයක් ඇති ව තිබෙන බවත් තමන් එම සටන ශක්තිමත් කරමින් කුඩුකාරයන්ට මරණ දණ්ඩනය දීමට කටයුතු කළ බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.
ඊට විරුද්ධව පිරිසක් උසාවියට ගොස් මූලික අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීමට පටන් ගෙන ඇති බවත් ජනාධිපතිවරයා එහිදී කියා සිටියේය.

COMMENTS